lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Saturday, November 12, 2016

    බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරයාට රස්‌සාව නැති කළ 1915 මරක්‌කල කෝලාහලය

    වෙඩිතබා මැරූ සිංහලයන් දහසකට වැඩියි
    මුස්‌ලිම්වරු විසිපහක්‌ මරුට 
    පල්ලි අසූහයක්‌ ගිනිබත්
    වසර 2500 ක සිංහල බෞද්ධ ඉතිහාසයක්‌ ඇති ශ්‍රී ලංකාවට වර්ගවාදී හෝ ජාතිවාදී අතීතයක්‌න් නැත. දෙමළ රජවරුන් ලංකාව ආක්‍රමණය කළ විට එයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම යනු ජාතිවාදයක්‌ නොව ආක්‍රමණිකයාට විරුද්ධ වීමකි. පෘතුගීසි, ලන්දේසී, ඉංගීS්‍රසි යන ජාතීන් මේ රට ආක්‍රමණය කළ විට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම කිසිදු ආකාරයක ජාතිවාදී ස්‌වරූපයක්‌ ගත් බවට සාක්‍ෂි නැත. බුද්ධාගම වැළඳගත් සැනින් සිංහල ජාතියට අවශෝෂණය වී රට පාලනය කිරීමට කන්ද උඩරට සිටි දෙමළ රජවරුන්ට අවස්‌ථාව ලැබිණ. අවරුදු 2500 ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවෙන් ජාතිවාදී කෝලාහලයක්‌ වාර්තා වූ මුල් අවස්‌ථාව 1915 දී නුවරදී හටගත් 'මරක්‌කල කෝලාහලයයි' ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කොලනියක්‌ වීමට පටන් ගත්තේ 1802 ජනවාරි 01 වැනිදා ය. එංගලන්තයේ තුන්වැනි ජෝර්- රජුගේ ඉංගී්‍රසි හමුදාව, තමිල්නාඩුවේ සිට පැමිණ කන්ද උඩරට පාලනය කරමින් සිටි 'ද්‍රවිඩ' භාෂාව කතා කළ නායක්‌කර් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ අත්අඩංගුවට ගැනීම සඳහා 1817 - 1818 කාලයේදී කළ මෙහෙයුමට මෙරට සිටි මුස්‌ලිම් ජනතාව සහය පළ කළේය.(1) 1815 වන විට ලංකාවේ වෙළෙ¹මෙන් වැඩි කොටසක්‌ ද තවලම් මගින් කෙරුණු භාණ්‌ඩ ප්‍රවාහනයෙන් වැඩි කොටසක්‌ ද මුස්‌ලිම් වෙළෙඳුන් අත විය. ඉස්‌ලාම් ආගම විසින් මත්පැන් පානය තහනම් කර තිබූ නමුත් අරක්‌කු පෙරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වූ පොල් රා මැදීම වැඩි හරියක්‌ම පැවතුනේ මුස්‌ලිම් රා මදින්නන් අතය. බ්‍රිතාන්‍ය පාලකයෝ මැණික්‌ ගැරීමේ සහ (ධීවර වෘත්තියේ නියෑලී) මාළු සැපයීමේ කොන්ත්‍රාත්තු මුස්‌ලිම් ජනතාවට බහුල ලෙස ලබා දුන්හ.(2) ඊට අමතරව දැව සඳහා ගස්‌ කැපීම, රජයේ ඉදිකිරීම් සඳහා කම්කරුවන් සැපයීම, ආහාර සහ ඇසුරුම් සැපයීම, පොල්වතු වගා කිරීම, තෙල් මෝල් පිහිටුවීම, පොල් සහ කොහු විකිණීම, මේසන් වැඩ, (ඔවුහු දක්‍ෂ මේසන්වරු ය.) මුඩු බිම් පනත යටතේ රජයට පවරාගෙන තිබූ ඉඩම්වල කුරුඳු වගා කිරීම, මැණික්‌ කැපීම සහ ඔප දැමීම යනාදිය ද ඔවුන් අත ඒකාධිකාරයක්‌ ලෙස තිබිණ. එහෙත් ඔවුන්ට එක දෙයක්‌ නොදීමට ඉංගී්‍රසි පාලකයෝ වග බලා ගත්හ. ඒ වූ කලී අධ්‍යාපනයයි. එකල ඉංගී්‍රසි අධ්‍යාපනයේ ප්‍රමුඛයන් වූයේ සිංහල, දෙමළ සහ බර්ගර් ජාතිSහු ය. ඔවුන් ඉගෙන ගත්තේ පල්ලි මගින් පාලනය වූ ක්‍රිස්‌ත්‍රියානි විද්‍යායතනවලය. එහෙත් තම ඉස්‌ලාම් ආගම කෙරෙහි මහත් භක්‌තියෙන් සිටි මුස්‌ලිම්වරු ක්‍රිස්‌තියානි පල්ලියේ ඉස්‌කෝලවල ඉගෙනීම ප්‍රතික්‍ෂේප කළහ.(3)


