Slider Area 1

උරුමය Slider Area 2

Slider Area 3

Latest News

දේශපාලන

වීඩියෝ

විශේෂාංග

උරුමය

Friday, November 18, 2016

කෝට්‌ටේ රාජධානිය පෘතුගාලයට පවරා දුන් දොන් ජුවන්ගේ තෑගි ඔප්පුව

අද මල්වාන ගැන ජනතා අවධානය යොමුව ඇත්තේ හිමිකරුවකු ඉදිරිපත් නොවීමෙන් පසු රාජසන්තක කරන ලද අක්‌කර දහ හතක උද්‍යානයක්‌ හා සුඛෝපභෝගී නිවසක්‌ කෙරෙහිය. මින් අවුරුදු හාරසිය තිස්‌හයකට පෙර මෙවැනිම ජනතා අවධානයක්‌ මල්වානට හිමි වූයේ ධර්මපාල රජතුමා හා පෘතුගීසි රජු වූ දොන් හෙන්රික්‌ රජු අතර, අත්සන් තැබූ ගිවිසුමක්‌ කෙරෙහිය. කෝට්‌ටේ හත්වැනි බුවනෙකබාහු (1521 - 1551) සහ සෙංකඩගල මහවැඩ උන්තැන හෙවත් පෘතුගීසීන් විසින් දොන් මැනුවෙල් නමින් හැඳින්වූ කරල්ලියද්දේ බණ්‌ඩාර නොහොත් දෙවැනි ජයවීර (1514 - 1542) දෙදෙනාගේ බිසෝවරුන් වූයේ කීරවැල්ලේ පරම්පරාවේ කුමාරිකාවන් දෙදෙනෙකි. බුවනෙකබාහුට සීතාවක සහ රයිගම සිටි ඔහුගේ සහෝදරයන් දෙදෙනාගෙන් මෙන්ම පෘතුගීසීන්ගෙන් එල්ල වූ තර්ජනයන්ගෙන් බේරී ඔහුගේ රාජ්‍ය අණසක රට පුරාම පතුරා හැරීම දුෂ්කර කාර්යයක්‌ බව පෙනී ගියේය. එබැවින් ඔහුගේ උපාය මාර්ගය වූයේ පෘතුගීසීන්ට නම ඇසීමෙන් පවා බියගෙන දුන් ඔවුන් "කෝට්‌ටේ ව්‍යාඝ්‍රයා, තිඹුලේ බණ්‌ඩාර" නමින් හැඳින්වූ වීදිය බණ්‌ඩාරයන්ට තම එකම දුහිතෘ වූ සමුද්‍රd බිසෝ බණ්‌ඩාර හෙවත් කුරුබිසෝ බණ්‌ඩාර නොහොත් සමුද්‍රdදේවිය නමින් ඉතිහාසය හඳුන්වන කුමරිය විවාහ කොට දීමය. නමුත් බවුනෙකබාහු තම දියණිය බෑණනුවන් වූ ජුගෝ බණ්‌ඩාරයන්ට පාවා දීමට කලක සිට සිතාගෙන සිටියත් වීදිය බණ්‌ඩාර මාලිගය තුළදීම ජුගෝ බණ්‌ඩාර මරා දැමීය. එවකට කෝට්‌ටේ
සංඝරාජව සිටි බුද්ධවංශ හිමියන් විසින් ආශීර්වාදකොට වීදිය සිහසුනෙහි තැබීය. සමුද්‍රdදේවිය බිහිකළ පුතා ලොකු බණ්‌ඩාර ධර්මපාලය. ඔහු පෘතුගීසීන් විසින් හඳුන්වන ලද්දේ ලොකුබණ්‌ඩාර නොහොත් පෙරියබණ්‌ඩාර හෙවත් මහබණ්‌ඩාර නමිනි. (පෘතුගීසි තෝම්බු 9 සිට 24) සමුද්‍ර දේවියගෙන් පසුව වීදිය බණ්‌ඩාර මායාදුන්නේගේ දුව මහටිකිරි බිසෝ බණ්‌ඩාර ද, දෙවැනි ජයවීරගේ දුව ශාන්තනා දේවිය නොහොත් දොaන මාගරිටා ද බිසව් කොටගෙන ඇත. බලය හා පෙළපත ගෙන යැමට එදා මෙන් අදත් ආවාහ විවාහ සිදුවන බව නොකිවමනාය. බුවනෙකබාහු කෝට්‌ටේ රජු ලෙස එදා පෘතුගාලයේ සිටි තුන්වැනි ජෝන් රජු පිළිගැනීමට සූදානම් බවට සංදේශයක්‌ ඔහුගේ රාජසභාවේ සිටි බ්‍රාහ්මණයකු වූ පණ්‌ඩිත අත 1543.03.12 දින පිටත් කර යෑවීය. එම දූත පිරිස එදා අවුරුද්දක වයසේ සිටි ධර්මපාල කුමරුගේ ඇත්දළෙන් නිම කර රිදීයෙන් ද හිස කොටස රනි න් ද ආලේපිත පිළිරුවක්‌ ද රැගෙන ගොස්‌ ඇත. දොන් ජුවන් නමින් බෞතීස්‌ම කරන ලද්දේ එම පිළිරුවයි. එදා ගෝවට ගිය දූත පිරිස වූයේ දොන් ජාවෝ ද බ්‍රිටෝa කොරයා, පරිවර්තක ඇන්ටෝනියෝ පෙරෙයිරා හා ආරක්‌ෂක ප්‍රැන්සිස්‌ සූසා ද තවරාසා ද විය. ධර්මපාල රජකම හෙබවූයේ 1590 - 1597 දක්‌වා කොළඹ සිටය. ඇතැම් දේශපාලනඥයන් ප්‍රකාශ කරන පරිදි මල්වානේ ගිවිසුම රට පාවා දීමේ ගිවිසුමක්‌ නොව අද ව්‍යවහාරයෙන් ගත් කල රාජ්‍ය තාන්ත්‍රික අවබෝධතා ගිවිසුමකි. ලොකුබණ්‌ඩාර (ධර්මපාල) කෝaට්‌ටේ රජු නිසා ඔහුට රටේ වෙනත් කොටස්‌ ගිවිසුමට ඇතුළත් කිරීමට නොහැකි විය. සිය නැන්දණිය වූ කුසුමාසන දේවියට අයත් ඌව වෙල්ලස්‌ස ඇතුළු සෙංකඩගල රාජ්‍යය හෝ
උඩරට ඉදිකිරීම් කටයුතු කරන පෘතුගීසීන්
සිය සොයුරු විජයපාල සටන් මෙහෙය වූ යාපනේ රාජ්‍යයට අත තබා නැත. සිය එක්‌කුස උපන් සහෝදරය වූ
මායාදුන්නගේ දෙවැනි දුව කුඩා ටිකිරි බිසෝ බණ්‌ඩාර පාවාගෙන සිටි විජයපාල කුමරු එවකට සටන් මෙහෙය වූ යාපනේ රාජ්‍යයට ද අත තැබුවේ නැත. ඒවා නිදහස්‌ රාජ්‍යයන් සේ තිබීමට ඉඩ හැර ඇත. විජයපාල 1555 දී නල්ලූර්හි සටන් බිමේදීම මිය ගියේය. බලය පරම්පරාවෙන් ආ උරුමයක්‌ වෙතත්, ජනතාවගෙන් ලබාගත්තත් එය ලබාගත් අය බලය තමාගෙන් ගිලිහී යා නොදී රැක ගැනීම සඳහා කැපවන බව ඉතිහාසය අපට කියා දෙන පාඩමයි. නූතන ලංකාවේ ද බලය ලබාගත් අය නොයෙක්‌ ගිවිසුම් පොරොන්දු උපක්‍රම යොදා බලය රැකගන්නා බව අප දැක ඇත. ඇතැමුන් පවසන අන්දමට මල්වානේ ගිවිසුම රට පාවාදීමක්‌ නම්, රජය පවත්වාගෙන යැමට එදා පැවති අවිනිශ්චිත හා අනාරක්‌ෂිත තත්ත්වයට මුහුණ දීමට දහතුන්වැනි සංශෝධනය ගෙන ආ පාලකයනුත් දහතුනට ප්ලස්‌


(13 Ý) දෙනවා කියා බලය ලබාගත් හා රැකගත් නායකයනුත් දොන් ජුවන් ධර්මපාලලා ද? බොහෝ අය කියවා හෝ දැසින් දැක නැති පෘතුගීසි භාෂාවෙන් ලියා ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇති මල්වානේ ගිවිසුමේ සිංහල පිටපතක්‌ පාඨකයන්ගේ දැන ගැනීම සඳහා මේ සමඟ ඇත. ගිවිසුමෙන් දේශපාලන වාසි හා ගැලරියෙන් ඔල්වරසන් හඬ නන්වන අයටත් මෙය කියවා බැලීමට ඇරයුමක්‌ කරමි.

දොන් ජුවන් ධර්මපාලගේ තෑගි ඔප්පුව

මෙහි පහත පළවෙන ලිපිය වනාහි පැරැණි පෘතුගීසි ඔප්පුවක සිංහල පරිවර්තනයයි. ඒ ඔප්පුව රිබෙයිරෝ නමැති ප්‍රතිකාල් ග්‍රන්ථ කර්තෘවරයා විසින් ලක්‌දිව ගැන ලියන ලද ඓතිහාසීය සටහන්වල අවසානයෙහි දක්‌වා තිබේ. රිබෙයිරෝගේ ඒ ග්‍රන්ථය පෘතුගාලයේ ලිස්‌බන් නුවර "ඇකඩැමියා රියල්ඩෑස්‌ෂයන්ෂියස්‌" නමැති විද්‍යාලය මඟින් 1836 දී මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කරන ලදී.

ලක්‌දිව රජතුමාගේ අන්තිම කැමැත්ත වශයෙන් සාදන ලද ඒ ඔප්පුව ගැන රිබෙයිරෝ විස්‌තරයක්‌ ද දක්‌වා තිබේ. ලංකාවේ සිංහාසනය එවකට දැරූ රාජයා වන දොන් ජුවන් ඔහුට අයත් සියලුම දේපළවලට ඔහුගෙන් පසු ප්‍රතිකාලයේ රජු උරුමක්‌කාරයා කොට තැබූයේ යෑයි රිබෙයිරෝ කියයි. සිංහල නරවීරයාගේ ඒ නියමයේ හැටියට ලක්‌දිව මුළු පාතරටටම අසහාය ස්‌වාමිකම ප්‍රතිකාල් රජුට අයත් කරන ලද බැව් පෙනේ. දොaනා කත්රිනා නමැති සිංහල රජ බිසොවට සෙංකඩගල නුවර සහ ඌව දිසාව ද අයත් කරන ලදී. එවකට යාපා පටුනු රාජ්‍යය එහිම රජකු විසින් අනුශාසනා කරන ලද්දේ විය. මෙසේ පෘතුගීසීන්ට සිය රජය භාර දුන් රජුගේ නම ඒ ලියවිල්ලෙහි සඳහන් වී තිබෙන්නේ "පෙරියපන්ඩාර" යනුවෙන්. මෙය දෙමළ පරිවර්තකයන් විසින් කරන ලද පෙරළීමකැයි සිතිය හැක.

තෑගි ඔප්පුව

දෙවියන් වහන්සේගේ නාමයට ගෞරව වේවා

සියලු දෙනාම මෙයින් දැනගත යුතුයි

අපගේ ස්‌වාමි දරු වූ ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උත්පත්ති වර්ෂයෙන් 1580 ක්‌ වූ මේ වර්ෂයෙහි අගෝස්‌තු මස 12 වැනි දා ලංකාද්වීපයේ කොළඹ නම් නගරවරයෙහි කොටුව තුළ දොම් ජෝම් නමැති මහෝත්තම කුමාරයාණන්ගේ වාසභවනයෙහි දී ශ්‍රී ලංකා රාජ්‍ය ශ්‍රී පදප්‍රාප්ත යන අර්ථයෙහි තද්භව ප්‍රකෘතියකි. තීර්ථාර්ථයෙනි වූ කලී නිෂ්පන්නයයි සලකනු ලැබේ. තීර්ථයට නම් වූ එබඳු ආසන්න රූප ඇති ශබ්දයක්‌ මාතෘභාෂාවල නොලැබෙන හෙයිනි. මෙයින් සැලකිය යුත්තේ නිsෂ්පන්නයෑයි වෙන්කරනු ලබන බොහෝ ශබ්දයන් මාතෘභාෂාගත ශබ්දයන්ගේ මිශ්‍රත්වය මුළුමනින් නොලබන්නන් නොවන බවත්, මාතෘභාෂාගත ශබ්දයෙහි නොලැබෙන අර්ථයක කිසියම් හේතු විශේෂයක්‌ ඇසුරුකොට නිපන් බවත්ය. මේ හැර නිරුක්‌තිය නොසෙවිය හැකිසේ බිඳී නිපැයුණු ශබ්ද ද නිෂ්පන්න සංඛ්‍යයෙහිලා ගණනු ලැබෙත්.
 කුසුමාසන දේවිය සහ පෘතුගීසීන්

ලොකු බණ්‌ඩා (පෙරිය පණ්‌ඩාර්) නමින් යුතු මහ රජාණන් වහන්සේ එකී කොළඹ නගරයෙහි මහා රජ ස්‌වාමීන් වහන්සේගේ ඔප්පු තිරප්පු පිළිබඳ ප්‍රසිද්ධ නොතාරිස්‌ නිලය දරන ඇන්ටෝනියෝ රිබෙයිරෝ නමැති මා අමතා මෙහි මතු සඳහන් වන නම් ඇති සාක්‌ෂිකාරයන් ඉදිරිපිට දී මෙසේ ප්‍රකාශ කර වදාළසේක.