    1915 මරක්‌කල කෝලාහල සමය වන විට මුස්‌ලිම් ප්‍රජාව එක පිලක්‌ ලෙසත් සිංහල, දෙමළ, බර්ගර් ප්‍රජාව තව පිලක්‌ ලෙසත් සිංහල සමාජය තුළ කැපී පෙනුණාහ. එක්‌ පිලක්‌ සතුව තිබූ දේ අනෙක්‌න් පිල සතු නොවීම නිසා පාර්ශ්ව දෙක අතර පිටතට නොපෙනුණ අමනාපයක්‌ විය. දෙමළ සහ බර්ගර් ජාතිකයන් සිංහල කාන්තාවන් විවාහ කර ගත් නමුත් මුස්‌ලිම් ප්‍රජාව තම ආගමෙන් පිට ගැහැනුන් විවාහ කර නොගැනීමට පරෙස්‌සම් වූහ. (4) 1915 මරක්‌කල කෝලාහලය තීරණය වන්නේ ඉහත සඳහන් පසුබිම තුළය.

    අරගලය පටන් ගත් හැටි-

    උඩරට මහ කැරැල්ලෙන් පසු සිංහලයන් සහ සිංහල ජන ප්‍රධානීන් සමග වෛරයෙන් සිටි ඉංගී්‍රසි ආණ්‌ඩුව 1818 නොවැම්බර් 18 වැනිදා විශේෂ ප්‍රකාශනයක්‌ මගින් සිංහල ජන ප්‍රධානීන්ගේ වරප්‍රසාද සහ මහ ජාතියේ ආගම වූ බුද්ධාගමට තිබූ තැන කප්පාදු කළේය.

    මෙය ලංකාව තමන් යටතට පවරා ගැනීමේදී බ්‍රිතාන්‍යයන් විසින් අත්සන් කරන්නට යෙදුණු උඩරට ගිවිසුමට පටහැනිව යැමකි. මේ කප්පාදුව ඉදිරි වසර 100 තුළ ක්‍රමයෙන් වර්ධනය වී 1812 වන විට සිංහලයන්ගේ ඇස්‌ ඉදිරිපිටදීම ක්‍රියාත්මක විය. ඒ මහනුවරදී වාර්ෂිකව පැවැත්වුණු ගම්පොල, වලහාගොඩ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මුස්‌ලිම් පල්ලි ඉදිරිපිටින් යනවිට ඒවාට යාර 100 ක්‌ තබා හේවිසි සහ තූර්ය වාදන නැවැත්විය යුතු බව නුවර සිටින ඉංගී්‍රසි ආණ්‌ඩුවේ දිසාපති මගින් නියෝග කිරීමෙනි.

    ගම්පොල (ගඟසිරිපුර) නගරයට සැතපුමක්‌ ඈතින් පිහිටි වලහගොඩ දේවාලය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් 1236 දී ඉදිකර කතරගම දෙවියන් උදෙසා පූජා කරන ලද්දකි. ඇසළ පුර පසළොස්‌වක පොහොය දවසට දවස්‌ 8 කට පෙර පටන් ගන්නා මේ පෙරහැර පුරා දින 15 ක්‌ පැවැත්වෙයි. අවසන් දිනයේදී දිය කැපීමේ උත්සවය පැවැත්වෙයි. පෙරහැර දිය කැපීමට යන්නේ අඹගමුව පාර නමැති මාර්ගය දිගේ, ගොස්‌ මහවැලි ගඟේ තොටුපළක්‌ වූ පෝරුතොට ට සම්ප්‍රාප්ත වීමෙන් පසුවය. මේ පෙරහැර යන මඟ දෙපස හින්දු, කෝවිල් සහ මුස්‌ලිම් පල්ලි රැසක්‌ තිබේ. මේ යන මාර්ගයෙහි 1890 දී ඉදිකරන ලද මුස්‌ලිම් පල්ලියක්‌ විය. එය ඉදි කළෝ ලංකාවේ වෙරළබඩ ජනාවාස කරගත් ඉස්‌ලාමීය කොට්‌ඨාසයක්‌ වූ "මරක්‌කල" ප්‍රජාවගෙන් පැවැතෙන ජනයා ය. 1912 දී එම පෙරහැර වීථි සංචාරය කරන විට මුස්‌ලිම් පල්ලිය ඉදිරිපිට තූර්යවාදන පැවැත්වුවහොත් පෙරහැරට පහර දෙන බවට මරක්‌කල ප්‍රජාව තර්ජනය කර තිබිණ, ඒ අනුව නුවර මහ දිසාපතිතුමා තූර්යවාදන සම්බන්ධයෙන් තහනම් නියෝගයක්‌ තබනු ලබන්නේය.
    මහනුවර නගරය 

    එම නියෝගය පිළිපැදීමට අකැමැති වූ වලහාගොඩ කතරගම දේවාලයේ බස්‌නායක නිලමේතුමා එම වසරේ (1912) පෙරහැර අත්හිටුවිය. ඊළඟ වසරේÊසැප්තැම්බර් 30 වැනිදා ඔහු නුවර උසාවියට ගොස්‌ දිසාපතිගේ නියෝගයට විරුද්ධව නඩු පැවරීය. නඩුව අසන ලද්දේ නුවර දිස්‌ත්‍රික්‌ උසාවියේ වැඩ බලන විනිසුරු දොස්‌තර ශ්‍රීමත් පෝල් ඊ පීරිස්‌ ය. 1914 මාර්තු 20 වැනිදා නඩු විභාගය පටන් ගත් අතර ජුනි 4 වැනිදා බස්‌නායක නිලමේට පක්‍ෂව තීන්දුව දෙන ලද්දේය. එම තීන්දුවට අනුව වලහාගොඩ දේවාලයේ කතරගම පෙරහැරට තූර්යවාදන වයමින් වීථි සංචාරය කිරීමට අවසර ලැබිණ.

    එහෙත් නුවර මහ දිසාපතිතුමා මේ තීන්දුවට විරුද්ධව ශේ්‍රන්ෂ්ඨාධිකරණයට ගියේය. එම අධිකරණය විසින් දිස්‌ත්‍රික්‌ උසාවියේ තීන්දුව අත්හිටුවන ලදී. එවිට යළි මතු වූයේ වලහාගොඩ දේවාලයේ ඇසල පෙරහැරට පංච තූර්ය නාද පවත්වමින් වීථි සංචාරය කිරීමට නොහැකි තත්ත්වයකි. එවිට බස්‌නායක නිලමේ එංගලන්තයේ රාජාධිකරණය ඉදිරිපිට අභියාචනයක්‌ ගොනු කළේය. දේවාලයේ නීතිඥයා ලෙස කීර්තිමත් බ්‍රිතාන්‍ය නීතිවේදී ශ්‍රීමත් ජෝන් සයිමන් පෙනී සිටියේය. තීන්දුව ලැබීමට තිබුණේ දින කිssහිපයකි. ශ්‍රීමත් ජෝන් සයිමන් දක්‍ෂ නීතිඥයකු නිසා කතරගම දේවාලය දිනන බවට සැක නැති විය.