මගේ මුත්තණු වූ ලංකා රාජ්‍යශ්‍රි පද ප්‍රාප්තව ස්‌වර්ගත භුවනෙකබාහු මහා රාජෝත්තමයාණන් වහන්සේට පුතුන් නොසිටි බැවින් ද ඒ මහරජතුමන් වහන්සේ ස්‌වකීය ජීවිත කලය තුළ දී මා තමන් වහන්සේගේ පුත්‍රයකු සහ උරුමක්‌කාරයා මෙන් ඇතිදැඩිකරගත් බැවින් ද ප්‍රතිකාලයේ සිංහාසනාරූඪ ශුද්ධ නාමධාරී තුන්වැනි දොම් ජෝම් නරෙශ්වරයාණන්ගේ බලය පිට ලක්‌දිව රාජ්‍ය ශ්‍රී සම්පත්තියට මම පැමිණියෙමි. දැනට අත්හැර දමන ලද ප්‍රධාන අගනුවර වූ කෝට්‌ටේ රාජධානිය ද මගේ මුත්තණු වූ එකී භුවනෙකබාහු මහ රජතුමාණන් වහන්සේට මෙන්ම මට ද අයිති විය යුතු නමුත් සීතාවක රජු වූ මායාදුන්නේ සහ ඔහුගේ පුත්‍ර රාජු නමැත්තාත් දුෂ්ට ලෙස සහ නීති විරෝධී ලෙසත් මේ කොළඹ නගරය හැර මට අයත් සෙසු සියලු රාජධානි අවුරුදු කීපයකට පෙර අල්ලා ගත්හ. ඒ කොළඹ රාජධානිය පවා ආරක්‌ෂාකර දෙන ලද්දේ ස්‌වකීය ප්‍රතිරාජවරුන් සහ කපිතාන්වරුන්ගේ මාර්ගයෙන් ප්‍රතිකාල් රජදරුවන් විසිනි. ඉහත කී රාජධානි ද මට ආපසු ලබදීමට මේ ප්‍රතිරාජවරු සහ කපිතාන්වරු සියලු කල්හිම උත්සාහ කරන නමුත් එතුමන්ලාට වෙනත් සංග්‍රාමවලට මුහුණ පාන්නට වී තිබෙන නිසා එය තවම කරගත නුහුණේය. එයට බාධා ඇති කරන තවත් කරුණක්‌ නම් ඉන්දියාවේ තත්ත්වය මහත් පිරිහීමට ද දිළිඳු බවට ද පැමිණ තිබීමයි. ඉහත කී සිංහල මහරජු මා දැනට මහලුව ජරාජීර්ණව සිටින හෙයින් ද මට අයත් රාජ්‍යසම්පත්තිය මගේ ඇවෑමෙන් හිමිවීම පිණිස මට පුතකු හෝ උරුමක්‌කාරයකු නැති බැවින් ද ප්‍රතිකාලයේ රජදරුවන්ගෙන් මට ලැබුණු උදව් උපකාරවලට මා ඒ මහරජවරුන්ට ණයගැතිව සිටිනා බැවින් ද විශේෂයෙන්ම එතුමන්ලා විසින් ලියවිලිවලින් අවවාදානුශාසනා කළ කාරණය පමණක්‌ නොව ශාන්ත ප්‍රැන්සිස්‌ පන්තියේ පියවරුන්ගෙන් උපදෙස්‌ ලැබීමට කියා තිබුණෙන් මට ශුද්ධවූ කතෝලික භක්‌තිය වැළඳ ගන්ටත් එහි ආලෝකයත් ඥනයත් ලබාගන්නටත් අවකාශ ලැබුණෙන් එයින් මට දෙවියන් වහන්සේගේ මහනුකම්පාව ලැබී මගේ ආත්මය ගලවා ගන්නට හැකිවන බැව් විශ්aවාස නිසා මා එය ලෞකික වූ සියල්ලටම වඩා උසස්‌කොට සලකන බැවින් ද, ඒ හැර එකී රජදරුවන්ගේ ප්‍රතිරාජවරු කපිතන්වරු ආදී නියෝජිතයන් ස්‌වකීය භාණ්‌ඩාගාරයෙන් වන මහත් වියදමක්‌ කපිතන්වරු සහ වෙනත් පෘතුගීසීන් බොහෝ දෙනා විනාශ වී යැමක්‌ නොතකා මගේ සතුරන් වූ මායාදුන්නේ සහ රාජු ආදීන් සමග යුද කිරීමෙන් මගේ රාජකීය අයිතිවාසිකම් රැක දෙන්නට ස්‌වකීය රජුන්ට දක්‌වන සියලු ගරුබුහුමන්ම මට දක්‌වමින් උත්සාහ කරන බැවින් මා එකී ප්‍රතිකාල් රජදරුවන්ට වැඩිදුරටත් ණයගැතිව සිටින බැවින් ද, මේ සියලු කාරණයන් නිසාද වෙනත් සැලකිය යුතු දේවල් නිසාද දැනට ප්‍රතිකාලයේ සිංහාසනාරූඪව රජ කරන දොම් හෙන්රික්‌ මහරජාණන්ට සහ ඔහුගෙන් පසු සිංහාසනය ලබන රාජ පරම්පරාවටද මගේම තනි නිදහස්‌ කැමැත්තෙන් හොඳ හිතින් මට අයත් සියලුම රාජධානි සම්පූර්ණයෙන්ම තෑගිකොට දීමට මම අධිෂ්ඨාන කර ගත්තෙමි. එබැවින් මම ඒ රාජධානී එකී ප්‍රතිකාල් රජදරුවන්ට මෙයින් ත්‍යාග කොට නියම වූ සියලු අයිතිවාසිකම් එකී දොම් හෙන්රික්‌ මහරජු සහ ඒ රජු ඇවෑමෙන් සිංහාසනයට හිමිවන සියලු රජදරුවන්ට ද මගේ මරණින් පසු ලැබෙනසේ පවරා දෙමි. තවද එකී මා අයත් රාජධානි මා විසින් මෙතෙක්‌කල් භුක්‌තිවින්දාක්‌ මෙන්ද මගේ මුත්තණුවූ ද භුවනෙකබාහු මහරජාණන්ගේ ඇවෑමෙන් මට අයිතිවූවක්‌ මෙන්ද එකී පෘතුගීසි රජදරුවන්ට නියත ලෙසට පැවරෙන්නාහ. ඒ රජදරුවන්ට හැකි නම් ඊටත් වඩා හොඳින් මේ රාජධානි අයත් කරගෙන ඔවුන්ගේම දෙයක්‌ මෙන් මනාපයක්‌ කර ගැනීමට හැකි ලෙසද, දැනට නීති විරෝධී ලෙස එකී රාජධානි අල්ලාගෙන සිටින ඒ හතුරන්ගේ බලය එකී රාජධානී මේ තෑගි ඔප්පුවෙන් නැතිකොට මේ දිවයිනේ පෙර සිටි රජදරුවන් අභිභවා කෝට්‌ටේ රජුන් විසින් එකී රාජධානිවල ස්‌වකීය බලය පතුරවාගෙන සිටියාක්‌ මෙන් එකී ප්‍රතිකාල් රජවරුන්ට ද නීත්‍යනුකූලව සතුරන් සමඟ යුදකොට ඒ රාජධානි අයිතිකරගත හැකිවන ලෙසද පවරා අයිතිකොට දෙමි.

මගේ මේ කැමැත්ත මේ දායාදය හැම අයුරින්ම හැම දෙනා විසින් ම කිසිම විරුද්ධත්වයක්‌ නැතිව සම්පූර්ණ කළ යුතු බවද මෙහි යම්කිසි වරදක්‌ පාඩුවක්‌ වේ නම් එය මගේ රාජ බලයෙන් එය නිවැරැදිව සම්පූර්ණ වන බවද, මගේ සතුටට කැමැත්තටත් අනුව සෑදූ එකම ඇස්‌තමේන්තු ලියවිල්ල මෙය බැව් ද ප්‍රකාශ කරනවත් හැර මේ මගේ කැමැත්ත සියලුම නීතීන් අයිතිවාසිකමුත් සිරිත් විරිතු=ත් මෙන්ම වලංගු වෙනවාත් සමග සියල්ලන් විසින්ම සම්පූර්ණ කළ යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කරමි.

ඉහත සඳහන් ලියවිල්ල මෙහි පෙර කී නම් ඇති නොතාරිස්‌ තැන වන මම මගේ මීට පෙර ලියන ලද පිටපත් සටහන් ඇති මේ පොතෙහි ලියුවෙමි. එකී තෑගි ඔප්පුව සම්පූර්ණ විශ්වාසයෙන් ද සම්පූර්ණ ගෞරවයෙන් ද සියල්ලන් විසින් සැලකිය යුතුය. එසේම සියලු දෙනාම එකී තෑගි ඔප්පුවේ සඳහන් කරනු ඒ ආකාරයෙන්ම හෝ හැකිනම් ඊටත් වඩා හොඳින් හෝ සම්පූර්ණ කළයුතුවා මෙන්ම අන්‍යයන්ලවාද සම්පූර්ණ කරවිය යුතුය. මේ තෑගි ඔප්පුවට ඇතුළත් සියල්ලම එකී මහරජාණන් වහන්සේ විසින් සඳහන් කරන ලද්දේ තමන් වහන්සේගේ ආත්මයේ ශුභ සිද්ධිය පිණිස සහ සියලු දෙනාම අපගේ ස්‌වාමිදරු වූ දෙවිතුමාණන් වහන්සේට සේවය කළ යුතුය යන තමන් වහන්සේගේ වැටහීමේ බර අඩුකර ගැනීම පිණිස බවද නමුත් මේ කරන ලද ක්‍රියාව තමා විසින් කළයුතු දෙයට වඩා බොහෝ ස්‌වල්ප බවද,....
 දොන් ජුවන් ධර්මපාල රජගේ අත්සන

කෝට්‌ටේ
ප්‍රකාශ කරන ඒ නරශේ්‍රෂ්ඨයාණන් ඉහත කී දොම් හෙන්රික්‌ ප්‍රතිකාල් මහරජාණන්ගෙන් සහ එතුමගේ ඇවෑමෙන් රාජ්‍යපාද ප්‍රාප්තවන ප්‍රතිකාල් රජදරුවන්ගෙන් ද බැගෑපත්ව ඉල්ලා සිටින දෙය නම් මේ තෙස්‌තමේන්තු ඔප්පුව එකී ප්‍රතිකාල් රජවරුන්ගේ අධිකරණ නායකවරු හෝ එවැනි යතුකම් ඇතිවන යම් මුලාදැනීන් හෝ අතට පමුණුවා ඒ ඔප්පුවෙහි සඳහන් හැම දෙයම හැම දෙනාම ලවා සම්පූර්ණ කරවන්නට කටයුතු සලසන ලෙසටයි. ඉහත සඳහන් කළ කරුණු නිසා තමන් වහන්සේ විසින් මේ ඔප්පුව ලියවූ බව සලකා එහි සඳහන් කිසිදු කරුණක්‌ සම්පූර්ණයෙන් හෝ කොටසක්‌ හෝ සැක කටයුතු බවට නොපිළිගෙන එහි කිසිදු අමුතු විශේෂයක්‌ ද නොකොට එයින් පවරා දෙන ලද අයිතිවාසිකම් එසේම බැව් පිළිගෙන ඉහත සඳහන් අයුරු තමන් වහන්සේගේ කැමැත්ත සිදුවන පිණිස, එය සත්‍ය ලෙස පිළිගන්නා මෙන් ඉහත කී (තෑගි දීමනාකාර) මහරජාණන් වහන්සේ කියා සිටින සේක. ඒ සමගම යථෝක්‌ත රජතුමා ඉතා කීකරු පුත්‍රයකු මෙන් රෝමයේ ශුද්ධ අපෝස්‌තුළුවරයන් වහන්සේට ද අපගේ පෝප්තුමාණන් වහන්සේටද යටහත්ව කියා සිsටින්නේ තමා මේ පරිත්‍යාගය ඉතා පිරිසිදු හිතින් කරන බව සහ අපෝස්‌තුළුවරයන්ගේ ආඥාව සම්පූර්ණයෙන් පිළිගන්නා බවද වේ. එපමණක්‌ නොව තමන් වහන්සේගේ මරණයෙන් පසු මේ ඔප්පුවෙහි සඳහන් සියලු දෙයම සම්පූර්ණ කරන ලෙසද රජතුමා ඉල්ලා සිටී.

ඉහත කී නරදේවයන් වහන්සේගේ අණ පරිදි මා විසින් ලියා පිළියෙල කරන ලද මේ තෑගි ඔප්පුවට මහරජතුමාණන් වහන්සේ පහත සඳහන් සාක්‍ෂිකාරයන් ඉදිරිපිටදී ස්‌වකීය රාජ මුද්‍රd අස්‌සන තැබූ බව ඉහත නම් සඳහන් නොතාරිස්‌තැන වූ මම මෙයින් සහතික කරමි.

මීට සාක්‍ෂි -

දැනට ඉහත කී නගරයෙහි සාන්ත අන්තෝනි පූජා කාලයේ කන්‍යාරාමයෙහි භාරකාර තැනවූ ප්‍රේසෙ බැස්‌ටියන් ඩිවාව්ස්‌ පියතුමා,

එහිම විකාර්තැන වූ මැනුවෙල් ලුයිස්‌ පියතුමා,

මේ දිවයිනේ මහෙස්‌ත්‍රාත්තැන වූ ඇස්‌ටෝමි පිගේරා විඩොවර්,

පේරෝ ජෝර්ඡ් ප්රෑන්කෝ විනිශ්චයකාරතුමා,

කොළඹ පදිංචි අන්තෝනියෝ ලොරැන්සෝ,

ඉහත කී මහරජතුමන්ගේ මහ ගබඩා නිලමේ සහ දිසාපති තැන්පත් දොම් ස්‌ටීවන් මුදලි,

රජ වාසල නිලමක්‌කාර දොම් ඇන්ටම් මුදලි,

ඇන්ඩ්‍රැ බේජම් මුදලි,

දොම් ප්‍රන්සිස්‌කෝ ඇන්රීකස්‌ මුදලි

මෙකී සාක්‍ෂිකාරයන් ඉදිරියේ සහ ඉහත කී මහ රජතුමාණන් වහන්සේ ඉදිරියේද මේ ඔප්පුව කියවා තෝරාදුන් රජතුමාණන් වහන්සේගේ භාෂා පරිවර්තක මුදලි තැන්පත් දොම් ප්‍රනාන්දු මුදලි

රජතුමාගේ ලේකම් තැන සහ විනිශ්චයකාර තැනවූ ලොරැන්සෝ ප්‍රනාන්දස්‌,

අපේ මහ රාජෝත්තමයාණන් වහන්සේගේ නාමයෙන් එකී පරිත්‍යාගය පිළිගෙන වදාළ අප රජතුමාණන්ගේ වාසල නිලකාර තැන වූ කපිතන් මැනුවෙල් ද සෝසා

මේ තැන ඔප්පුව අත් අකුරෙන්ම පිටපත් පොතේ ලියා ඉහත කී මහරජාණන් වහන්සේ සහ සාක්‍ෂිකාරයන් ලවා අත්සන් කරවාගත් නොතාරිස්‌ තැනවන මම එයින් මෙය පිටපත් කොට විශ්වාස ආකාරයෙන් මනා ලෙස පිළිවෙල කොට අපගේ ස්‌වාමි වූ මහ රජාණන් වහන්සේගේ සහ එතුමාගෙන් පසු රාජ පදවියට පත්වන රජදරුවන්ගේද නාමයෙන් එය වැඩිදුරටත් පිළිගෙන මගේ ප්‍රසිද්ධ මුද්‍රdව තබා අත්සන් කළෙමි.

(ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත වූ 1930 මාර්තු 30 ඉරිදා පළවූ සිළුමිණෙහි 1 වන ඛාණ්‌ඩය 01 වන පත්‍රයෙන් උපුටා ගන්නා ලදී.)

ඇස්‌. බී. කරල්ලියද්ද

Saturday, November 12, 2016

බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරයාට රස්‌සාව නැති කළ 1915 මරක්‌කල කෝලාහලය