    ඒ අනුව 1915 වෙසක්‌ පුර පසළොස්‌වක පොහොය වූ 28 වැනිදා වලහාගොඩ දේවාල යේ පෙරහැර පැවැත්විය යුතු බව තීරණය කරන ලදී. පෙරහැර අඹගමුව මාර්ගයේ ගමන් කරන විට පොලිසිය එයට බාධා කළේය. පොලිසිය සමග සිටි මරක්‌කල ප්‍රචණ්‌ඩ කාරීන් කිහිප දෙනෙක්‌ පෙරහැරට ගල් ගසන්නට වූහ. ඇතැම් ගල් පහරවල් ගසන ලද්දේ මුස්‌ලිම් පල්ලියේ පඩිපෙළ මත සිටය. එතැනදී මුළු මහත් මහනුවර පුරාම පැතිරුණ කෝලා හලයක්‌ පටන් ගත්තේය. එම කෝලාහලය සති යක්‌ තුළ කන්ද උඩරට පිහිටි සියලු දුර්ග මාර්ග තරණය කර බස්‌නාහිර පළාතට සහ වයඹ පළාතට ඉක්‌මනින් ළඟා විය. එවිට කලබල වූ ශ්‍රීමත් රොබට්‌ චාමස්‌ ආණ්‌ඩුකාරයා වහාම යුද නීතිය ප්‍රකාශයට පත් කළේය. පාරට පැනගත් පොලිසිය සිංහලයන් දුටු තැන වෙඩි තබා මැරීය. සිංහලයන් 9600 ක්‌ හිරගෙවල්වලට ගාල් කරන ලදී. හිරගෙවල තදබදය ඇතිවන විට වැඩි හරිය මරණ ලදී. මෙම ක්‍රියා මාර්ගයට එරෙහි වෙමින් සිංහල. දෙමළ, මුස්‌ලිම් යන ජාතීන් තුනටම අයත් උගත්තු විරෝධතා ව්‍යාපාර පටන් ගත් අතර රොබට්‌ චාමස්‌ ආණ්‌ඩුකාරයා ආපසු බ්‍රිතාන්‍යයට කැඳවා ගැනීමට එංගලන්තයට සිදු විය. ඉන්පසු ඔහු ලංකාවේ ආණ්‌ඩුකාර තනතුරින් පහ කරන ලදී.

    කෝලාහලය අතරතුර සිංහලයන්ගේ අමද්‍යප ව්‍යාපාරයට පාඩමක්‌ උගැන්වීමට රොබට්‌ චාමස්‌ගේ ආණ්‌ඩුව තීන්දු කළේය. අමද්‍යප ව්‍යාපාරය නිසා ඉංගී්‍රසි ආණ්‌ඩුවේ අරක්‌කු රේන්දකාරයන්ට සහ අරක්‌කු වෙළෙ¹මට පහර වැදී තිබිණ. ඒ නිසා අරක්‌කු රේන්දවලින් සහ අරක්‌කු අලෙවියෙන් තමන්ට ලැබෙන්නට නියමිත ආදායම අහිමිවනු ඇතැයි ඉංගී්‍රසි ආණ්‌ඩුව බිය විය. මරක්‌කල කෝලාහලය ඇති කළෝ සිංහල අමද්‍යප නායකයන් බව ප්‍රචාරය කළ ආණ්‌ඩුව කෙළවරක්‌ නැතිව ඔවුන් අත්අඩංගුවට ගන්නට පටන් ගත්හ. බෞද්ධ පරම විඥනාර්ථ සමාගමේ සහ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය නමැති නිර්මාංශ අමද්‍යප සංවිධානයේ නායකයා වූ සමෘද්ධිමත් වෙළෙන්දකු වන ආර්. ඒ. මිරැන්ඩෝ වෙඩි තබා මරණ ලදී. 1854 දී උපත ලැබූ සලාගම කුලයට අයත් ව්‍යාපාරිකයකු වූ ඔහු එවකට කුරුඳු ඉඩම් වැඩිම සංඛ්‍යාවක්‌ හිමි ප්‍රමුඛ කෝටිපතියෙකි. එසේම 1905 දී පිහිටවූ මිනිරන් පතල් හිමිකරුවන්ගේ සංගමයේ උප සභාපති වූයේ ඔහුය. බෞද්ධ පුනර්ජීවනය යනු කාටවත් හිරිහැරයක්‌ නැති ලේබලය යටතේ ඔහු කරගෙන ගිය අමද්‍යප ව්‍යාපාරය කෙරෙහි ද්වේෂයෙන් සිටි ඉංගී්‍රසි ආණ්‌ඩුව නිතර කල්පනා කළේ ඔහු මරණ ක්‍රමයක්‌ ගැනය. ඔහුට දෙවරක්‌ වසදී තිබිණ. එහෙත් ඔහු මරණයෙන් ගැලවින. ඔහුට වෙඩි තැබීමෙන් පසු එංගලන්තයේ සිටි යටත් විජිත භාර ලේකම් වන ආර්. ඊ. ස්‌ටීවන් කියා සිටියේ ඔහු මැරීම දෙවියන්ගේ ක්‍රියාවක්‌ බවය. ඔහු කෝලාහලකරුවන් උසිගැන්වූ බවද ස්‌ටීවන් කීවේය. ඒ අතර, අධිරාජ්‍ය විරෝධී සටනක ගිනි පුපුරු අවුලවමින් සිටි ධනවත් තරුණයකු වූ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්‌ බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත් විය. ඔහු මිනිරන් පතල් සහ රෙදි පිළි වෙළෙඳසල්හිමි පිටකොටුවේ ඩී. ඩී. පේද්‍රිස්‌ගේ එකම පුත්‍රයා ය. තම පුත්‍රයා නිදහස්‌ කරන්නේ නම් ඔහුගේ බරට කැරට්‌ 24 රන් පවුම් දීමට කැමැති බව කියමින් ඩී. ඩී. පේද්‍රිස්‌ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට පණිවුඩයක්‌ යෑවීය. එහෙත් පේද්‍රිස්‌ පුත්‍රයා ජීවත් වුවහොත් සිංහල ජාතික බලවේගය තවදුරටත් හිස ඔසවන බැවින් තමන්ට විය හැකි ව්‍යසනය රන් පවුම්වල වටිනාකමට වඩා වැඩි බව තීන්දු කළ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විශේෂ යුද්ධාධිකරණයක්‌ පිහිටුවා ඔහු වරදකරු කර වෙඩි තබා මැරවීය. රන් පවුම් පොරොන්දුව ගැන ආරංචි වූ තරුණයා මියයැමට ප්‍රථම සිය පියා කැඳවා ඔහුට දොස්‌ නඟන ලදි. තරුණ පේද්‍රිස්‌ගේ මතය වූයේ කිසිදු ආකාරයකින් ඉංගී්‍රසි පාලකයන්ට බාල්දු නොවිය යුතු බවය.

    කෝලාහලයට සම්බන්ධ වූ සිංහලයන් 69 දෙනකුව වෙඩි තබා මරණ ලද බව ඉංගී්‍රසි ආණ්‌ඩුව පැවසීය. එහෙත් මරණ ලද සැබෑ ගණන 1000 ඉක්‌ම වූ බව පසුව හෙළි විය. මෙයට අමතරව සිංහලයන් 412 කට එරෙහිව චෝදනා ගොනු කර ඔවුන් යුද්ධාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එයින් 358 ක්‌ වරදකරුවෝ වූහ. ඔවුන් අතුරින් 83 කට වෙඩි තබා මරණ ලද්දේය. නඩු විභාගයේදී සිංහලයන්ට විරුද්ධව සාක්‍ෂි දෙන ලෙස මුස්‌ලිම් සාක්‍ෂිකරුවන්ට බල කර තිබිණ. ආගන්තුක රටක ආගන්තුක ආණ්‌ඩුවක්‌ යටතේ පාලනය වෙමින් සිටි ඔවුන්ට සිංහලයන්ට විරුද්ධව සාක්‍ෂි දීම හැර වෙනත් විකල්පයක්‌ තිබුණේ නැත.

    1915 කෝලාහලය මුවාවෙන් අත්අඩංගුවට ගත් අය අතර සුවිශේෂී පුද්ගලයෝ වූහ. එක පවුලේ සහෝදරයන් වූ ඩී. එස්‌ සේනානායක, එෆ්න්. ආර්. සේනානායක සහ ඩී. ඩී. සේනානායක එවැනි තිදෙනෙකි. එසේම ඩී. ආර්. විෙ-වර්ධන සහ දොන් බාරොන් ජයතිලක ද කූඩුවට ගියේය. එසේම දොස්‌තර සී. ඒ. හේවාවිතාරණ සහ එඩ්මන්න් හේවාවිතාරණද හිරේ ලැග්ගාහ. ඔවුහු පසුව අනගාරික ධර්මපාල වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණගේ සහෝදරයෝ ය. හිරගෙදර ඉතා අපිරිසිදු වූ නිසා රෝගී වූ එඩ්මන්ඩ් හේවාවිතාරණ හිරගෙය තුළම මළේය. මේ හැමදෙනාම කළ වරද වූයේ මරක්‌කල කෝලාහලයට සම්බන්ධ වීම නොව අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ වීමය.