වෙඩිතබා මැරූ සිංහලයන් දහසකට වැඩියි
මුස්‌ලිම්වරු විසිපහක්‌ මරුට 
පල්ලි අසූහයක්‌ ගිනිබත්
වසර 2500 ක සිංහල බෞද්ධ ඉතිහාසයක්‌ ඇති ශ්‍රී ලංකාවට වර්ගවාදී හෝ ජාතිවාදී අතීතයක්‌න් නැත. දෙමළ රජවරුන් ලංකාව ආක්‍රමණය කළ විට එයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම යනු ජාතිවාදයක්‌ නොව ආක්‍රමණිකයාට විරුද්ධ වීමකි. පෘතුගීසි, ලන්දේසී, ඉංගීS්‍රසි යන ජාතීන් මේ රට ආක්‍රමණය කළ විට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම කිසිදු ආකාරයක ජාතිවාදී ස්‌වරූපයක්‌ ගත් බවට සාක්‍ෂි නැත. බුද්ධාගම වැළඳගත් සැනින් සිංහල ජාතියට අවශෝෂණය වී රට පාලනය කිරීමට කන්ද උඩරට සිටි දෙමළ රජවරුන්ට අවස්‌ථාව ලැබිණ. අවරුදු 2500 ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවෙන් ජාතිවාදී කෝලාහලයක්‌ වාර්තා වූ මුල් අවස්‌ථාව 1915 දී නුවරදී හටගත් 'මරක්‌කල කෝලාහලයයි' ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කොලනියක්‌ වීමට පටන් ගත්තේ 1802 ජනවාරි 01 වැනිදා ය. එංගලන්තයේ තුන්වැනි ජෝර්- රජුගේ ඉංගී්‍රසි හමුදාව, තමිල්නාඩුවේ සිට පැමිණ කන්ද උඩරට පාලනය කරමින් සිටි 'ද්‍රවිඩ' භාෂාව කතා කළ නායක්‌කර් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ අත්අඩංගුවට ගැනීම සඳහා 1817 - 1818 කාලයේදී කළ මෙහෙයුමට මෙරට සිටි මුස්‌ලිම් ජනතාව සහය පළ කළේය.(1) 1815 වන විට ලංකාවේ වෙළෙ¹මෙන් වැඩි කොටසක්‌ ද තවලම් මගින් කෙරුණු භාණ්‌ඩ ප්‍රවාහනයෙන් වැඩි කොටසක්‌ ද මුස්‌ලිම් වෙළෙඳුන් අත විය. ඉස්‌ලාම් ආගම විසින් මත්පැන් පානය තහනම් කර තිබූ නමුත් අරක්‌කු පෙරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වූ පොල් රා මැදීම වැඩි හරියක්‌ම පැවතුනේ මුස්‌ලිම් රා මදින්නන් අතය. බ්‍රිතාන්‍ය පාලකයෝ මැණික්‌ ගැරීමේ සහ (ධීවර වෘත්තියේ නියෑලී) මාළු සැපයීමේ කොන්ත්‍රාත්තු මුස්‌ලිම් ජනතාවට බහුල ලෙස ලබා දුන්හ.(2) ඊට අමතරව දැව සඳහා ගස්‌ කැපීම, රජයේ ඉදිකිරීම් සඳහා කම්කරුවන් සැපයීම, ආහාර සහ ඇසුරුම් සැපයීම, පොල්වතු වගා කිරීම, තෙල් මෝල් පිහිටුවීම, පොල් සහ කොහු විකිණීම, මේසන් වැඩ, (ඔවුහු දක්‍ෂ මේසන්වරු ය.) මුඩු බිම් පනත යටතේ රජයට පවරාගෙන තිබූ ඉඩම්වල කුරුඳු වගා කිරීම, මැණික්‌ කැපීම සහ ඔප දැමීම යනාදිය ද ඔවුන් අත ඒකාධිකාරයක්‌ ලෙස තිබිණ. එහෙත් ඔවුන්ට එක දෙයක්‌ නොදීමට ඉංගී්‍රසි පාලකයෝ වග බලා ගත්හ. ඒ වූ කලී අධ්‍යාපනයයි. එකල ඉංගී්‍රසි අධ්‍යාපනයේ ප්‍රමුඛයන් වූයේ සිංහල, දෙමළ සහ බර්ගර් ජාතිSහු ය. ඔවුන් ඉගෙන ගත්තේ පල්ලි මගින් පාලනය වූ ක්‍රිස්‌ත්‍රියානි විද්‍යායතනවලය. එහෙත් තම ඉස්‌ලාම් ආගම කෙරෙහි මහත් භක්‌තියෙන් සිටි මුස්‌ලිම්වරු ක්‍රිස්‌තියානි පල්ලියේ ඉස්‌කෝලවල ඉගෙනීම ප්‍රතික්‍ෂේප කළහ.(3)


1915 මරක්‌කල කෝලාහල සමය වන විට මුස්‌ලිම් ප්‍රජාව එක පිලක්‌ ලෙසත් සිංහල, දෙමළ, බර්ගර් ප්‍රජාව තව පිලක්‌ ලෙසත් සිංහල සමාජය තුළ කැපී පෙනුණාහ. එක්‌ පිලක්‌ සතුව තිබූ දේ අනෙක්‌න් පිල සතු නොවීම නිසා පාර්ශ්ව දෙක අතර පිටතට නොපෙනුණ අමනාපයක්‌ විය. දෙමළ සහ බර්ගර් ජාතිකයන් සිංහල කාන්තාවන් විවාහ කර ගත් නමුත් මුස්‌ලිම් ප්‍රජාව තම ආගමෙන් පිට ගැහැනුන් විවාහ කර නොගැනීමට පරෙස්‌සම් වූහ. (4) 1915 මරක්‌කල කෝලාහලය තීරණය වන්නේ ඉහත සඳහන් පසුබිම තුළය.

අරගලය පටන් ගත් හැටි-

උඩරට මහ කැරැල්ලෙන් පසු සිංහලයන් සහ සිංහල ජන ප්‍රධානීන් සමග වෛරයෙන් සිටි ඉංගී්‍රසි ආණ්‌ඩුව 1818 නොවැම්බර් 18 වැනිදා විශේෂ ප්‍රකාශනයක්‌ මගින් සිංහල ජන ප්‍රධානීන්ගේ වරප්‍රසාද සහ මහ ජාතියේ ආගම වූ බුද්ධාගමට තිබූ තැන කප්පාදු කළේය.

මෙය ලංකාව තමන් යටතට පවරා ගැනීමේදී බ්‍රිතාන්‍යයන් විසින් අත්සන් කරන්නට යෙදුණු උඩරට ගිවිසුමට පටහැනිව යැමකි. මේ කප්පාදුව ඉදිරි වසර 100 තුළ ක්‍රමයෙන් වර්ධනය වී 1812 වන විට සිංහලයන්ගේ ඇස්‌ ඉදිරිපිටදීම ක්‍රියාත්මක විය. ඒ මහනුවරදී වාර්ෂිකව පැවැත්වුණු ගම්පොල, වලහාගොඩ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මුස්‌ලිම් පල්ලි ඉදිරිපිටින් යනවිට ඒවාට යාර 100 ක්‌ තබා හේවිසි සහ තූර්ය වාදන නැවැත්විය යුතු බව නුවර සිටින ඉංගී්‍රසි ආණ්‌ඩුවේ දිසාපති මගින් නියෝග කිරීමෙනි.

ගම්පොල (ගඟසිරිපුර) නගරයට සැතපුමක්‌ ඈතින් පිහිටි වලහගොඩ දේවාලය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් 1236 දී ඉදිකර කතරගම දෙවියන් උදෙසා පූජා කරන ලද්දකි. ඇසළ පුර පසළොස්‌වක පොහොය දවසට දවස්‌ 8 කට පෙර පටන් ගන්නා මේ පෙරහැර පුරා දින 15 ක්‌ පැවැත්වෙයි. අවසන් දිනයේදී දිය කැපීමේ උත්සවය පැවැත්වෙයි. පෙරහැර දිය කැපීමට යන්නේ අඹගමුව පාර නමැති මාර්ගය දිගේ, ගොස්‌ මහවැලි ගඟේ තොටුපළක්‌ වූ පෝරුතොට ට සම්ප්‍රාප්ත වීමෙන් පසුවය. මේ පෙරහැර යන මඟ දෙපස හින්දු, කෝවිල් සහ මුස්‌ලිම් පල්ලි රැසක්‌ තිබේ. මේ යන මාර්ගයෙහි 1890 දී ඉදිකරන ලද මුස්‌ලිම් පල්ලියක්‌ විය. එය ඉදි කළෝ ලංකාවේ වෙරළබඩ ජනාවාස කරගත් ඉස්‌ලාමීය කොට්‌ඨාසයක්‌ වූ "මරක්‌කල" ප්‍රජාවගෙන් පැවැතෙන ජනයා ය. 1912 දී එම පෙරහැර වීථි සංචාරය කරන විට මුස්‌ලිම් පල්ලිය ඉදිරිපිට තූර්යවාදන පැවැත්වුවහොත් පෙරහැරට පහර දෙන බවට මරක්‌කල ප්‍රජාව තර්ජනය කර තිබිණ, ඒ අනුව නුවර මහ දිසාපතිතුමා තූර්යවාදන සම්බන්ධයෙන් තහනම් නියෝගයක්‌ තබනු ලබන්නේය.
මහනුවර නගරය 

එම නියෝගය පිළිපැදීමට අකැමැති වූ වලහාගොඩ කතරගම දේවාලයේ බස්‌නායක නිලමේතුමා එම වසරේ (1912) පෙරහැර අත්හිටුවිය. ඊළඟ වසරේÊසැප්තැම්බර් 30 වැනිදා ඔහු නුවර උසාවියට ගොස්‌ දිසාපතිගේ නියෝගයට විරුද්ධව නඩු පැවරීය. නඩුව අසන ලද්දේ නුවර දිස්‌ත්‍රික්‌ උසාවියේ වැඩ බලන විනිසුරු දොස්‌තර ශ්‍රීමත් පෝල් ඊ පීරිස්‌ ය. 1914 මාර්තු 20 වැනිදා නඩු විභාගය පටන් ගත් අතර ජුනි 4 වැනිදා බස්‌නායක නිලමේට පක්‍ෂව තීන්දුව දෙන ලද්දේය. එම තීන්දුවට අනුව වලහාගොඩ දේවාලයේ කතරගම පෙරහැරට තූර්යවාදන වයමින් වීථි සංචාරය කිරීමට අවසර ලැබිණ.

එහෙත් නුවර මහ දිසාපතිතුමා මේ තීන්දුවට විරුද්ධව ශේ්‍රන්ෂ්ඨාධිකරණයට ගියේය. එම අධිකරණය විසින් දිස්‌ත්‍රික්‌ උසාවියේ තීන්දුව අත්හිටුවන ලදී. එවිට යළි මතු වූයේ වලහාගොඩ දේවාලයේ ඇසල පෙරහැරට පංච තූර්ය නාද පවත්වමින් වීථි සංචාරය කිරීමට නොහැකි තත්ත්වයකි. එවිට බස්‌නායක නිලමේ එංගලන්තයේ රාජාධිකරණය ඉදිරිපිට අභියාචනයක්‌ ගොනු කළේය. දේවාලයේ නීතිඥයා ලෙස කීර්තිමත් බ්‍රිතාන්‍ය නීතිවේදී ශ්‍රීමත් ජෝන් සයිමන් පෙනී සිටියේය. තීන්දුව ලැබීමට තිබුණේ දින කිssහිපයකි. ශ්‍රීමත් ජෝන් සයිමන් දක්‍ෂ නීතිඥයකු නිසා කතරගම දේවාලය දිනන බවට සැක නැති විය.

ඒ අනුව 1915 වෙසක්‌ පුර පසළොස්‌වක පොහොය වූ 28 වැනිදා වලහාගොඩ දේවාල යේ පෙරහැර පැවැත්විය යුතු බව තීරණය කරන ලදී. පෙරහැර අඹගමුව මාර්ගයේ ගමන් කරන විට පොලිසිය එයට බාධා කළේය. පොලිසිය සමග සිටි මරක්‌කල ප්‍රචණ්‌ඩ කාරීන් කිහිප දෙනෙක්‌ පෙරහැරට ගල් ගසන්නට වූහ. ඇතැම් ගල් පහරවල් ගසන ලද්දේ මුස්‌ලිම් පල්ලියේ පඩිපෙළ මත සිටය. එතැනදී මුළු මහත් මහනුවර පුරාම පැතිරුණ කෝලා හලයක්‌ පටන් ගත්තේය. එම කෝලාහලය සති යක්‌ තුළ කන්ද උඩරට පිහිටි සියලු දුර්ග මාර්ග තරණය කර බස්‌නාහිර පළාතට සහ වයඹ පළාතට ඉක්‌මනින් ළඟා විය. එවිට කලබල වූ ශ්‍රීමත් රොබට්‌ චාමස්‌ ආණ්‌ඩුකාරයා වහාම යුද නීතිය ප්‍රකාශයට පත් කළේය. පාරට පැනගත් පොලිසිය සිංහලයන් දුටු තැන වෙඩි තබා මැරීය. සිංහලයන් 9600 ක්‌ හිරගෙවල්වලට ගාල් කරන ලදී. හිරගෙවල තදබදය ඇතිවන විට වැඩි හරිය මරණ ලදී. මෙම ක්‍රියා මාර්ගයට එරෙහි වෙමින් සිංහල. දෙමළ, මුස්‌ලිම් යන ජාතීන් තුනටම අයත් උගත්තු විරෝධතා ව්‍යාපාර පටන් ගත් අතර රොබට්‌ චාමස්‌ ආණ්‌ඩුකාරයා ආපසු බ්‍රිතාන්‍යයට කැඳවා ගැනීමට එංගලන්තයට සිදු විය. ඉන්පසු ඔහු ලංකාවේ ආණ්‌ඩුකාර තනතුරින් පහ කරන ලදී.

කෝලාහලය අතරතුර සිංහලයන්ගේ අමද්‍යප ව්‍යාපාරයට පාඩමක්‌ උගැන්වීමට රොබට්‌ චාමස්‌ගේ ආණ්‌ඩුව තීන්දු කළේය. අමද්‍යප ව්‍යාපාරය නිසා ඉංගී්‍රසි ආණ්‌ඩුවේ අරක්‌කු රේන්දකාරයන්ට සහ අරක්‌කු වෙළෙ¹මට පහර වැදී තිබිණ. ඒ නිසා අරක්‌කු රේන්දවලින් සහ අරක්‌කු අලෙවියෙන් තමන්ට ලැබෙන්නට නියමිත ආදායම අහිමිවනු ඇතැයි ඉංගී්‍රසි ආණ්‌ඩුව බිය විය. මරක්‌කල කෝලාහලය ඇති කළෝ සිංහල අමද්‍යප නායකයන් බව ප්‍රචාරය කළ ආණ්‌ඩුව කෙළවරක්‌ නැතිව ඔවුන් අත්අඩංගුවට ගන්නට පටන් ගත්හ. බෞද්ධ පරම විඥනාර්ථ සමාගමේ සහ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය නමැති නිර්මාංශ අමද්‍යප සංවිධානයේ නායකයා වූ සමෘද්ධිමත් වෙළෙන්දකු වන ආර්. ඒ. මිරැන්ඩෝ වෙඩි තබා මරණ ලදී. 1854 දී උපත ලැබූ සලාගම කුලයට අයත් ව්‍යාපාරිකයකු වූ ඔහු එවකට කුරුඳු ඉඩම් වැඩිම සංඛ්‍යාවක්‌ හිමි ප්‍රමුඛ කෝටිපතියෙකි. එසේම 1905 දී පිහිටවූ මිනිරන් පතල් හිමිකරුවන්ගේ සංගමයේ උප සභාපති වූයේ ඔහුය. බෞද්ධ පුනර්ජීවනය යනු කාටවත් හිරිහැරයක්‌ නැති ලේබලය යටතේ ඔහු කරගෙන ගිය අමද්‍යප ව්‍යාපාරය කෙරෙහි ද්වේෂයෙන් සිටි ඉංගී්‍රසි ආණ්‌ඩුව නිතර කල්පනා කළේ ඔහු මරණ ක්‍රමයක්‌ ගැනය. ඔහුට දෙවරක්‌ වසදී තිබිණ. එහෙත් ඔහු මරණයෙන් ගැලවින. ඔහුට වෙඩි තැබීමෙන් පසු එංගලන්තයේ සිටි යටත් විජිත භාර ලේකම් වන ආර්. ඊ. ස්‌ටීවන් කියා සිටියේ ඔහු මැරීම දෙවියන්ගේ ක්‍රියාවක්‌ බවය. ඔහු කෝලාහලකරුවන් උසිගැන්වූ බවද ස්‌ටීවන් කීවේය. ඒ අතර, අධිරාජ්‍ය විරෝධී සටනක ගිනි පුපුරු අවුලවමින් සිටි ධනවත් තරුණයකු වූ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්‌ බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත් විය. ඔහු මිනිරන් පතල් සහ රෙදි පිළි වෙළෙඳසල්හිමි පිටකොටුවේ ඩී. ඩී. පේද්‍රිස්‌ගේ එකම පුත්‍රයා ය. තම පුත්‍රයා නිදහස්‌ කරන්නේ නම් ඔහුගේ බරට කැරට්‌ 24 රන් පවුම් දීමට කැමැති බව කියමින් ඩී. ඩී. පේද්‍රිස්‌ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට පණිවුඩයක්‌ යෑවීය. එහෙත් පේද්‍රිස්‌ පුත්‍රයා ජීවත් වුවහොත් සිංහල ජාතික බලවේගය තවදුරටත් හිස ඔසවන බැවින් තමන්ට විය හැකි ව්‍යසනය රන් පවුම්වල වටිනාකමට වඩා වැඩි බව තීන්දු කළ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විශේෂ යුද්ධාධිකරණයක්‌ පිහිටුවා ඔහු වරදකරු කර වෙඩි තබා මැරවීය. රන් පවුම් පොරොන්දුව ගැන ආරංචි වූ තරුණයා මියයැමට ප්‍රථම සිය පියා කැඳවා ඔහුට දොස්‌ නඟන ලදි. තරුණ පේද්‍රිස්‌ගේ මතය වූයේ කිසිදු ආකාරයකින් ඉංගී්‍රසි පාලකයන්ට බාල්දු නොවිය යුතු බවය.

කෝලාහලයට සම්බන්ධ වූ සිංහලයන් 69 දෙනකුව වෙඩි තබා මරණ ලද බව ඉංගී්‍රසි ආණ්‌ඩුව පැවසීය. එහෙත් මරණ ලද සැබෑ ගණන 1000 ඉක්‌ම වූ බව පසුව හෙළි විය. මෙයට අමතරව සිංහලයන් 412 කට එරෙහිව චෝදනා ගොනු කර ඔවුන් යුද්ධාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එයින් 358 ක්‌ වරදකරුවෝ වූහ. ඔවුන් අතුරින් 83 කට වෙඩි තබා මරණ ලද්දේය. නඩු විභාගයේදී සිංහලයන්ට විරුද්ධව සාක්‍ෂි දෙන ලෙස මුස්‌ලිම් සාක්‍ෂිකරුවන්ට බල කර තිබිණ. ආගන්තුක රටක ආගන්තුක ආණ්‌ඩුවක්‌ යටතේ පාලනය වෙමින් සිටි ඔවුන්ට සිංහලයන්ට විරුද්ධව සාක්‍ෂි දීම හැර වෙනත් විකල්පයක්‌ තිබුණේ නැත.

1915 කෝලාහලය මුවාවෙන් අත්අඩංගුවට ගත් අය අතර සුවිශේෂී පුද්ගලයෝ වූහ. එක පවුලේ සහෝදරයන් වූ ඩී. එස්‌ සේනානායක, එෆ්න්. ආර්. සේනානායක සහ ඩී. ඩී. සේනානායක එවැනි තිදෙනෙකි. එසේම ඩී. ආර්. විෙ-වර්ධන සහ දොන් බාරොන් ජයතිලක ද කූඩුවට ගියේය. එසේම දොස්‌තර සී. ඒ. හේවාවිතාරණ සහ එඩ්මන්න් හේවාවිතාරණද හිරේ ලැග්ගාහ. ඔවුහු පසුව අනගාරික ධර්මපාල වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණගේ සහෝදරයෝ ය. හිරගෙදර ඉතා අපිරිසිදු වූ නිසා රෝගී වූ එඩ්මන්ඩ් හේවාවිතාරණ හිරගෙය තුළම මළේය. මේ හැමදෙනාම කළ වරද වූයේ මරක්‌කල කෝලාහලයට සම්බන්ධ වීම නොව අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ වීමය.

1915 කලබලයේදී සිදු වූ ජීවිත හානියට වඩා දේපළ හානිය විශාලය. සිංහලයන්ගේ පහරදීම් නිසා මුස්‌ලිම්වරුන් 25 ක්‌ මියගිය අතර 189 ක්‌ තුවාල ලැබූහ. ස්‌ත්‍රී දූෂණ 4 ක්‌ සිදු විය. මුස්‌ලිම් පල්ලි 17 කට ගිනි තබනු ලැබීය. තවත් මුස්‌ලිම් පල්ලි 86 කට අලාභහානි සිදුවිය. දෙපාර්ශ්වයටම අයත් කඩ 4075 ක්‌ කොල්ල කනු ලැබීය. කඩ 350 කට ගිනි තැබිණ.

මේ අවාසනාවන්ත ජාතිවාදී ගැටුම ප්‍රයෝජනයට ගනිමින් සිංහලයන් මර්දනය කිරීමට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව ගත් දුෂ්ට සහ අවස්‌ථාවාදී උත්සාහයට විරුද්ධව එවකට තිබූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් විශාල වශයෙන් විරෝධය පළ කළේය. ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවට තෝරා පත් කර ගෙන සිටියේ මෙරට සිටින උගත් ලාංකිකයන්ගේ නියෝජිතයා ලෙසය. ලංකාවේ සිටින යුරෝපීයයන්ගේ නියෝජිතයා ලෙස මන්ත්‍රණ සභාවේ සිටි හැරී ක්‍රීස්‌, ශ්‍රීමත් රාමනාදන්ගේ විරෝධය වෙනුවෙන් පෙනී සිටියේ ය. එහෙත් සිංහලයන්ගේ නියෝජිතයා ලෙස සිටි එස්‌. සී. ඔබේසේකර, රාමනාදන්ගේ හෝ ක්‍රීස්‌ගේ පැත්ත ගත්තේ නැත. සේනානායක සහෝදරවරුන් මරක්‌කල කෝලාහලය මාර්ගයෙන් බොර දියේ මාළු බාන බව ඔහුගේ මතය විය. මේ අතර සිංහල ක්‍රිස්‌තියානි භක්‌තික ඊ. ඩබ්ලිව්. පෙරේරා සිංහලයන්ට වූ අසාධාරණය ගැන කීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට සංදේශයක්‌ භාර දීම පිණිස නැව් නැඟ එංගන්තය බලා ගියේය. ඔහු එම සංදේශය ගෙන ගියේ සපත්තුවේ සඟවාගෙන ය. තමා ගිය නැවට කලින් නැවේ නැඟ එංගලන්තය බලා ගොස්‌ සිටි දොන් බාරොන් ජයතිලක ඔහුට ලන්ඩනයේදී හමු විය. ඒ වන විට බ්‍රිතාන්‍ය ජාතික ලෙනාඩ් වුල්ෆ්න් ද (බැද්දේගම ලියූ ඉංගී්‍රසි ලේඛකයා ය. ඔහු කීර්තිමත් ලේකා වර්ජිනියා වුල්ෆ්න්ගේ පියාය) ලන්ඩනයට පැමිණ සිටියේය. ආණ්‌ඩුකාර චාමස්‌ එම රැකියාවෙන් නෙරපීමට බ්‍රිතාන්‍ය යටත්විජිත කාර්යාලය තීරණය කරන්නේ ලෙනාඩ් වුල්ෆ්න් පෙරටු කරගත් ජයතිලක සහ පෙරේරා දෙපළගේ සාක්‍ෂිවලට සවන් දීමෙන් පසුවය.

රැකියාව නැති වීම නිසා ලංකාවෙන් පිටවී යැමට සිදු වුවද බලයේ සිටි කාලයේදී රොබට්‌ චාමස්‌ යනු ඉතා ජනප්‍රිය ආණ්‌ඩුකාරයෙකි. බුදු දහම සහ පාලි භාෂාව මනා සේ උගත් ඔහු සිංහල බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා රැසකගේ හිතවතෙකි. ලංකාවට විශ්වවිද්‍යාලයක්‌ අවශ්‍ය බව ඔහු නිතර කීවේය. අවසන් වශයෙන් ගත් කල ඔහුද යටත් විජිත යාන්ත්‍රණයේම ගොදුරකි.

අනුර සොලමන්ස්‌

Thursday, November 10, 2016

සීතාවක රාජසිංහ.. බ්රැන්ඩි කෝවිල හා අරිට්‌ඨකී වෙන්ඩු ....රාජා හෝ...... මා හෝ....... ගංගා හෝ.......

"රාජා හෝ...... මා හෝ....... ගංගා හෝ......." මෙම කියමන අප කොතෙකුත් නම් අසන්නට ඇත. එහෙත් එය අසා ඇති අය අතර එවැනි ප්‍රකාශයක ඇරඹුම කෙලෙස සිදුවීද? යි දන්නෝ සිටින්නේ ඉතා අතළොස්‌සක්‌ විය හැකිය.

Thursday, November 3, 2016

1931-1944 දී ලංකාවේ වීඩියෝ දර්ශන.....

Saturday, October 29, 2016

කටුගෙයක් තුළ සැඟවූ මහනුවර රජවාසල

දැනට පුරාවිද්‍යා කෞතුකාගාරයක් වශයෙන් පවත්වාගෙන යන රජවාසල පුරාවිද්‍යාත්මක කෞතුක භාණ්ඩ ප‍්‍රදර්ශනාගාරයක් නොවිය යුතුය. මෙරට බොහෝ දෙනෙකුගේ අදහස එයයි. කෙසේ වුවත්, පැරණි රජවාසල වශයෙන් සඳහන් වන්නේ එදා රජවාසලෙහි අමුත්තන් පිළිගැනීම සඳහා භාවිතා කළ ගොඩනැගිල්ලයි. නැතහොත් දැකුම් (දකින* මාළිගයයි. එසේ නම් රජවාසලෙහි අනෙකුත් ගොඩනැගිලිවලට සිදුවූයේ කුමක්ද?
ඉංග‍්‍රීසින් කන්ද උඩරට පාලන බලය ලබා ගැනීමත් සමඟම මෙරට රජවරුන්ගේ පාලන ක‍්‍රමය ද අවසන් විය. ඒ නිසාම මෙරට පිහිටි රජමැඳුරු ද විනාශ වූ අතර එහි නටබුන් පමණක් තැනින් තැන අදට ද දක්නට ලැබේ. එහෙත් තරමක් දුරට සතුටුදායක මට්ටමින් හෝ ඉතිරිව පවතින එකම රජමැදුර පිහිටා තිබෙන්නේ සෙංකඩගල පුරවරයේ ය. ඒ     ”මහනුවර රජවාසලයි”. රජවාසල පිහිටා තිබෙන්නේ දළදා මාළිගාව අසලය. දැනට පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් භාවිතා කරන රජවාසල, මහනුවර දළදා මාළිගය දේව වීදිය ඉදිරිපිට පිහිටි සුදු සේලයෙන් වර්ණවත්ව පවතින දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පිහිටා තිබේ.  වර්තමානයේ දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පැවතිය ද, අතීතයේ සේනාසම්මත වික‍්‍රමබාහු රජතුමාගේ සිට පාලකයන් දොළොස් දෙනෙක් වාසය කර තිබෙන විශාල මන්දිරයකි.



 වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස සෙංකඩගලපුර රජවාසල
එදවස ජර්මන් ජාතික ජොහාන් වොල්ෆ්ගංග් හෙයිඞ්ට්,  ඕලන්ද තානාපති ඩැනියෙල් ග‍්‍රීන් සමඟ පැමිණි අවස්ථාවක තබා ඇති සටහනක මෙසේ සඳහන් වේ. ”වත්මන් දළදා මාළිගාව අසල පිහිටි සෙංකඩගල රජවාසලට එදවස පිවිසිය යුතු වූයේ කළුගල් පඩි හෙවත් පියගැටපෙළ දහනවයක් පසු කරමිනි. අශ්වයන් පවා මෙම කළුගල්වලින් ගෙනවුත් රජුට පෙන්විය යුතුව තිබුණි. මාළිගයට ඇතුඵ වන දොරටුවේ ඉදිරිපස කළුගලින් සාදා ඇති ඝන තාප්පයකි.  ඉන් ඇතුඵ වන විට දැකිය හැකි ගොඩනැගිලි මැටි බිත්තිවලින් ආවරණය කර ලී කණු මත සාදා ඇත.  ප‍්‍රධාන දොරටුවෙන් ඇතුඵ වන විට පිවිසෙන්නේ එවන් ගොඩනැගිල්ලකටය. රජුගේ සෙබඵ ඉතාමත් පරීක්ෂාකාරීව සිටියෝය. ගොඩනැගිල්ල මැදින් තවදුරටත් ඉදිරියට යාමේදී කදිමට සකසා තිබූ මැද මිදුලකට පිවිසිය හැක. එහි මැද කොටසේ කළුගල් අතුරා සාදා ඇති මාර්ගයකින් තවත් ගොඩනැගිල්ලකට පිවිසිය යුතුව තිබේ. මෙය දිගින් සහ පළලින් තරමක් විශාල ගොඩනැගිල්ලකි. එහි වහලය ලී කණු පේලි දෙකක් මත ඉදිකර තිබුණි. එය මැදින් ඉදිරියට ගමන් කිරීමේ දී අවසානයට දකුණු පැත්තෙන් හමුවෙන්නේ එළිමහන් බිමකි. රජතුමා සිංහාසනාරූඪ සිට ඇත්තේ එහිය.”

මෙය සනාථ කරන සිතියමක් නෙදර්ලන්ත හේග් නුවර කෞතුකාගාරයේ ද, එහි පිටපතක් මහනුවර ජාතික කෞතුකාගාරයෙත් තිබේ. මෙම සෙංකඩගලපුර රජවාසල සිතියම අඳින ලද්දේ ක‍්‍රි.ව 1765 වසරේ දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ සමයේ දී  ඕලන්ද ජාතිකයකු විසිනි. එම සිතියමට අනුව මහා වාසල සංකීර්ණය තුළ නරේන්ද්‍රසිංහ රජු සෑදු අලූත් විහාරය, විමලධර්මසූරිය රජු සෑදු දළදා මාළිගයේ පැරණි විහාරය, සිංහාසනය ඇති ස්ථානය, තනාපති මඟුල් මඩුව, ලැඟුම් ගේ, බේත් ගේ, බිසෝවරුන්ගේ ලැගුම් ගේ, රජතුමා සතු ඉස්තරම් භාණ්ඩ තබා ඇති කාමර, තුවක්කු ගබඩාව, දුනු හී ගබඩාව, කුඵබඩු කාමරය, රජතුමාගේ සොහොයුරන් සහ පවුලේ සාමාජිකයන් නැවතී සිටි කාමර, වෙඩිබෙහෙත් සහ තුවක්කු සාදන මඩු, රජුගේ අලූත් ලැඟුම් ගේ, වැසිකිළි, ඇත්හල ආදී ගොඩනැගිලි ආදිය පිහිටා තිබුණි. සංස්කෘතික ත‍්‍රිකෝණය මඟින් සිදු කරන ලද කැණීම්වල දී සිතියමේ සඳහන් කරුණු සනාථ කරගෙන ඇත.



ඉංග‍්‍රීසීන් අල්ලාගත් පසු රජ මාළිගය
එහෙත් දැනට තිබෙන රජ මාළිගයේ ස්වරූපය ඊට වඩා බොහෝ වෙනස්ය. අද දක්නට ලැබෙන්නේ ක‍්‍රි.ව 1798 දී රජ වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් අලූතින් සාදා එක් කරන ලද කොටස්ය. කෙසේ වුවත්, ලූතිනන් කර්නල් බාබට් මහනුවර ආක‍්‍රමණය කළ අවස්ථාවේ දී මෙය දක්නට ලැබුණු ආකාරය විස්තර කර තිබුණේ මෙසේය. ” රජ මාළිගා ගොඩනැගිල්ල ගින්නෙන් හානිවී තිබුණි. එය දැවැන්ත රජ මාළිගාවකි.  ප‍්‍රධාන දොරටුවෙන් මාළිගයට ඇතුඵ වන විටම ඉදිරියෙන් දක්නට ලැබෙන්නේ අලංකාර ලෙස කැටයම් කරන ලද, ගල් කුලූණුවලින් සාදා ඇති මහා ශාලාවකි. එම කුලූණු අතර සම දුරින් දැව ආධාරක මත සවි කරන ලද ඇත්දළය. මාළිගය මැද ආරක්ෂිත මිදුලකි. එම ඇත්දළ සහිත මහා ශාලාව පසුකර යන විට බුද්ධ ප‍්‍රතිමා සහිත පිළිම ගෙයකි” යනුවෙනි.  ක‍්‍රි.ව 1815 වසරේ හෝ ආසන්න දිනයක දී ලූතිනන් ලිට්ල්මන් අඳින ලද චිත‍්‍රයකට අනුව, අද දක්නට ලැබෙන රජවාසල එදාත් දැකගත හැකි විය. ජෝන් ඬේවිගේ විස්තරය ද ඒ හා සැසඳේ.

20කි‍්‍ර.ව 1815 වසරේ ඉංග‍්‍රීසීන් විසින් අඳින ලද සැලැස්මකට අනුව රජ මාළිගය සමන්විත වූ ආකාරය මෙසේ දැක්වේ. සටන් පුහුණු වන ස්ථානය (හරමක්කාර මඩුව), මහ වාසල, සැතපෙන ගේ, උල්පැන් ගේ, හලූ මණ්ඩපය, ආයුධ මණ්ඩපය, දකින ශාලාව (රජු සහ ප‍්‍රධානීන් හමුවන), මුද්දර මණ්ඩපය (රාජකීය මුද්‍රාව තිබූ), කවිකාර මණ්ඩපය, මඟුල් මඩුව, සාන්ති මණ්ඩපය (රජුට සෙත්සාන්ති කරන ස්ථානය), දකින මණ්ඩපය (විදේශීය තානාපතින් රජු හමුවන තෙක් නැවතී සිටින ස්ථානය), මහ ගබඩාව සහ අරමුදල (මෙම ගොඩනැගිලි දෙක පිහිටා තිබුණේ ඉංග‍්‍රීසි සමයේ කච්චේරිය වශයෙන් හා පසුව මහ අධිකරණය වශයෙන් භාවිතා කළ ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේය), උඩ ගබඩාව, මැඳ වාහල, දළදා මැඳුර, පල්ලේ වාහල, දෙමළ ඉලංගම් මඩුව, කූණම් මඩුව, ජලතිලක මණ්ඩපය සහ ගබඩා අටුව වේ.

කෙසේ වුවත්, ඉංග‍්‍රීසින් සෙංකඩගල රජ මාළිගය අල්ලාගත් පසු, දැන් ඉතිරිව පවතින රජවාසල කොටස නිවහන කරගෙන ඇත්තේ මහනුවර ඉංග‍්‍රීසි නියෝජිතයා වූ ජෝන් ඩොයිලිය. ඉන්පසු ඉහළ ඉංග‍්‍රීසි නිලධාරීන්ගේ වාසය සඳහා රජවාසල ගොඩනැගිල්ල යොදාගෙන තිබේ. එහිදී පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත. එසේ වුවද, පැරණි ස්වරූපයෙන්ම දැනට ද වෙනස් නොවී පවතින්නේ එහි ඉදිරිපස ප‍්‍රවේශය හා එයට සම්බන්ධ ශාලාව පමණි. ජෝන් ඩොයිලි ක‍්‍රි.ව 1811 වසරේ දී තබා ඇති සටහනකට අනුව ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ දියණිය සහ කිරි අම්මා මියයාමෙන් පසු රජ මාළිගයේ විවිධ ආකාරයේ අද්භූත ශබ්ද ඇසීමට පටන්ගෙන තිබෙන බවට මතයක් පැවති බවත්, නොකඩවා ජනෙල්වලට තට්ටු කිරීම හා පය තබා යන අඩි ශබ්ද ඇසුණු බව කියැවේ.

බි‍්‍රතාන්‍ය පාලන සමයේ මෙම ගොඩනැගිල්ල දිසාවේ දිසාපතිවරුන්ගේ නිවාස බවටත් පත්වී තිබේ. එම කාලයේ රජ මැඳුරේ බිත්තිවල අලංකාර බිතුසිතුවම් ඇඳ තිබුණු අතර, ඔවුන් වසරක් පාසා බිත්තිවල හුණු දියර ආලේප කර තිබෙන්නේ එම චිත‍්‍ර වැසී යන අයුරිනි. ඉතිහාසයේ සොඳුරුතම සිහිවටන ඒ ආකාරයෙන් වියැකී ගියේ ඉංග‍්‍රීසීන්ගේ කුරිරු බව පසක් කරමිනි.

ඉංග‍්‍රීසීන් සෙංකඩගල පුරවරයට ඇතුල්වීමත් සමඟම ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු රජ මාළිගයට ගිනි තබා පලාගියේ රජ වාසලෙහි ඇති රහස්‍යභාවය ඔවුන්ගෙන් වසන් කිරීම සඳහා විය යුතුය. කෙසේ වෙතත්, රජවාසලට ඇතුළ්විය යුතු වූයේ දැවැන්ත උළුවස්සකිනි. එය උසින් අඩි නවයයි අඟල් තුනක් ද, පළලින් අඩි පහක් ද වේ. මෙම දොර උඵවස්සෙහි ඇති විශේෂත්වය නම්, උඵවස්සෙහි ඇතුඵ පැත්තේ කට්ටයක් කපා එයට දොර ඇතුළත් කර තිබීමයි. මෙම උඵවස්සට දොර පියන් පත් දෙකකි. උඵවස්ස වටේටම දිවෙන අලංකාර පලාපෙති මඟින් එදා ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය මනාව පෙන්නුම් කෙරේ. ප‍්‍රධාන උඵවස්ස දෙපස පිටත බිත්තියේ රාජකීයත්වය පෙන්නුම් කිරීම සඳහා ඉර හඳ දෙක හා ගජසිංහ රූප සහිත පිළිස්සූ මැටි පුවරු දක්නට ලැබේ. ගොඩනැගිල්ල එළියේ සහ ඇතුළත බිත්තිවල ද, සායම් කරන ලද සිංහ උඵ අල්ලා තිබෙනු දැකගත හැකිය. මෙහි ඇතුළත බිත්ති චිත‍්‍රවලින් අලංකාරව තිබී ඇති බව බිත්තිවල ආලේප කර ඇති හුණු ඉවත් කිරීමේ දී දැක ගැනීමට ලැබුණු බව ද සඳහන්ය. රජ වාසල ඇතුළත සී මැඳුරු කවුඵ පිහිටා තිබූ අතර, ශ‍්‍රී වික‍්‍රම රාජ සමයේ දී මෙම පෙදෙස ”දකින ශාලාව” වශයෙන් භාවිතා කර තිබෙන බව පෙනී යයි.


අගබිසව වාසය කළ මැද වාහල
මැද මිදුලක් සහිතව පිහිටි මෙම ගොඩනැගිල්ල පැරණි කච්චේරි ගොඩනැගිල්ල සහ ජාතික කෞතුකාගාරය අතර පිහිටි ගොඩනැගිල්ලකි. මෙහි බිත්ති උසින් අඩුය. සමාන හතරැුස් ආකාරයෙන් පිහිටි ජනේල කුඩාය. ඒවාට බීරඵ සහිත පොලූ සවිකර තිබේ. වහලයට පෙති උඵ සෙවිලි කර තිබෙන අතර, වහලයේ මුදුන්වල මැටි කොත් සතරකි. අගබිසව වාසය කළ මෙම ගොඩනැගිල්ල මහනුවර දක්නට ලැබෙන පැරණිතම ගොඩනැගිල්ලය. එදා පැවති ස්වරූපය වෙනස් නොකර අද ඒ ආකාරයෙන්ම පවතින ගොඩනැගිල්ලකි. දකින මණ්ඩපය (රජු හමුවීමට පැමිණෙන විදේශීය තනාපතිවරු, රජුගේ අවසරය ලැබෙන තෙක් නැවතී සිටි ස්ථානය) වශයෙන් පැවැති ගොඩනැගිල්ල අද දක්නට නොමැති අතර, එය මඟුල් මඩුව හා උඩ වාහල්කඩ (මෙයද අද නොමැත)  අතර පිහිටා තිබුණි.


පල්ලේ වාහල 
වර්තමානයේ මහනුවර ජාතික කෞතුකාගාරය වශයෙන් සඳහන් වන ස්ථානයේ පල්ලේ වාහල පිහිටා තිබුණි. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා මෙහි පළමුවෙන්ම පදිංචිව සිටියා යැයි විශ්වාස කෙරේ. පසුව රජ බිසෝවරුන්ගේ වාසය සඳහා වෙන් කෙරිණි. මැද වාහලට වඩා තරමක් විශාල ගොඩනැගිල්ලක් වුවද සමාන ලක්ෂණ බොහොමයකි. දළදා මාළිගයට නැගෙනහිරින් උස භූමියක පිහිටා තිබෙන පල්ලේ වාහල මැද මිදුලක් සහිත මිටි ගොඩනැගිල්ලකි. කුඩා වා කවුළුවලින් යුක්තය. රටඋඵ සෙවිලි කර තිබේ. පල්ලේ වාහලට ඇතුඵවන උඵවස්ස දැව භාවිතා කර තිබුණ ද කැටයම් දක්නට නොලැබේ. උඵවස්ස දෙපස බිත්තියේ කලූගලින් නිම කළ කැටයම් සහිත පුවරු දෙකකි. වහලයේ මැටි කොත් දෙකකි. එහෙත් කුඩා වා කවුඵවලට බීරඵ පොලූ යොදා ඇත.


 ජලතිලක මණ්ඩපය 
සෙංකඩගල පුරවරයට අපූර්ව අලංකාරයත් සුන්දරත්වයත් එක්කරන, කිරිමුහුද මැද පිහිටි කුඩා දුපත හෙවත් ”ජලතිලක මණ්ඩපය” රජතුමාගේ විවේකය ගත කිරීම සඳහා භාවිතා කළ ස්ථානයකි. මෙය ”කුණ්ඩසාලේ” යන නමින්ද ව්‍යවහාර කර තිබේ. ක‍්‍රි.ව 1850 වන විටත් මෙහි අෂ්ටාශ‍්‍ර කුටියක් තිබී ඇත. ඉංග‍්‍රීසීන් මහනුවර අල්ලා ගැනීමෙන් පසු වෙඩි බෙහෙත් ගබඩාවක් වශයෙන් භාවිතා කර, තවත් වසර කිහිපයක් ගත වීමෙන් පසු එම ගොඩනැගිල්ල කඩා බිඳ දමා ඇත. ජලතිලක මණ්ඩපය ද, පත්තිරිප්පුව, මඟුල් මඩුව ඉදිකළ දේවේන්ද්‍ර මුලාචාරියාගේ නිර්මාණයකි. ජෝන් ඩොයිලි ඔහුගේ දිනපොතෙහි ක‍්‍රි.ව 1812 ජූනි 1
2 දින තබන ලද සටහනකට අනුව මෙසේ සඳහන් කර තිබේ. ”ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා විසින් ළඟදී සාදන ලද වැව මැද කුණ්ඩ ශාලාවක් ගොඩනංවා කොකු උඵ සෙවිලි කරන ලදී. ඒ වැවෙහිම එකකට එක කුඹ ගස බැගින් වූ යාත‍්‍රා දෙකක් ද සාදා, පාරු දෙකක් ද සාදන ලදී. වැව මැද තිබෙන කුණ්ඩ ශාලාවට යාම සඳහා දිගහැරීමට හා හැකිළීමට හැකි පාලමක් ද රජු තැනෙව්වෝය” වශයෙනි.

උඩරට රජවරු සහ ඉංග‍්‍රීසීන් ඉදිකළ මඟුල් මඩුව 
උඩරට රජවරු සහ ඉංග‍්‍රීසි යන දෙපිරිසේම සහභාගිත්වයෙන් මෙරට ඉදිවූ එකම ගොඩනැගිල්ල මෙය වේ. ඒ අනුව, ක‍්‍රි.ව 1784 වසරේ දී ශ‍්‍රී රාජාධි රාජසිංහ රජතුමා විසින් මඟුල් මඩුව ඉදිකිරීම ආරම්භ කර ඇති බව ඉංග‍්‍රීසි ලේඛක ජේ. සී ලූවිස් සනාථ කර ඇත. ඔහු සඳහන් කරන ආකාරයට ක‍්‍රි.ව 1796 රාජාධි රාජසිංහ රජ සමයේ ඉංග‍්‍රීසීන් මහනුවරට ඇතුඵ වන විටත් මෙම ගොඩනැගිල්ල සාදා නිමකර නොමැත. මහා වංශයේ මෙම ගොඩනැගිල්ල පිළිබඳව සඳහනක් නොමැත. කෙසේ වුවත්, කන්ද උඩරට නායක්කාර වංශික රජවරු දෙදෙනෙක් වන රාජාධි රාජසිංහ සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රට පාලන කටයුතු සිදු කළේ මෙම ගොඩනැගිල්ලේ සිටය. රාජ සභාව පවත්වාගෙන යාම, යුක්තිය පසිඳලමින් අධිකරණ කටයුතු මෙහෙය වූයේ ද මෙහි සිටය. එදා ”මහ නඩුව” යන නමින් ද මඟුල් මඩුව හඳුන්වා දී ඇත. මහ නඩුව යන්නෙන් ශ්‍රේෂ්ඨාධිකරණය යන තේරුම ද ලබා දෙයි. එදා රාජ සභාව පවත්වන අවස්ථාවල දී මෙම ගොඩනැගිල්ලේ ඇති දැව කුළුණු අතර රතු පැහැති රෙදිවලින් රැුළි පාලම් ඇද අලංකාර කර සරසා තිබුණි. මහනුවර යුගය දැව නිර්මාණ සම්බන්ධයෙන් විශේෂ දක්ෂතා දක්වා තිබූ බවට මඟුල් මඩුව කදිම සාක්ෂියකි. මෙය පොලොන්නරු මඟුල් මඩුවෙන් ආභාෂය ලබා ඉදිකළ දැව ගොඩනැගිල්ලකි.

රාජාධි රාජසිංහ රජු මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා භාරදී තිබෙන්නේ දේවේන්ද්‍ර මුලාචාරියාටය. නාලන්දා කැලයෙන් කපාගෙන එන ලද හල්මිල්ල, නා ආදී දැව භාවිතා කර තිබේ. එහෙත් රාජාධි රාජසිංහ රජුට මෙය අවසන් කිරීමට ඉඩ ලැබී නැත. ඉන්පසු බලයට පත්වෙන මෙරට අවසන් රජුවන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ ද මෙහි ඉදිකිරීම්වලට සම්බන්ධවී ඇත. ක‍්‍රි.ව 1803 වසරේ දී ඉංග‍්‍රීසීන් සෙංකඩගල පුරවරය ආක‍්‍රමණයේ දී රාජකීය ගොඩනැගිලි බොහොමයක් ගිනි තබා විනාශ කරන ලද අතර, එහිදී මඟුල් මඩුවට ද හානි සිදුවෙන්නට ඇත. ඉංග‍්‍රීසීන් පාලනය ආරම්භ මුල් කාලයේ දී පමණ මෙහි වැඩ නිමවී තිබේ. ගල් පදනමක් මත ඉදිකරන ලද මඟුල් මඩුව ලී කණු පේලි හතරක් මත රැුඳුණු තද හැඩ සහිත පෙති උළු සෙවිලි කළ වහලයකි. එහි මුදුන දෙපස මැටි කොත් දෙකකි. සෑම පැත්තෙන්ම විවෘතය. කණු මත විශාල බාල්ක, කුරුපා හා යට ලී විසිතුරු ලෙස කැටයම් කර තිබුණි. ඒවා පිහිටියේ කැටයම් කළ පේකඩ මතය. වහලය සෑහෙන දුරක් කණුවලින් පිටතට නෙරා තිබේ. මෙහි දකුණු කෙළවරේ උස් වේදිකාවක් තිබූ බවට සළකුණකි. බොහෝ විට එහි රජවරු විනිශ්චය සභාව පැවැත්වීමට යොදාගත් ස්ථානය බව පෙනේ.  ඉංග‍්‍රීසීන් විවෘත ගොඩනැගිල්ල වටා බිත්ති බැඳ භාවිතයට ගත්ත ද, ක‍්‍රි.ව 1875 හත්වැනි එඞ්වඞ් රජුගේ උඩරට ආගමනය නිමිත්තෙන් එම වටේ බිත්ති කඩා බිඳ දමා තවත් දික්කර ඇත. ඒ අනුව උඩරට රජවරුන් සහ ඉංග‍්‍රීසි ආණ්ඩුව යන කොටස් දෙක සම්බන්ධ වෙමින් මෙරට ඉදිකළ එකම ඓතිහාසික ගොඩනැගිල්ල මෙය වශයෙන් ඉතිහාසයට එක්වී අවසන්ය.


බිසෝ උල්පැන්ගේ 
දළදා මාළිගය ඉදිරිපිට කිරිමුහුද ඉවුරේ පිහිටි සුදු පැහැති ගොඩනැගිල්ල බිසෝ උල්පැන්ගෙයයි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ බිසෝවරු ස්නානය කිරීම සඳහා භාවිතා කළ ස්ථානයයි. වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරමින් පවතී. ක‍්‍රි.ව 1806 වසරේ දී වැවේ ඉවුරෙහි කොටසක් අයත් වන ආකාරයෙන් සාදා ඇති දෙමහල් ගොඩනැගිල්ල තුන් පැත්තකින් ජලයෙන් වටවී තිබේ. උඩුමහලේ සොල්දර තට්ටුව ඇඳුම් මාරුකර ගැනීම සඳහා භාවිතා කර ඇත. මෙම ගොඩනැගිල්ල ද දේවේන්ද්‍ර මූලාචාරියාගේ නිර්මාණයකි. දියවඩන නිලමේ මෙම උල්පැන්ගෙයහි ද ප‍්‍රධානියා වේ. පහත මාලය වැව්දිය පිරි තටාකයකි. පැරණි ජල තටාකය අඩි 40 දිගක් ද, අඩි 25 පළලකින් ද සහ අඩි 5 ක ගැඹුරකින් ද යුක්තය. මෙම ජල තටාකයට බැසගත් බිසෝවරු  ස්නානය, ජල ක‍්‍රීඩා, සහ මාලූන්ට කෑම ලබාදීම ආදිය සිදු කළහ. මෙහි සිට කිරිමුහුද මැද පිිටි ජලතිලක මණ්ඩපය දක්වා ගමන් කිරීම සඳහා
කඹවලින් සෑදු පාලමකි.  කි‍්‍ර.ව 1815 වසරේ ඉංග‍්‍රීසීන් විසින් සෙංකඩගල පුරවරයේ රාජකීය ගොඩනැගිලි සියල්ල ගිනි තබා විනාශ කළ අතර, මෙම ගොඩනැගිල්ල ද ඊට අයත් විය. ක‍්‍රි.ව 1857 දී නාන තටාකය ගල් සහ පස් යොදා වසා දැමූහ. ඉන්පසු විශාල කුළුණු සාදා දෙමහල් ගොඩනැගිල්ලක් සාදා පුස්තකාලයක් බවට පත්කර ඉංග‍්‍රීසි නිලධාරීන්, හමුදා නිලධාරීන්, වතු හිමියන්ගේ ප‍්‍රයෝජනයට යොදා ගත්හ. පසු කාලයේ මෙම පුස්තකාලය නඩත්තු කිරීම අපහසු වූ හෙයින් එහි පොත්පත් මහනුවර නාගරික පුස්තකාලයට ලබා දී තිබේ. ඉන්පසු මෑතක් වනතුරු පොලිස් මුරපොළක් වශයෙන් ද යොදා ගැණුනි.

සටහන ඡායාරූප සිසිර කුමාර බණ්ඩාර

Friday, October 28, 2016

කොළඹ පන්සලේ සුන්බුන් මත ඉදි වූ වුල්ෆෙන්ඩාල් පල්ලිය

මුල් කාලයේ ලන්දේසීන් භාවිතා කළ කොළඹ කොටුවේ ශාන්ත පීතර දේවස්‌ථාන භූමියෙහි රජ ගෙදර Queens House (අද ජනාධිපති මන්දිරය) ඉදිකරන්නට නියම විය. එනිසා 1813 දී එම දෙව්මැදුර කඩා දමන ලදී. ඒවන විටත් එම දෙව්මැදුර තුළ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුර මෙන්ම ලන්දේසී ආණ්‌ඩුකාරවරු පස්‌ දෙනෙකුගේ සහ තවත් ලන්දේසි ප්‍රභූන් කීප දෙනෙකුගේම සිරුරු භූමදාන කර තිබිණි. මෙනිසා එකල සිටි එම අයගේ ජීවත්ව සිටින ඥතීන්ගේ අවසරය මත එම සිරුරු කොටස්‌ සහ පැරැණි සොහොන් ගල් වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානය වෙත ගෙන එන ලදී. රාජකීය 19 වැනි සේනාංකයේ නිල රැකවරණය සහිතව පන්දම් එළියෙන් ඒවා ගෙන ආවේ 1813 සැප්තැම්බර් මස හතරවන දිනය.

ඉඟුරු දී මිරිස්‌ ගත්තා වගේ" යන කියමන අපේ භාෂාවට එකතු වූයේ උඩරට සිංහල රජවරුන්, පෘතුගීසීන් ලංකාවෙන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහාය ලබා ගැනීමත් සමඟ උදාවූ තත්ත්වය නිසාය. එය එක්‌ කරදරයක්‌ නැති කර ගැනීමට තවත් කරදරයක්‌ ළංකර ගැනීමක්‌ විය.

මෙම ඉඟුරු දී මිරිස්‌ ගැනීමට මඟ පෑදෙන්නේ ලන්දේසි නාවුකයෙකු වූ ජෝරිස්‌ වෑන් ස්‌පිල්බර්ගන් 1600 දී මඩකලපුවට පැමිණි විට මහනුවර රජකළ පළමුවන විමලධර්මසූරිය රජු ඔවුන් සාදරයෙන් පිළිගැනීමත් සමඟය.

එහෙත් ඉඟුරු දී මිරිස්‌ ගැනීම සඳහා නිල ආරාධනාව කරනුයේ දෙවන රාජසිංහ රජු විසිනි. ඒ 1655 සැප්තැම්බර් මාසයේ ජෝර්ඡ් හල්µaට්‌ නැව් දහසයක පිරවූ දෙදහස්‌ පන්සියයක යුද සේනාව සමඟ ගාලු වරායට පැමිණීමත් සමඟය.




මේ වන විට ලන්දේසීන් පෘතුගීසීන් සතුව තිබු නැගෙනහිර සහ දකුණු වෙරළේ බළකොටුද මීගමුව සහ කළුතර බළකොටුද අත්පත් කරගෙන තිබිණි. ඒ නිසාම කොළඹ පෘතුගීසි බලයද ඇද වැටීමට ආසන්න තත්ත්වයකට පත්ව තිබිණි. කොළඹ කොටුවේ කොටුවී සිටි පෘතුගීසීන්ට හල්µaට්‌ සෙන්පතියා කාලතුවක්‌කු ප්‍රහාර ආරම්භ කළේ 1655 ඔක්‌තෝම්බර් 17 දිනය. ඒ දැන් හල්µa ෙඩ්‍රාaප් හෙවත් සාන්තබස්‌තියම ලෙස හඳුන්වන කඳුගැටය මත සිටය.

සත් වසක්‌ මුළුල්ලේ සිදුකළ ප්‍රහාරය අවසන් වූයේ 1656 මැයි මස 12 දිනය. කොළඹ කොටුව ආරක්‍ෂා කළ පෘතුගීසී භයන්ගෙන් ඉතිරිවූ හැත්තෑ තුන් දෙනෙකු හල්µaට්‌ සෙන්පතියා වෙත ගොස්‌ තමන්ගේ යටත් බව ප්‍රකාශ කළහ.

1656 මැයි මස දොළොස්‌වෙනිදා කොළඹ නගරයට ඉහළින්, ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගමේ කොඩිය ලෙල දෙමින් ලංකා ඉතිහාසයේ තවත් පිටුවක්‌ පෙරළුණි.

පෘතුගීසීන් මෙන්ම ලන්දේසීන්ද (පසුව බ්‍රිතාන්‍යන්ද) තමන් යටත් කරගත් රටවල ධන සම්පත් සූරාකෑම සඳහා තම අවි බලය යෙදවූවා සේම එම රටවල මිනිසුන්ගේ "මොළ සූරා කෑම" සඳහා තම ආගම ව්‍යාප්ත කරන්නට වූහ. මෙහිදී පෘතුගීසීන් ලන්දේසීන්ට පෙර තමන්ගේ ආගමික සිද්ධස්‌ථාන තමන්ගේ බලය ව්‍යාප්තව තිබූ ප්‍රදේශවල ඉදිකර තිබිණි.




ලන්දේසීන් කොළඹ බලය අත්පත් කරගන්නා සමයේ, කොළඹ නගරයේ පෘතුගීසීන් ඉදිකළ දේවස්‌ථාන දහයක්‌ පැවැති බව කියයි. එයින් ශාන්ත පීතර දේවස්‌ථානය පිහිටියේ කොළඹ කොටුවේ ගෝර්ඩන් උද්‍යානය සමීපයේය. කොළඹ කොටුවේ නුතන ජනාධිපති මන්දිරය සමීපයේය. කොළඹ රාජධානිය කරගත් එකම රජවූ කෝට්‌ටේ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුරද තැන්පත් වූයේ කොළඹ කොටුවේ පිහිටි ශාන්ත පීතර දේවස්‌ථාන භූමියේය. මුල් කාලයේදී ලන්දේසීන් මෙම කතෝලික දෙව් මැදුර තමන්ගේ ආගමික කටයුතු සඳහා භාවිතා කරණ ලදී.

ඕලන්ද පෙරදිග ඉන්දිය සමාගම තමන්ගේ ආගමික කටයුතු සඳහා කොළඹ නගරයේ දේවස්‌ථානයක්‌ ඉදිකිරීම ආරම්භ කළේ 1749 දීය. ඒ කොළඹ කොටුව සමීපයෙහි වූ උස්‌ කඳුවැටියක්‌ මතය. එකල මෙම කඳු වැටියට නැගුන විට ජනාකීර්ණ නොවූ මුළු කොළඹ නගරයම දැකගත හැකි විය.

පෘතුගීසීන් එම ස්‌ථානය හැඳින්වූයේ Agoade Loupe යනුවෙනි. ලන්දේසීන් එය හැඳින් වූයේ වුල් ෆෙන් ඩෝල් Voluen daal යනුවෙනි. වෘකයන්ගේ මිටියාවත වෘකයින් සැරසරණ දෙනිය යන්න" එම ලන්දේසි වචනයේ තේරුම විය. පෘතුගීසීන් පැමිණි අවදියේ එම ප්‍රදේශය ලඳු කැලෑවක්‌ විය. කැළණි ගඟ අසබඩ මෝදර වැනි ප්‍රදේශවල බහුලව සිටි නරින් අහර සොයා මෙම පෙදෙසට එකල පැමිණුනි. මෙලෙස පැමිණි නරින් පෘතුගීසීන් හඳුනා ගත්තේ වෘකයන් ලෙසය. වෘකයන් සැරිසරණ දෙණිය යන අරුත ඇති ගෝආ ඩිලිප්" යන පෘතුගීසි වචන ලන්දේසි බසට පෙරලුනේ 'වුල්ෆෙන්ඩාල්' යනුවෙනි. මෙම වුල්ෆෙන්ඩාල් වීදිය 'අද හැඳින්වෙන්නේ ආදුරුප්පු වීදිය' යනුවෙනි.

1774 ලන්දේසීන් ආදුරුප්පු වීදිය කඳු ගැටය මත තමන්ගේ ලන්දේසි පල්ලිය ඉදිකිරීමට ප්‍රථම එහි පෘතුගීසී පල්ලියක්‌ තිබු බවත් Ceylon Francois Valentyn වාර්තාවල සඳහන් වෙයි. නමුත් පසුව එය උඩරට සිට ආ තානාපතීන්ගේ වාසභවනක්‌ ලෙස පැවතුණි.

එයට වෙනස්‌ තොරතුරුත් පිටකොටුව බෝධිය පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී මට දැන ගැනීමට හැකි විය.

ඕලන්ද යුගය ආරම්භවීමට ටික කාලයකට පෙර කොළඹ නගරයේ විශාලම විහාරය පිහිටියේ ආදුරුප්පුවීදිය කන්ද මුදුනේය. හරියටම කිවහොත් අද වුල්ෆෙන්ඩල් පල්ලිය පිහිටි ස්‌ථානයේය. කොළඹ මහා විහාරය යනුවෙන් එය හැඳින් වින.

සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩමවීමෙන් පසු එහි අංකුර අටක්‌ හටගෙන එයින් බෝධීන් වහන්සේ අට නමක්‌ හැදී වැඩුනි. මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ ලංකාවේ ප්‍රදේශ අටක රෝපණය කෙරුණි. එයින් පසුව අනුරාධපුර සිරිමා බෝ සමිඳුන් වෙතින් තවත් අංකුර තිස්‌ දෙකක්‌ හටගෙන එයින් දෙතිස්‌ඵල බෝධීන් වහන්සේ බිහි විණි. එම දෙතිස්‌ඵල බෝධීන් වහන්සේද ලංකාවේ නොයෙක්‌ ප්‍රදේශවලට වැඩමකර රෝපණය කරණ ලදී.

එම දෙතිස්‌ඵල බෝධීන් වහන්සේලාගෙන් එකක්‌ ආදුරුප්පු වීදිය කන්ද මුදුනේ තිබූ මහා විහාරයේ රෝපණය කරන ලදී. පසු කාලයක ඕලන්ද ජාතිකයන් එම විහාරය විනාශ කර ඒ මත ඔවුන්ගේ පල්ලියක්‌ ඉදිකරණ ලදී.

පසු කාලයක කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු කරත්ත සහ රික්‌ෂෝවලින් සිදුවූ යුගයේ ඔවුන්ගේ නැවතුම් පළවූයේ බේරේ වැව අයිනේය. ඔවුන් ආදුරුප්පු වීදිය කන්ද මුදුනේ ඒ වන විටත් තිබූ දෙතිස්‌ඵල බෝධියෙන් පැළයක්‌ ගෙනැවිත් බේරේ වැව අයිනේ රෝපණය කර එයට මල් පහන් පූජා කරන්නට වූහ.

ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේ කොළඹ නගරය විශාල කිරීමේදී කොටුව දුම්රිය ස්‌ථානය සහ මැනිං මාර්කට්‌ (ගබඩාව) සෑදීම සඳහා බේරේ වැව කොටසක්‌ද ගොඩකරන්නට විය. එවිට කරත්ත කරුවෝ සහ රික්‌ෂෝකරුවෝ බේරේ වැව අයිනේ රෝපණය කර තිබු බෝධිය ගෙනවිත් පිටකොටුවේ අද පිහිටි ස්‌ථානයේ රෝපණය කළහ.

එකල පැවැති ඩොරික්‌ ගෘහ නිර්මාණ ශිල්පය අනුව පැති හතරම එක සමාන ග්‍රීක කුරුසියක ස්‌වරූපයෙන්, වුල්ෆෙන්ඩාල් කඳු ගැටය මත ලන්දේසීන් කොළඹ නගරයේ තමන්ගේ ප්‍රථම දේවස්‌ථානය ඉදිකළහ. මෙහි බිත්ති අඩි පහක්‌ පමණ ඝණකම ඇති අතර ඒ සඳහා භාවිතාකර ඇත්තේ කබොක්‌ ගල් සහ හුණු බදාමය. ආරුක්‌කු සඳහා ගඩොල් භාවිතාකර ඇත. මුල් සමයේ එම ආරුක්‌කුවලට පිටතින් පිත්තල ආවරණයක්‌ යොදා තිබුණ බවට වාර්තා වුවත් වර්තමානයේ ඒවා දක්‌නට නැත.

අඩි එකසිය හතළිහක්‌ පමණ උස්‌වූ දෙව්මැදුර වහලයේ මැද කොටස එකල අර්ධ ගෝලාකාර හැඩයකින් යුක්‌තත විය. උළු වෙනුවට එය සෙවිලි වූයේ මිනිරන් ගල් පතුරු වලිනි. එහි හරි මැද රත්රන් ආලේප කළ රිදී නළයක්‌ විය. එය මුදුනේ රන් ආලේප කළ සුළං දිශා දර්ශකයක්‌ සවිකර තිබිණි. 1856 දී සිදුවී අකුණු ගැසීමක ප්‍රතිපලයක්‌ ලෙස මෙම සුළං දර්ශකය විනාශ වූ අතර, අර්ධ ගෝලාකාර හැඩැති වහලයටද හානි සිදුවිය. වර්තමානයේ දක්‌නට ලැබෙන තඹ ඊයම් මිශ්‍ර තහඩු මුදුන් වහලය ඉදි වූයේ එයට පසුවය.

කොළඹ කොටුව ආසන්නයේ උස කඳු ගැටයක පිහිටි මෙම ඕලන්ද පල්ලිය, එදා ඈත සාගරයේ ගමන් කළ නෞකාවලටද හොඳින් දර්ශනය වූ එකක්‌ බව පැවසෙයි. නැව් මඟ සලකුණක්‌ ලෙස මෙම ගොඩනැගිල්ල භාවිතා කර ඇත.

ලන්දේසීන් මෙම වුල්ෆෙන්ඩාල් දෙව්මැඳුර ඉදිකිරීම සඳහා යොදවා ගත්තේ නොයෙක්‌ රටවලින් ඔවුන් රැගෙන ආ වහලුන්වය. කොළඹ වරායේ ඕලන්ද නැව්වල රඳවාගෙන සිටි මෙම වහලුන් මෙම භූමිය සඳහා කැඳවාගෙන පැමිණ ඇත්තේ වරාය සිට ඉදිකළ උමං මාර්ගයක්‌ ඔස්‌සේ ය. විෂ්කම්භය අඩි පහළොවක්‌ වූ මෙම උමං මාර්ගයෙහි ඉහළ කොටස ගඩොල්වලින් ඉඳිකර තිබූ අතර පොළවට පැරැණි කොළඹ නගරයේ මාවත්වල අතුරා තිබු අන්දමේ කුඩා හතරැස්‌ කළුගල් අල්ලා තිබිණි. එක්‌දහස්‌ නමසිය අසු ගණන්වල කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළෙඳ සල අලුතෙන් ඉදිකිරීමේදී මෙම උමං මාර්ගය විවෘත වූ අතර එම මාර්ග ඔස්‌සේ පැමිණි පොලිස්‌ නිලධාරීන් මතු වූයේ වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානයේ අභ්‍යන්තරයෙනි.

1749 ගොඩනැඟීම ආරම්භ කළ වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානය 1757 මාර්තු හයවන දින එහි කැපකිරීමේ පූජාව සිදුකරණ ලදී. පර්සිවෙල් නමැති ඉතිහාස වාර්තාකරු මෙම දේවස්‌ථානය විස්‌තර කරන්නේ කලු නගරයේ (Black Town) ඇති ඉතා ආකර්ශනීය හා වටිනා දේවස්‌ථානයක්‌ වශයෙනි. මුල් යුගයේදී ලන්දේසි ආණ්‌ඩුකාරවරුන් ඉරුදින මෙහෙය සඳහා මෙම දෙවිමැඳුරට පැමිණි අතර ඔවුන් සඳහා කළුවර සහ කළුමැදිරිය දැවයෙන් නිම වූ විශේෂ ආසන තිබූ අතර අද ද ඒවා දක්‌නට ලැබෙයි. එසේම ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගමේ නිලධාරීන් සඳහාද විශේෂ ආසන තිබූ අතර අද ද ඒවා දක්‌නට ලැබෙයි.

එකල ආගමික මෙහෙයන් අවස්‌ථාවේ ශුද්ධවූ බයිබලය කියවීම සඳහා විශේෂ ස්‌ථානයක්‌ විය. ශබ්ද විකාශන යන්ත්‍ර නොතිබූ එම අවිධියේ එහි සිට බයිබලය කියවන විට මුළු දෙවි මැඳුරම ගිගුම් දෙමින් ඇසෙන්නට විය.

පාද තුනේ කනප්පුවක්‌ මත තැන්පත් කර ඇති බෞතීස්‌ම දිය බඳුන මෙම දෙව්මැඳුරේ දක්‌නට ඇති සුවිශේෂ කෞතුක භාණ්‌ඩයකි. තනිකර රීදියෙන් නිමවා ඇති මෙය අඩි දෙකක්‌ පමණ විශ්කම්භයකින් යුක්‌තය. 1664 සිට 1675 දක්‌වා මෙරට සිටි රිප්ක්‌ලොප් වෑන් ගොඑන්ස්‌ ආණ්‌ඩුකාරවරයාගේ බිරිඳවූ එස්‌කර් සලෝමි තම දියණිය ප්‍රසූත කරණ අවස්‌ථාවේ මිය ගියාය. තම බිරිඳ සිහිවීම පිණිස ආණ්‌ඩුකාරවරයා මෙම බෞතීස්‌ම දිය බඳුන පිරිනමන ලද්දේ සිඟිති දියණිය බෞතීස්‌ම කරන අවස්‌ථාවේදීය. මෙයද මුල් කාලයේ තිබී ඇත්තේ කොළඹ කොටුවේ පිහිටි ලන්දේසීන් භාවිතා කළ ශාන්ත පීතර දෙවිමැදුරේය.

මුල් කාලයේ ලන්දේසීන් භාවිතා කළ කොළඹ කොටුවේ ශාන්ත පීතර දේවස්‌ථාන භූමියෙහි රජ ගෙදර Queens House (අද ජනාධිපති මන්දිරය) ඉදිකරන්නට නියම විය. එනිසා 1813 දී එම දෙව්මැදුර කඩා දමන ලදී. ඒවන විටත් එම දෙව්මැදුර තුළ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුර මෙන්ම ලන්දේසී ආණ්‌ඩුකාරවරු පස්‌ දෙනෙකුගේ සහ තවත් ලන්දේසි ප්‍රභූන් කීඵ දෙනෙකුගේම සිරුරු භූමදාන කර තිබිණි. මෙනිසා එකල සිටි එම අයගේ ජීවත්ව සිටින ඥතීන්ගේ අවසරය මත එම සිරුරු කොටස්‌ සහ පැරැණි සොහොන් ගල් වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානය වෙත ගෙන එන ලදී. රාජකීය 19 වැනි සේනාංකයේ නිල රැකවරණය සහිතව පන්දම් එළියෙන් ඒවා ගෙන ආවේ 1813 සැප්තැම්බර් මස හතරවන දිනය.

''In pure portuguese over a king of cotta who was converted to the catholie faith in 1550, who died in 1607''

යන ගලක කෙටූ ලියවිල්ල අනුව 1550 දී පෘතුගීසීන් වෙතින් කතෝලික ආගම වැළඳගත් කෝට්‌ටේ රජු 1607 දී මියගිය බව කියෑවෙයි. ඒ අනුව 1542 - 1581 කාලයේදී කෝට්‌ටේ රජවී සිටි දොන් ජුවන් ධර්මපාල කුමරුගේ ස්‌මාරකය මෙහි තිබෙන්නට ඇති බව සිතිය හැක. නමුත් දැනට එවැනි සිහිවටනයක්‌ එහි නැත.

1765 සිට 1785 දක්‌වා ලංකාවේ ආණ්‌ඩුකාරයාව සිට 1788 පෙබරවාරි හයවන දින මියගිය ඉවාන් විලියම් µල්ක්‌ ආණ්‌ඩුකාරවරයාගේ සිරුර 1762 සිට 1765 දක්‌වා ආණ්‌ඩු කළ 1765 අප්‍රියෙල් මාසයේ මියගිය ලියුබට්‌ ජාන් බැරන් වැන් ඊක්‌ගේ මළ සිරුරද 1751 සිට 1752 දක්‌වා ආණ්‌ඩුකාරයාව සිටි 1752 පෙබරවාරි 25 දින මියගිය ජෙරාඩ් ජෝන් ප්‍රීලන්ඩ්ගේ මළ සිරුරද, 1697 සිට 1702 දක්‌වා ආණ්‌ඩුකාරයාව සිටි 1702 නොවැම්බර් 26 දින මියගිය ජරිට්‌ද හියර්ගේ මළ සිරුරද 1757 සිට 1762 දක්‌වා ආණ්‌ඩු කළ ජාන් ස්‌කෲදර්ගේ මළ සිරුර ද මෙම දේවස්‌ථාන අභ්‍යන්තර භූමියෙහි තැන්පත් කර ඇත.

මෙයට අමතරව එහි ඇති සිරුරු අතර ඡේකබ් හල්ප් කපිතාන්වරයාගේ සිරුර සහ අවසන් ඕලන්ද ආණ්‌ඩුකාරවරයා වූ (1764 - 1796) ජාන් ජෙරාඩ් වෑන් එන්බර්ක්‌ගේ බිරිඳගේ මළ සිරුරද වෙයි.

1807 දී වන්නි පළාත් පිළිබඳ වාර්තාවක්‌ ලියූ කපිතාන් ගොල්ටර්ස්‌ ස්‌තුනයිඩර්ගේ පවුලේ සොහොන් ගැබක්‌ද මෙහි ඇත. එහි කපිතාන් ස්‌කනයිඩර්ගේ මිණිබිරියවූ 1817 ජනවාරි 28 දින මියගිය ලුසියා මාරියා වෑන් කොන්ටිඩ්ගේ සිරුර ඇත. මියයන විට ඇගේ වයස මාස හතකි. 1822 ජුලි 21 දින වයස අවුරුදු 24 සපුරා මියගිය ඩොහානා ගර්ට්‌රූඩාගේද, වයස අවුරුදු දෙකේදී මියගිය කපිතාන් ස්‌කුනයිර්ගේ මුණුබුරා වූ හෙන්රි ස්‌කුනයිඩර් කුක්‌ගේද කපිතාන්ගේ එක්‌ බිරිඳක්‌ වූ සොµsයා මග්දලේනාගේ සිරුරද එහි ඇත. 1830 දෙසැම්බර් 20 දින ඇය මියයන විට ඇයට වයස අවුරුදු තිහකි. 1833 ජනවාරි 11 දින මියගිය චාල්ස්‌ෆෙඩ්රික්‌ බැරන් වෑන් කොන්රඩ් ද කපිතාන් ස්‌කනයිඩර්ගේ බෑණාය.

මෙහි ඇති බොහෝ සොහොන් පලකවල මියගිය පුද්ගලයාගේ උපන් දිනය, මියගිය දිනය, ඥතීන් කීපදෙනෙකු පිළිබඳ විස්‌තර මෙන්ම සමහරක මියයැමට හේතු ද දක්‌වා ඇත.

කෙසේ හෝ වුල්ෆෙන්ඩාල් ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානයේ අභ්‍යන්තර පොළව සම්පූර්ණයෙන්ම ආවරණය වී ඇත්තේ සොහොන් ගල් වලිනි.

වුල්ෆෙන්ඩාල් ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානයෙහි වායු සමනය කළ කුටියක ලන්දේසි යුගයට අයත් පැරැණි පොත් පත් මෙන්ම සුවිශේෂ ලියකියවිලිද ඇත. 1637 නිර්මාණය කළ ලන්දේසි බයිබලයක්‌ ද එහි ඇත.

පීටර් කැනියුට්‌ පෙරේරා

Wednesday, October 26, 2016

කයිමන් දොරකඩ හිටපු සෙලෙස්තිනාලා බලන්න කොළඹ ආපු හැටි

අශෝක කෝවිලගේ ලියා, රෝහණ වීරසිංහ තනුවක් නිමවා, සුනිල් එදිරිසිංහ ලවා ගායනා කරවන ඒ මනරම් මධුර ගීතය සම්පූර්ණයෙන්ම අත්ත-මුත්ත කාලේ ජවනිකාවකි.

සෙලෙස්තිනාලාගේ කාලයේ ගම්පහ පැත්තේ සිට කොළඹ පැමිණි වියෝලිස් ආතා ගැන ආරංචිය ලැබෙත්ම මසිතෙහි පිළිසිඳුණේ අත්ත-මුත්ත කාලේ වගවිත්ති දැන කියාගැනීමේ නොතිත් ආසාවකි. ඒ නොතිත් ආසාව කිසිවකුටවත් නොපෙනෙන්ට පැසක ලාගෙන එක් සති අන්ත ශනිදාවක මා ඒ වියෝලිස් ආතා හමුවීමට යකඩ අසු පිට නැඟුණේ ගම්පහ කිරිඳිවිටට ගොස් උදේ වරුවක්ම ඊට වෙන් කරන්නට සිතාගෙනය.

එය එසේම සිදු වූ නමුත් කරදරයකට තිබුණේ වියෝලිස් ආතාගේ කන් ඇසීම සියයට අනූවකින් පමණ නරක අතට හැරී තිබීමය. මගේ උගුර ලේ රහ වනතුරු ආතා හමුවේ යටි ගිරියෙන් හා උස් හඬකින් ‘සාමීචියේ යෙදීමට’ සිදුවීමය. අවුරුදු අනූවට ඉතා ආසන්න  වීමේ වයස නිසා වියෝලිස් ආතලාට එසේ කාලය තරවටු කරන මුත් හැම ආතා කෙනකුටම එසේ නොවන බව නොදන්නා කිසිවකු නැත.
 http://video.lakdivanews.com/2016/10/blog-post_25.html

මේ  මා සොයා ගත් වියෝලිස් ආතාය. හැඳ සිටියේ රතුපැහැති කමිසයකි. නොකපා තිබූ සුදු රැවුල සිත් සේ දිගුවෙමින් තිබුණේ අපිළිවෙළකටය.
“විවාහය කියන්නෙ තනිකර අපාය. තනිකඩව ඉන්නවාය කියන්නෙ දිවියලෝකෙ.”

වියෝලිස් ආතා තනිකඩයෙකි. තමන්ට දකින්න අහන්න ලැබුණු නොයෙකුත් විනැම්බෑසි කන්දරාව නිසා එසේ නිගමන දෙනවාද, තමන්ට වූ අහිමි වීම්  සියල්ල නිසා එසේ කියනවා දැයි මා දන්නේ නැත.

“මොකෝ පවුලක් පන්සලක් වුණෙ නැත්තෙ?”

හේතුව නිශ්චිතව දැනගත යුතුය.

මේ ඊට පිළිතරු දෙන ආතාය.

“මායි අම්මයි මල්ලියි විතරයි අපේ පවුලෙ හිටියෙ. මල්ලි බැන්දා. අම්මට මළ පෙරේතයෙක් වැහුණා.  ඒකට මං තොවිල් පවිල් කළා. හොඳ කරගන්න බැරි වුණා. මල්ලිගෙ ළමයින්ගෙයි, අම්මලගෙයි වැඩ කළා, කාලෙ ඉගිලුණා. තාත්තෙක් හිටියෙ නෑ.”

අර මළ පෙරේතයා වැහීම  මට මහ අමුත්තකි. හාරා ඇවිස්සිය යුතු තරමේ.

“මේකනේ මහත්තයා. මම අවුරුදු පනහක් හැටක් තිස්සේම කරන්නෙ යක්කු බැඳගෙන වැඩගත්තු එකනෙ. මම අණවිණ, කොඩිවිණ කපන්න නොගිය පළාතක් නෑ. මමයි ජානිසුයි, චාර්ලිසුයි එක්කාසු වෙලා කට්ටඬියෝ හතර දෙනෙකුයි, බෙරකාරයො දෙන්නකුයි අඬගසාගෙන පිදේනි තටු හදාගෙන කරත්තෙන් වගේම පයිනුත් ගියේ බිලිපඬුරු තුනකුත් අරං.”

“බිලි පඬුරු?”

මම ඇසුවේ ඒවා පරණම විය හැකි නිසාය.

“හදිසියේවත් ආතුරයා බිල්ලක් ඉල්ලුවොත් දෙන්නෙ කුකුළෙක් නැත්නම් එළුවෙක්. ඒත් නැත්නං මොනරෙක්. කවදාවත් ආතුරයා වෙන බිලි නම් ඉල්ලන්නෙ නෑ. කොඩිවිණයක් කපන්න මං පාසිකුඩාත් ගිහින් තියෙනවා ඒ කාලේ.”

පරණ කොළඹ ට්‍රෑම් කාර්
හතේ කැලෑසියට පමණක් අස්ගිරිය ඉස්කොලෙ ගිය වියෝලිස් ආතාට ඉන් එහා යන්නට බැරි වුණාය කියන්නේ තම අම්මාට මළ පෙරේකයකු වැසීමය. තොවිල් පවිල්, අණ-විණ, කොඩිවිණ පසෙකින් තබා අපේ සාමීචිය දැන් ආතා කොළඹ ආපු හැටි දෙසට යොමු කළ යුතු යැයි මම සිතුවෙමි.
කරත්තෙන් කොඩිවිණ කපන්න කොළඹත් ගියාද ආතා.

ඒ මගේ හැරවුමයි.

“මට සන්තකේට කරත්තයක් තිබුණෙ නෑ. කුලියටයි කරත්තෙ ගත්තෙ. මායි ජානිසුයි, චාර්ලිසුයි එක්කහු වෙලා කරත්තෙ බඩු පටවාගෙන කොළඹ ගියා, ඒවා විකුණං එන්න.”

මොන බඩුද?

“පොල්, කෙසෙල්, කොස්, දෙල්, වගේම කොස්ගස් හන්දියෙ ලී මඩුවකට පොල් පරාල.”

ඒ ආතා ගැටවර විය පහුවේගෙන එද්දීය. ගොනු බැඳි කරත්තයේ පඩංගුවේ කෑම්බීම් හා වතුරය. සතාට තණකොළ ඇති තරම්මය. උදේ පටන්ගන්න ගමන බිංකළුවර වැටෙන තුරුම ඉවර අහවර වෙන්නේ නැත. කරත්තය දෙපැත්තේ පැද්දි පැද්දී එල්ලෙන ලැන්තෑරුම් දෙකකි. ගමනේ දහවල් වෙද්දී සතා නෑවිය යුතුය. ඊට කැලණියේ පට්ටිය හන්දිය තිබේ.






“පට්ටිය හන්දියට ඒ නම ලැබුණේ ගොනුන් ලෙහුවෙ ඒ හන්දියේම නිසා. අපේ ජානිසුයි, චාර්ලිසුයි දෙන්නා නං කඳානෙ තිබුණු අරක්කු රේන්ද පොළකින් සප්පායනුත් වුණා. මම නං කටේවත් තිබ්බෙ නෑ. මං බීම සදහටම නැවැත්තුවේ එකදාස් නවසිය පනස් දෙකේදී. බීම නතර කළා කළාමයි.
නමුත් අතරමගදී සතේට ගිරවා ලකුණෙ බීඩි දෙකක් අරන් ඉණේ ගහගන්නවා පස්සෙ බොන්න. බුලත් විටත් සෑහෙන්න කෑවා. බත්පතක් කෑවෙ සත දෙකට. ජාඇලෙන්.

අපි කිරිඳිවැටට ගිහින් ජාඇල කඳාන පැත්තෙන් වගේම නුවර පාරෙනුත් කොළඹ ගිහින් තියෙනවා. කොළඹ ගිහිං නිකං කරත්තේ ආවේ නෑ. ගමේ මුදලාලිලාගෙන් ගත්ත ඕඩරුත් පටවාගෙනයි ආවේ. ඒ වගේම අපේ පංසලට විදුලි මෝටරේකුත් ගෙනාවෙ අපි.”

හොර හතුරො එහෙමත් ඉන්න ඇති. කරත්තවලට පනින.

පරණ කොළඹ 
“ඔව් මහත්තයො. හොරු හිටියා මඟ රැකලා. අපි උන්ට කොටන්න කඩුවකුත්  හංගාගෙන අරං තමයි ගියේ ආරස්සාවට. ඒ වුණාට කාටවත් අපි කෙටුවෙහෙම නෑ. දවසක් හොරු පැන්නා නුවර පාරෙන් යන අපේ කරත්තෙට සුද්ද කරන්න බලාගෙන.

එවෙලේ කවුදෝ මහත්තයෙක් එක පාරටම එතෙන්ට කඩාපාත් වෙලා අර හොරුන්ට හොඳට නෙළුවා. තඩිබෑවා. මහහොරාට පයින් දමලා ගැහුවා. හොරු හිස්ලූලූ අත දුවන්න ගත්තා. අපි බැලුවා කවුද මේ චණ්ඩියා කියලා. පස්සෙයි දැනගත්තේ ඒ අපේ අගමැතිතුමා, කියලා. ඒ, ඩී.ඇස්. සේනානායක මැතිතුමා වෙස් මාරුකරගෙන ඇවිත්.”

ආතා විස්තර කළේ තම පිරිස මුහුණ දුන් ඇඟ සලිතකරන තරමේ අත්දැකීමකි.

එතකොට ආතෙ කරත්තෙන්ම කොළඹට සේන්දු වුණා.

“ඔව්. අපි ආවෙ කැලණි ගංතොටේ පාලම්පාරුව ගාවට. බෝට්ටු කිහිපයක් එකට පෙළගහලා ඒවා දම්වැල්වලින් එකට බැඳලයි තිබුණේ. ඒ නිසා ඒකට බෝට්ටු පාලම කියලත් කිව්වා. කරත්තෙ පිටිම්ම ඒකට නැග්ගුවේ සත පහට. අපි නගිනකොට තවත් කරත්ත දෙකතුනකුත් නග්ගලා තිබුණා. ඒක අපූරු හැන්දෑවක්. ගෑස්පහට එනකොට බිංකළුවරත් වැටිලා ටිකක් වෙලා ගතවෙලා.

පාලම් පාරුවෙන් එගං වෙලා අහකලා, යන්න වුණේ කයිමන් දොරකඩට. ඒතැන තමයි ඇතුල්වීමේ දොරටුව. ආපු හැමෝම එතැන තිබුණු ඝණ්ඨාර කුලුන නාද කරන්න ඕන.”

 එදා කයිමන් දොරකඩ
ඇයි එතැන්ට කයිමන් දොරටුව කීවෙ.




එතැන තිබුණේ ශාත්ත ජෝන් ඇළ. ඒකෙ කිඹුල්ලු හිටියා. ලන්දේසි බාසාවෙන් කිඹුලන්ට කීවේ කයිමන් කියලා. ඒ නිසයි එතැන කයිමන් දොරටුව වුණේ. අදත් පිටකොටුවේ ග්‍රෑන්පාස් පැත්තට ගියාම අර කයිමන් දොරටුවෙ ඝණ්ඨාරේ හයිකරපු කුලුණ දකින්න පුළුවන්. වීදියක් ශාන්ත ජෝන් නමින් තිබෙන බවත් දකින්න පුළුවනි. ඉස්සර ශාන්ත ජෝන් ඇළත්, බේරෙ වැවත්, වරායත් ඇළමාර්ගවලින් එකට සම්බන්ධ වෙලා තමයි තිබිලා තියෙන්නෙ. අර කයිමන් දොරකඩෙන් තමයි කොටුවත් පිටකොටුවත් වෙන් වෙලා තිබුණෙ. ඒ ඇළ මාර්ග සුදු මහත්තුරුන්ගෙ කාලෙ වහලා තමයි පාරවල් හැදුවේ.
 එදා කයිමන් දොරකඩ

දැන් ඔය පිටකොටුව දිහා තියෙන හරස් පාරවල් සේරම ඒ කාලේ තිබිච්ච ඇළ මාර්ග.”
ආතාගේ වචන ප්‍රවාහයට තිරිංග නැති සෙයක් පෙනෙයි.

“ලන්දේසි කාලෙ වෙච්ච දෙයක් මං කියන්නං. මං අර ගෑස්පහ හන්දිය ගැන කිව්වානෙ. ඒ ගෑස්පහ හන්දියේ තමයි මුළු කොළඹටම ගෑස් දුන්න කොම්පැණිය තිබුණෙ. ගෙවල් එළිය වුණෙත් වීදි එළිය වුණෙත් ගෑස් ලාම්පුවලින්.

 එදා කයිමන් දොරකඩ
 මේ එහෙම ගෑස් නැති කාලෙ කතාවක්.

මං කිව්වානෙ අර ඇළමාර්ග ගැන කතාවක්. ඒ ඇළ මාර්ගවලින් තමයි එක එක දිහාවලින් කොළඹට රාජකාරිවලටත් වෙළෙඳාමටත් කට්ටිය ආවෙ. තුන්වෙනි යාමේ පැයට කොළඹ ආවේ පාන්දර කළුවරේ. ඔරු පාරුවලින් තමයි කොළඹ ඇතුළෙ ප්‍රවාහනේ තිබුණෙ. ඔරුවකින් හරි පාරුවකින් හරි යන්න තොටුපළවල් තිබුණා අද තියෙන ඔය බස්නැවතුම් පොළවල් ගාණට. ඔරුවෙ ගිහින් බැස්සාම රේන්දරාළට ගාස්තුවක් ගෙවන්න ඕන. ඒ ගෙවලා ඒ ළඟම තියෙන කඬේට ගිහින් හුළු අත්තක් මිලදී ගන්න වෙනවා. හුළු අත්තක් සත දෙකයි. ඇයි ලැයිට් නෑනෙ. ඒ හුළු අත්ත උස්සගෙන වැඩට ගිහින් නිවා තියාගෙන ආයෙම ඒ හුළු අත්තම ගෙදර අරං යන සිරිතක් තිබුණා. ඇයි ඉතින් හැමදාම සත දෙකේ එව්වා වියපෑදම් කරන්න පුළුවනෑ.”

පාරු කතාවෙන් පසු දැන් කොළඹ නගරේ කතාව පටන්ගනී.

 දැන් කයිමන් දොරකඩ


 දැන් කයිමන් දොරකඩ

“මං අර කිව්වෙ කොළඹ ලැයිට් නැති කාලෙ ගැන නෙ. මේ කියන්නේ ගෑස් ලාම්පු තියෙන කාලෙ. ඒ කාලෙම තමයි කොළඹ ට්‍රෑම් කාර් දිව්වෙ.”
එය රසවත් කතාවක් බව මට පැහැදිලිය.

උස් හඬින් කතාකර වෙහෙස වී සිටියදී මා කළේ අතැති කොළේක ආතාගෙන් අහන්නට ඕනෑ දේ ලියා පෙන්වීමය. ආතා කියනවා වාගේ හතේ කැලෑසියෙන් ඉස්කෝලෙ ගමන කඩාකප්පල් වී තිබුණාට පිරිත් සියල්ල කටපාඩමින් කිව හැකිවා වගේම ඕනෑම ජාතක කතාවක් වුවත් මතකෙන් කීමට දක්ෂපක්ෂකම් ඇත්තෙකි. ඒ පමණක් නොව ලියා ඇති ඕනෑම දෙයක් කියවිය හැකිය. දිනපතා ලංකාදීපය ආතාට නැතිවම බැරි වී ඇත්තේද ඒ අනුවය. මගේ ලියවිල්ද ආතාට ගැටලුවක් නැති බව මම කලින්ම දැන සිටියෙමි. මේ පිළිතුරු ලැබෙන්නේ ඒ අනුවය.
කයිමන් දොරකඩ

“බලන්න එපැයි  අපේ මහත්තයො ඒ කාලෙ කොළඹ ලස්සන. ට්‍රෑම් කාර් දිව්වේ පීලි දෙකක් උඩ. හැබැයි ඊට උඩින් විදුලි කම්බිය. ඒවැයි ගමන් ගියේ සෙලෙස්තිනාලා වගේ ඇත්තො තමයි. බෝරිච්චි හැට්ට ඇඳලා, පටචීත්ත කම්බා දවටාගෙන, මූණෙ පුයරු දාලාහෙම වළලු පිරිච්ච දෑතින් ඒ හැඩකාර නෝනලා දැක්කාම හිත ඇදිලා යනවා ඉබේම.”


තරුණ අවධියේ කාටත් දැනෙන හැඟීම් වියෝලිස් ආතාට දැනෙන්නට වීම අරුමයක් නොවේ.

“ට්‍රෑම් කාර් තමයි ඉස්සර කොළඹ හතර වටේට දිව්ව ජනප්‍රියම වාහනේ. දකූණු ආසියාවෙම්ම මුල්ම වතාවට ට්‍රෑම්කාර් දිව්වේ අපේ රටේ. ඒකෙ මංගල ගමන ගිහින් තියෙන්නෙ ග්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලේ ළඟ ඉඳලා තොටළඟ දක්වාය. ගමනට ගතවී ඇත්තේ පැය කාලකි. ඔය ට්‍රෑම් කාර් එන්න කලින් කොළඹ තිබුණේ රික්ෂෝ කරත්තයි. ඒවා ඇදගෙන ගියේ දාඩිය මුගුරු පෙරාගෙන මිනිස්සු. කාලයක් යනකොටනෙ ට්‍රෑම් කාර් ආවෙ. අන්න එතකොට අර අයට රික්ෂෝ රස්සා නැති වුණා. ඉතිං ඒ අය නිකං හිටියෙ නෑ. නොයෙකුත් උදඝෝෂණ කළා. පෙළපාළිත් ගියා. ඒ මදිවාට හැංගිලා ඉඳන් ටෑම් කාර්වලට ගල්මුල් ගැහුවා. ඒ සැරේ ට්‍රෑම් කාර්වලින් මිනිස්සු ගමන් බිමන් යෑම නැවැත්තුවා.

මේ අර්බුදය සල්ලි වියදම් කරලා, ට්‍රෑම් කාර් කොම්පැනියත් එක්කත් රික්ෂෝකාරයන් එක්කත් ඉංගිරිසි ආණ්ඩුව සාකච්ඡා කරලා විසඳා ගත්තා. අර හැංගිලා ගල්ගහපු අය අල්ලාගෙන  ඒ උදවියට දඬුවමුත් දුන්නා. ඊට පස්සේ ආයෙත් කරදරයක් නැතිව ට්‍රෑම්කාර් දුවන්න ගත්තා. ට්‍රෑම් කාර් කොළඹ දුවන්න පටන් ගත්තා වුණාට ඒ අයට ගෙවන ගෙවීම් මදිය කියලා වර්ජනයක් පටන් ගත්තා එකදාස් නමසිය හතළිස් හතර අවුරුද්දෙ. ඒ අරගලයේ සාර්ථක ප්‍රතිඵල රියැදුරන්ට ලැබුණා. නමුත් ඒ ටික කාලයයි. ට්‍රෑම් කාර් වෙනුවට අලුත් බස් ජාතියක් ආවා. ඒවාට කිවුවේ ට්‍රොලි බස් කියලා. මට හරියටම දිනේ මතක නෑ. නමුත් ඒ එකදාස් නමසිය පනහෙ. ඉස්සර ජනගහනයත් අඩුයිනෙ. ඒ හන්දා ප්‍රශ්නත් අඩුයි. ඒ වගේම වටපිටාවත් ලස්සනයිනෙ. හැබැයි ඇතිවුණු දියුණුවේ තරම ගැන පුදුමත් හිතෙනවා.”

වියෝලිස් ආතාගේ දේශපාලනය ගැනත් ටිකක් කථා කළ යුතුය.

“මම මුල ඉඳම්ම හොඳ සමසමාජකාරයෙක්. මගේ ප්‍රියතම දේශපාලනඥයා ඇන්.ඇම්. පෙරේරා. මං ඒ කාලෙ එක ඡන්ද රැස්වීමක්වත් වරද්දන්නෙ නැතිවා වාගේම ඒ කාලෙ වමේ පෙළපාළිවලටත් නොවරදවාම යනවා.”

සමසමාජකාරයකු යැයි කියන මේ වියෝලිස් ආතා යක්ෂයන් හා පෙරේතයන් සමඟ වැඩ කිරීමද, තොවිල්පවිල් ආදිය කිරීමද යන කාරණා මට ඉතිරි වුණු සංයුක්ත අභූත ප්‍රශ්නයකි. එසේම යමක් සිතාගන්නටද පෑදුණූ මඟකි.

එනම් විද්‍යාත්මක සමාජවාදය යැයි කියන්නේ කුමකටද? යන්නයි. ඔවුහු තොවිල් පවිල් කරත්ද?

ආතාගේ පින්තූරය- කතාබහ කළේ - ජගත් රණතුංග 

සුද්දාත් හිස නැමූ මඩුවන්වෙල වලව්ව....

ධම්මික පෙරේරා ලංකාවේ අංක එකේ ධනවතා වුණ හැටි

රාජසිංහ රජු කොළඹදී ඉංගී්‍රසීන් අමතා කළ අවසන් කතාව

උඩරට ප්‍රධානීන් රජුගෙන් බිඳුවා උඩරැටියන් භේද කළ ජෝන් ඩොයිලි

විශේෂාංග

උරුමය

වීඩියෝ

දේශපාලන

Copyright © 2014 lakdiva news