    1915 කලබලයේදී සිදු වූ ජීවිත හානියට වඩා දේපළ හානිය විශාලය. සිංහලයන්ගේ පහරදීම් නිසා මුස්‌ලිම්වරුන් 25 ක්‌ මියගිය අතර 189 ක්‌ තුවාල ලැබූහ. ස්‌ත්‍රී දූෂණ 4 ක්‌ සිදු විය. මුස්‌ලිම් පල්ලි 17 කට ගිනි තබනු ලැබීය. තවත් මුස්‌ලිම් පල්ලි 86 කට අලාභහානි සිදුවිය. දෙපාර්ශ්වයටම අයත් කඩ 4075 ක්‌ කොල්ල කනු ලැබීය. කඩ 350 කට ගිනි තැබිණ.

    මේ අවාසනාවන්ත ජාතිවාදී ගැටුම ප්‍රයෝජනයට ගනිමින් සිංහලයන් මර්දනය කිරීමට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව ගත් දුෂ්ට සහ අවස්‌ථාවාදී උත්සාහයට විරුද්ධව එවකට තිබූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් විශාල වශයෙන් විරෝධය පළ කළේය. ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවට තෝරා පත් කර ගෙන සිටියේ මෙරට සිටින උගත් ලාංකිකයන්ගේ නියෝජිතයා ලෙසය. ලංකාවේ සිටින යුරෝපීයයන්ගේ නියෝජිතයා ලෙස මන්ත්‍රණ සභාවේ සිටි හැරී ක්‍රීස්‌, ශ්‍රීමත් රාමනාදන්ගේ විරෝධය වෙනුවෙන් පෙනී සිටියේ ය. එහෙත් සිංහලයන්ගේ නියෝජිතයා ලෙස සිටි එස්‌. සී. ඔබේසේකර, රාමනාදන්ගේ හෝ ක්‍රීස්‌ගේ පැත්ත ගත්තේ නැත. සේනානායක සහෝදරවරුන් මරක්‌කල කෝලාහලය මාර්ගයෙන් බොර දියේ මාළු බාන බව ඔහුගේ මතය විය. මේ අතර සිංහල ක්‍රිස්‌තියානි භක්‌තික ඊ. ඩබ්ලිව්. පෙරේරා සිංහලයන්ට වූ අසාධාරණය ගැන කීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට සංදේශයක්‌ භාර දීම පිණිස නැව් නැඟ එංගන්තය බලා ගියේය. ඔහු එම සංදේශය ගෙන ගියේ සපත්තුවේ සඟවාගෙන ය. තමා ගිය නැවට කලින් නැවේ නැඟ එංගලන්තය බලා ගොස්‌ සිටි දොන් බාරොන් ජයතිලක ඔහුට ලන්ඩනයේදී හමු විය. ඒ වන විට බ්‍රිතාන්‍ය ජාතික ලෙනාඩ් වුල්ෆ්න් ද (බැද්දේගම ලියූ ඉංගී්‍රසි ලේඛකයා ය. ඔහු කීර්තිමත් ලේකා වර්ජිනියා වුල්ෆ්න්ගේ පියාය) ලන්ඩනයට පැමිණ සිටියේය. ආණ්‌ඩුකාර චාමස්‌ එම රැකියාවෙන් නෙරපීමට බ්‍රිතාන්‍ය යටත්විජිත කාර්යාලය තීරණය කරන්නේ ලෙනාඩ් වුල්ෆ්න් පෙරටු කරගත් ජයතිලක සහ පෙරේරා දෙපළගේ සාක්‍ෂිවලට සවන් දීමෙන් පසුවය.

    රැකියාව නැති වීම නිසා ලංකාවෙන් පිටවී යැමට සිදු වුවද බලයේ සිටි කාලයේදී රොබට්‌ චාමස්‌ යනු ඉතා ජනප්‍රිය ආණ්‌ඩුකාරයෙකි. බුදු දහම සහ පාලි භාෂාව මනා සේ උගත් ඔහු සිංහල බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා රැසකගේ හිතවතෙකි. ලංකාවට විශ්වවිද්‍යාලයක්‌ අවශ්‍ය බව ඔහු නිතර කීවේය. අවසන් වශයෙන් ගත් කල ඔහුද යටත් විජිත යාන්ත්‍රණයේම ගොදුරකි.

    අනුර සොලමන්ස්‌

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture