lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Friday, November 18, 2016

    කෝට්‌ටේ රාජධානිය පෘතුගාලයට පවරා දුන් දොන් ජුවන්ගේ තෑගි ඔප්පුව

    අද මල්වාන ගැන ජනතා අවධානය යොමුව ඇත්තේ හිමිකරුවකු ඉදිරිපත් නොවීමෙන් පසු රාජසන්තක කරන ලද අක්‌කර දහ හතක උද්‍යානයක්‌ හා සුඛෝපභෝගී නිවසක්‌ කෙරෙහිය. මින් අවුරුදු හාරසිය තිස්‌හයකට පෙර මෙවැනිම ජනතා අවධානයක්‌ මල්වානට හිමි වූයේ ධර්මපාල රජතුමා හා පෘතුගීසි රජු වූ දොන් හෙන්රික්‌ රජු අතර, අත්සන් තැබූ ගිවිසුමක්‌ කෙරෙහිය. කෝට්‌ටේ හත්වැනි බුවනෙකබාහු (1521 - 1551) සහ සෙංකඩගල මහවැඩ උන්තැන හෙවත් පෘතුගීසීන් විසින් දොන් මැනුවෙල් නමින් හැඳින්වූ කරල්ලියද්දේ බණ්‌ඩාර නොහොත් දෙවැනි ජයවීර (1514 - 1542) දෙදෙනාගේ බිසෝවරුන් වූයේ කීරවැල්ලේ පරම්පරාවේ කුමාරිකාවන් දෙදෙනෙකි. බුවනෙකබාහුට සීතාවක සහ රයිගම සිටි ඔහුගේ සහෝදරයන් දෙදෙනාගෙන් මෙන්ම පෘතුගීසීන්ගෙන් එල්ල වූ තර්ජනයන්ගෙන් බේරී ඔහුගේ රාජ්‍ය අණසක රට පුරාම පතුරා හැරීම දුෂ්කර කාර්යයක්‌ බව පෙනී ගියේය. එබැවින් ඔහුගේ උපාය මාර්ගය වූයේ පෘතුගීසීන්ට නම ඇසීමෙන් පවා බියගෙන දුන් ඔවුන් "කෝට්‌ටේ ව්‍යාඝ්‍රයා, තිඹුලේ බණ්‌ඩාර" නමින් හැඳින්වූ වීදිය බණ්‌ඩාරයන්ට තම එකම දුහිතෘ වූ සමුද්‍රd බිසෝ බණ්‌ඩාර හෙවත් කුරුබිසෝ බණ්‌ඩාර නොහොත් සමුද්‍රdදේවිය නමින් ඉතිහාසය හඳුන්වන කුමරිය විවාහ කොට දීමය. නමුත් බවුනෙකබාහු තම දියණිය බෑණනුවන් වූ ජුගෝ බණ්‌ඩාරයන්ට පාවා දීමට කලක සිට සිතාගෙන සිටියත් වීදිය බණ්‌ඩාර මාලිගය තුළදීම ජුගෝ බණ්‌ඩාර මරා දැමීය. එවකට කෝට්‌ටේ
    සංඝරාජව සිටි බුද්ධවංශ හිමියන් විසින් ආශීර්වාදකොට වීදිය සිහසුනෙහි තැබීය. සමුද්‍රdදේවිය බිහිකළ පුතා ලොකු බණ්‌ඩාර ධර්මපාලය. ඔහු පෘතුගීසීන් විසින් හඳුන්වන ලද්දේ ලොකුබණ්‌ඩාර නොහොත් පෙරියබණ්‌ඩාර හෙවත් මහබණ්‌ඩාර නමිනි. (පෘතුගීසි තෝම්බු 9 සිට 24) සමුද්‍ර දේවියගෙන් පසුව වීදිය බණ්‌ඩාර මායාදුන්නේගේ දුව මහටිකිරි බිසෝ බණ්‌ඩාර ද, දෙවැනි ජයවීරගේ දුව ශාන්තනා දේවිය නොහොත් දොaන මාගරිටා ද බිසව් කොටගෙන ඇත. බලය හා පෙළපත ගෙන යැමට එදා මෙන් අදත් ආවාහ විවාහ සිදුවන බව නොකිවමනාය. බුවනෙකබාහු කෝට්‌ටේ රජු ලෙස එදා පෘතුගාලයේ සිටි තුන්වැනි ජෝන් රජු පිළිගැනීමට සූදානම් බවට සංදේශයක්‌ ඔහුගේ රාජසභාවේ සිටි බ්‍රාහ්මණයකු වූ පණ්‌ඩිත අත 1543.03.12 දින පිටත් කර යෑවීය. එම දූත පිරිස එදා අවුරුද්දක වයසේ සිටි ධර්මපාල කුමරුගේ ඇත්දළෙන් නිම කර රිදීයෙන් ද හිස කොටස රනි න් ද ආලේපිත පිළිරුවක්‌ ද රැගෙන ගොස්‌ ඇත. දොන් ජුවන් නමින් බෞතීස්‌ම කරන ලද්දේ එම පිළිරුවයි. එදා ගෝවට ගිය දූත පිරිස වූයේ දොන් ජාවෝ ද බ්‍රිටෝa කොරයා, පරිවර්තක ඇන්ටෝනියෝ පෙරෙයිරා හා ආරක්‌ෂක ප්‍රැන්සිස්‌ සූසා ද තවරාසා ද විය. ධර්මපාල රජකම හෙබවූයේ 1590 - 1597 දක්‌වා කොළඹ සිටය. ඇතැම් දේශපාලනඥයන් ප්‍රකාශ කරන පරිදි මල්වානේ ගිවිසුම රට පාවා දීමේ ගිවිසුමක්‌ නොව අද ව්‍යවහාරයෙන් ගත් කල රාජ්‍ය තාන්ත්‍රික අවබෝධතා ගිවිසුමකි. ලොකුබණ්‌ඩාර (ධර්මපාල) කෝaට්‌ටේ රජු නිසා ඔහුට රටේ වෙනත් කොටස්‌ ගිවිසුමට ඇතුළත් කිරීමට නොහැකි විය. සිය නැන්දණිය වූ කුසුමාසන දේවියට අයත් ඌව වෙල්ලස්‌ස ඇතුළු සෙංකඩගල රාජ්‍යය හෝ
    උඩරට ඉදිකිරීම් කටයුතු කරන පෘතුගීසීන්
    සිය සොයුරු විජයපාල සටන් මෙහෙය වූ යාපනේ රාජ්‍යයට අත තබා නැත. සිය එක්‌කුස උපන් සහෝදරය වූ
    මායාදුන්නගේ දෙවැනි දුව කුඩා ටිකිරි බිසෝ බණ්‌ඩාර පාවාගෙන සිටි විජයපාල කුමරු එවකට සටන් මෙහෙය වූ යාපනේ රාජ්‍යයට ද අත තැබුවේ නැත. ඒවා නිදහස්‌ රාජ්‍යයන් සේ තිබීමට ඉඩ හැර ඇත. විජයපාල 1555 දී නල්ලූර්හි සටන් බිමේදීම මිය ගියේය. බලය පරම්පරාවෙන් ආ උරුමයක්‌ වෙතත්, ජනතාවගෙන් ලබාගත්තත් එය ලබාගත් අය බලය තමාගෙන් ගිලිහී යා නොදී රැක ගැනීම සඳහා කැපවන බව ඉතිහාසය අපට කියා දෙන පාඩමයි. නූතන ලංකාවේ ද බලය ලබාගත් අය නොයෙක්‌ ගිවිසුම් පොරොන්දු උපක්‍රම යොදා බලය රැකගන්නා බව අප දැක ඇත. ඇතැමුන් පවසන අන්දමට මල්වානේ ගිවිසුම රට පාවාදීමක්‌ නම්, රජය පවත්වාගෙන යැමට එදා පැවති අවිනිශ්චිත හා අනාරක්‌ෂිත තත්ත්වයට මුහුණ දීමට දහතුන්වැනි සංශෝධනය ගෙන ආ පාලකයනුත් දහතුනට ප්ලස්‌


    (13 Ý) දෙනවා කියා බලය ලබාගත් හා රැකගත් නායකයනුත් දොන් ජුවන් ධර්මපාලලා ද? බොහෝ අය කියවා හෝ දැසින් දැක නැති පෘතුගීසි භාෂාවෙන් ලියා ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇති මල්වානේ ගිවිසුමේ සිංහල පිටපතක්‌ පාඨකයන්ගේ දැන ගැනීම සඳහා මේ සමඟ ඇත. ගිවිසුමෙන් දේශපාලන වාසි හා ගැලරියෙන් ඔල්වරසන් හඬ නන්වන අයටත් මෙය කියවා බැලීමට ඇරයුමක්‌ කරමි.

    දොන් ජුවන් ධර්මපාලගේ තෑගි ඔප්පුව

    මෙහි පහත පළවෙන ලිපිය වනාහි පැරැණි පෘතුගීසි ඔප්පුවක සිංහල පරිවර්තනයයි. ඒ ඔප්පුව රිබෙයිරෝ නමැති ප්‍රතිකාල් ග්‍රන්ථ කර්තෘවරයා විසින් ලක්‌දිව ගැන ලියන ලද ඓතිහාසීය සටහන්වල අවසානයෙහි දක්‌වා තිබේ. රිබෙයිරෝගේ ඒ ග්‍රන්ථය පෘතුගාලයේ ලිස්‌බන් නුවර "ඇකඩැමියා රියල්ඩෑස්‌ෂයන්ෂියස්‌" නමැති විද්‍යාලය මඟින් 1836 දී මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කරන ලදී.

    ලක්‌දිව රජතුමාගේ අන්තිම කැමැත්ත වශයෙන් සාදන ලද ඒ ඔප්පුව ගැන රිබෙයිරෝ විස්‌තරයක්‌ ද දක්‌වා තිබේ. ලංකාවේ සිංහාසනය එවකට දැරූ රාජයා වන දොන් ජුවන් ඔහුට අයත් සියලුම දේපළවලට ඔහුගෙන් පසු ප්‍රතිකාලයේ රජු උරුමක්‌කාරයා කොට තැබූයේ යෑයි රිබෙයිරෝ කියයි. සිංහල නරවීරයාගේ ඒ නියමයේ හැටියට ලක්‌දිව මුළු පාතරටටම අසහාය ස්‌වාමිකම ප්‍රතිකාල් රජුට අයත් කරන ලද බැව් පෙනේ. දොaනා කත්රිනා නමැති සිංහල රජ බිසොවට සෙංකඩගල නුවර සහ ඌව දිසාව ද අයත් කරන ලදී. එවකට යාපා පටුනු රාජ්‍යය එහිම රජකු විසින් අනුශාසනා කරන ලද්දේ විය. මෙසේ පෘතුගීසීන්ට සිය රජය භාර දුන් රජුගේ නම ඒ ලියවිල්ලෙහි සඳහන් වී තිබෙන්නේ "පෙරියපන්ඩාර" යනුවෙන්. මෙය දෙමළ පරිවර්තකයන් විසින් කරන ලද පෙරළීමකැයි සිතිය හැක.

    තෑගි ඔප්පුව

    දෙවියන් වහන්සේගේ නාමයට ගෞරව වේවා

    සියලු දෙනාම මෙයින් දැනගත යුතුයි

    අපගේ ස්‌වාමි දරු වූ ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උත්පත්ති වර්ෂයෙන් 1580 ක්‌ වූ මේ වර්ෂයෙහි අගෝස්‌තු මස 12 වැනි දා ලංකාද්වීපයේ කොළඹ නම් නගරවරයෙහි කොටුව තුළ දොම් ජෝම් නමැති මහෝත්තම කුමාරයාණන්ගේ වාසභවනයෙහි දී ශ්‍රී ලංකා රාජ්‍ය ශ්‍රී පදප්‍රාප්ත යන අර්ථයෙහි තද්භව ප්‍රකෘතියකි. තීර්ථාර්ථයෙනි වූ කලී නිෂ්පන්නයයි සලකනු ලැබේ. තීර්ථයට නම් වූ එබඳු ආසන්න රූප ඇති ශබ්දයක්‌ මාතෘභාෂාවල නොලැබෙන හෙයිනි. මෙයින් සැලකිය යුත්තේ නිsෂ්පන්නයෑයි වෙන්කරනු ලබන බොහෝ ශබ්දයන් මාතෘභාෂාගත ශබ්දයන්ගේ මිශ්‍රත්වය මුළුමනින් නොලබන්නන් නොවන බවත්, මාතෘභාෂාගත ශබ්දයෙහි නොලැබෙන අර්ථයක කිසියම් හේතු විශේෂයක්‌ ඇසුරුකොට නිපන් බවත්ය. මේ හැර නිරුක්‌තිය නොසෙවිය හැකිසේ බිඳී නිපැයුණු ශබ්ද ද නිෂ්පන්න සංඛ්‍යයෙහිලා ගණනු ලැබෙත්.
     කුසුමාසන දේවිය සහ පෘතුගීසීන්

    ලොකු බණ්‌ඩා (පෙරිය පණ්‌ඩාර්) නමින් යුතු මහ රජාණන් වහන්සේ එකී කොළඹ නගරයෙහි මහා රජ ස්‌වාමීන් වහන්සේගේ ඔප්පු තිරප්පු පිළිබඳ ප්‍රසිද්ධ නොතාරිස්‌ නිලය දරන ඇන්ටෝනියෝ රිබෙයිරෝ නමැති මා අමතා මෙහි මතු සඳහන් වන නම් ඇති සාක්‌ෂිකාරයන් ඉදිරිපිට දී මෙසේ ප්‍රකාශ කර වදාළසේක.



    මගේ මුත්තණු වූ ලංකා රාජ්‍යශ්‍රි පද ප්‍රාප්තව ස්‌වර්ගත භුවනෙකබාහු මහා රාජෝත්තමයාණන් වහන්සේට පුතුන් නොසිටි බැවින් ද ඒ මහරජතුමන් වහන්සේ ස්‌වකීය ජීවිත කලය තුළ දී මා තමන් වහන්සේගේ පුත්‍රයකු සහ උරුමක්‌කාරයා මෙන් ඇතිදැඩිකරගත් බැවින් ද ප්‍රතිකාලයේ සිංහාසනාරූඪ ශුද්ධ නාමධාරී තුන්වැනි දොම් ජෝම් නරෙශ්වරයාණන්ගේ බලය පිට ලක්‌දිව රාජ්‍ය ශ්‍රී සම්පත්තියට මම පැමිණියෙමි. දැනට අත්හැර දමන ලද ප්‍රධාන අගනුවර වූ කෝට්‌ටේ රාජධානිය ද මගේ මුත්තණු වූ එකී භුවනෙකබාහු මහ රජතුමාණන් වහන්සේට මෙන්ම මට ද අයිති විය යුතු නමුත් සීතාවක රජු වූ මායාදුන්නේ සහ ඔහුගේ පුත්‍ර රාජු නමැත්තාත් දුෂ්ට ලෙස සහ නීති විරෝධී ලෙසත් මේ කොළඹ නගරය හැර මට අයත් සෙසු සියලු රාජධානි අවුරුදු කීපයකට පෙර අල්ලා ගත්හ. ඒ කොළඹ රාජධානිය පවා ආරක්‌ෂාකර දෙන ලද්දේ ස්‌වකීය ප්‍රතිරාජවරුන් සහ කපිතාන්වරුන්ගේ මාර්ගයෙන් ප්‍රතිකාල් රජදරුවන් විසිනි. ඉහත කී රාජධානි ද මට ආපසු ලබදීමට මේ ප්‍රතිරාජවරු සහ කපිතාන්වරු සියලු කල්හිම උත්සාහ කරන නමුත් එතුමන්ලාට වෙනත් සංග්‍රාමවලට මුහුණ පාන්නට වී තිබෙන නිසා එය තවම කරගත නුහුණේය. එයට බාධා ඇති කරන තවත් කරුණක්‌ නම් ඉන්දියාවේ තත්ත්වය මහත් පිරිහීමට ද දිළිඳු බවට ද පැමිණ තිබීමයි. ඉහත කී සිංහල මහරජු මා දැනට මහලුව ජරාජීර්ණව සිටින හෙයින් ද මට අයත් රාජ්‍යසම්පත්තිය මගේ ඇවෑමෙන් හිමිවීම පිණිස මට පුතකු හෝ උරුමක්‌කාරයකු නැති බැවින් ද ප්‍රතිකාලයේ රජදරුවන්ගෙන් මට ලැබුණු උදව් උපකාරවලට මා ඒ මහරජවරුන්ට ණයගැතිව සිටිනා බැවින් ද විශේෂයෙන්ම එතුමන්ලා විසින් ලියවිලිවලින් අවවාදානුශාසනා කළ කාරණය පමණක්‌ නොව ශාන්ත ප්‍රැන්සිස්‌ පන්තියේ පියවරුන්ගෙන් උපදෙස්‌ ලැබීමට කියා තිබුණෙන් මට ශුද්ධවූ කතෝලික භක්‌තිය වැළඳ ගන්ටත් එහි ආලෝකයත් ඥනයත් ලබාගන්නටත් අවකාශ ලැබුණෙන් එයින් මට දෙවියන් වහන්සේගේ මහනුකම්පාව ලැබී මගේ ආත්මය ගලවා ගන්නට හැකිවන බැව් විශ්aවාස නිසා මා එය ලෞකික වූ සියල්ලටම වඩා උසස්‌කොට සලකන බැවින් ද, ඒ හැර එකී රජදරුවන්ගේ ප්‍රතිරාජවරු කපිතන්වරු ආදී නියෝජිතයන් ස්‌වකීය භාණ්‌ඩාගාරයෙන් වන මහත් වියදමක්‌ කපිතන්වරු සහ වෙනත් පෘතුගීසීන් බොහෝ දෙනා විනාශ වී යැමක්‌ නොතකා මගේ සතුරන් වූ මායාදුන්නේ සහ රාජු ආදීන් සමග යුද කිරීමෙන් මගේ රාජකීය අයිතිවාසිකම් රැක දෙන්නට ස්‌වකීය රජුන්ට දක්‌වන සියලු ගරුබුහුමන්ම මට දක්‌වමින් උත්සාහ කරන බැවින් මා එකී ප්‍රතිකාල් රජදරුවන්ට වැඩිදුරටත් ණයගැතිව සිටින බැවින් ද, මේ සියලු කාරණයන් නිසාද වෙනත් සැලකිය යුතු දේවල් නිසාද දැනට ප්‍රතිකාලයේ සිංහාසනාරූඪව රජ කරන දොම් හෙන්රික්‌ මහරජාණන්ට සහ ඔහුගෙන් පසු සිංහාසනය ලබන රාජ පරම්පරාවටද මගේම තනි නිදහස්‌ කැමැත්තෙන් හොඳ හිතින් මට අයත් සියලුම රාජධානි සම්පූර්ණයෙන්ම තෑගිකොට දීමට මම අධිෂ්ඨාන කර ගත්තෙමි. එබැවින් මම ඒ රාජධානී එකී ප්‍රතිකාල් රජදරුවන්ට මෙයින් ත්‍යාග කොට නියම වූ සියලු අයිතිවාසිකම් එකී දොම් හෙන්රික්‌ මහරජු සහ ඒ රජු ඇවෑමෙන් සිංහාසනයට හිමිවන සියලු රජදරුවන්ට ද මගේ මරණින් පසු ලැබෙනසේ පවරා දෙමි. තවද එකී මා අයත් රාජධානි මා විසින් මෙතෙක්‌කල් භුක්‌තිවින්දාක්‌ මෙන්ද මගේ මුත්තණුවූ ද භුවනෙකබාහු මහරජාණන්ගේ ඇවෑමෙන් මට අයිතිවූවක්‌ මෙන්ද එකී පෘතුගීසි රජදරුවන්ට නියත ලෙසට පැවරෙන්නාහ. ඒ රජදරුවන්ට හැකි නම් ඊටත් වඩා හොඳින් මේ රාජධානි අයත් කරගෙන ඔවුන්ගේම දෙයක්‌ මෙන් මනාපයක්‌ කර ගැනීමට හැකි ලෙසද, දැනට නීති විරෝධී ලෙස එකී රාජධානි අල්ලාගෙන සිටින ඒ හතුරන්ගේ බලය එකී රාජධානී මේ තෑගි ඔප්පුවෙන් නැතිකොට මේ දිවයිනේ පෙර සිටි රජදරුවන් අභිභවා කෝට්‌ටේ රජුන් විසින් එකී රාජධානිවල ස්‌වකීය බලය පතුරවාගෙන සිටියාක්‌ මෙන් එකී ප්‍රතිකාල් රජවරුන්ට ද නීත්‍යනුකූලව සතුරන් සමඟ යුදකොට ඒ රාජධානි අයිතිකරගත හැකිවන ලෙසද පවරා අයිතිකොට දෙමි.

    මගේ මේ කැමැත්ත මේ දායාදය හැම අයුරින්ම හැම දෙනා විසින් ම කිසිම විරුද්ධත්වයක්‌ නැතිව සම්පූර්ණ කළ යුතු බවද මෙහි යම්කිසි වරදක්‌ පාඩුවක්‌ වේ නම් එය මගේ රාජ බලයෙන් එය නිවැරැදිව සම්පූර්ණ වන බවද, මගේ සතුටට කැමැත්තටත් අනුව සෑදූ එකම ඇස්‌තමේන්තු ලියවිල්ල මෙය බැව් ද ප්‍රකාශ කරනවත් හැර මේ මගේ කැමැත්ත සියලුම නීතීන් අයිතිවාසිකමුත් සිරිත් විරිතු=ත් මෙන්ම වලංගු වෙනවාත් සමග සියල්ලන් විසින්ම සම්පූර්ණ කළ යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කරමි.

    ඉහත සඳහන් ලියවිල්ල මෙහි පෙර කී නම් ඇති නොතාරිස්‌ තැන වන මම මගේ මීට පෙර ලියන ලද පිටපත් සටහන් ඇති මේ පොතෙහි ලියුවෙමි. එකී තෑගි ඔප්පුව සම්පූර්ණ විශ්වාසයෙන් ද සම්පූර්ණ ගෞරවයෙන් ද සියල්ලන් විසින් සැලකිය යුතුය. එසේම සියලු දෙනාම එකී තෑගි ඔප්පුවේ සඳහන් කරනු ඒ ආකාරයෙන්ම හෝ හැකිනම් ඊටත් වඩා හොඳින් හෝ සම්පූර්ණ කළයුතුවා මෙන්ම අන්‍යයන්ලවාද සම්පූර්ණ කරවිය යුතුය. මේ තෑගි ඔප්පුවට ඇතුළත් සියල්ලම එකී මහරජාණන් වහන්සේ විසින් සඳහන් කරන ලද්දේ තමන් වහන්සේගේ ආත්මයේ ශුභ සිද්ධිය පිණිස සහ සියලු දෙනාම අපගේ ස්‌වාමිදරු වූ දෙවිතුමාණන් වහන්සේට සේවය කළ යුතුය යන තමන් වහන්සේගේ වැටහීමේ බර අඩුකර ගැනීම පිණිස බවද නමුත් මේ කරන ලද ක්‍රියාව තමා විසින් කළයුතු දෙයට වඩා බොහෝ ස්‌වල්ප බවද,....
     දොන් ජුවන් ධර්මපාල රජගේ අත්සන

    කෝට්‌ටේ
    ප්‍රකාශ කරන ඒ නරශේ්‍රෂ්ඨයාණන් ඉහත කී දොම් හෙන්රික්‌ ප්‍රතිකාල් මහරජාණන්ගෙන් සහ එතුමගේ ඇවෑමෙන් රාජ්‍යපාද ප්‍රාප්තවන ප්‍රතිකාල් රජදරුවන්ගෙන් ද බැගෑපත්ව ඉල්ලා සිටින දෙය නම් මේ තෙස්‌තමේන්තු ඔප්පුව එකී ප්‍රතිකාල් රජවරුන්ගේ අධිකරණ නායකවරු හෝ එවැනි යතුකම් ඇතිවන යම් මුලාදැනීන් හෝ අතට පමුණුවා ඒ ඔප්පුවෙහි සඳහන් හැම දෙයම හැම දෙනාම ලවා සම්පූර්ණ කරවන්නට කටයුතු සලසන ලෙසටයි. ඉහත සඳහන් කළ කරුණු නිසා තමන් වහන්සේ විසින් මේ ඔප්පුව ලියවූ බව සලකා එහි සඳහන් කිසිදු කරුණක්‌ සම්පූර්ණයෙන් හෝ කොටසක්‌ හෝ සැක කටයුතු බවට නොපිළිගෙන එහි කිසිදු අමුතු විශේෂයක්‌ ද නොකොට එයින් පවරා දෙන ලද අයිතිවාසිකම් එසේම බැව් පිළිගෙන ඉහත සඳහන් අයුරු තමන් වහන්සේගේ කැමැත්ත සිදුවන පිණිස, එය සත්‍ය ලෙස පිළිගන්නා මෙන් ඉහත කී (තෑගි දීමනාකාර) මහරජාණන් වහන්සේ කියා සිටින සේක. ඒ සමගම යථෝක්‌ත රජතුමා ඉතා කීකරු පුත්‍රයකු මෙන් රෝමයේ ශුද්ධ අපෝස්‌තුළුවරයන් වහන්සේට ද අපගේ පෝප්තුමාණන් වහන්සේටද යටහත්ව කියා සිsටින්නේ තමා මේ පරිත්‍යාගය ඉතා පිරිසිදු හිතින් කරන බව සහ අපෝස්‌තුළුවරයන්ගේ ආඥාව සම්පූර්ණයෙන් පිළිගන්නා බවද වේ. එපමණක්‌ නොව තමන් වහන්සේගේ මරණයෙන් පසු මේ ඔප්පුවෙහි සඳහන් සියලු දෙයම සම්පූර්ණ කරන ලෙසද රජතුමා ඉල්ලා සිටී.

    ඉහත කී නරදේවයන් වහන්සේගේ අණ පරිදි මා විසින් ලියා පිළියෙල කරන ලද මේ තෑගි ඔප්පුවට මහරජතුමාණන් වහන්සේ පහත සඳහන් සාක්‍ෂිකාරයන් ඉදිරිපිටදී ස්‌වකීය රාජ මුද්‍රd අස්‌සන තැබූ බව ඉහත නම් සඳහන් නොතාරිස්‌තැන වූ මම මෙයින් සහතික කරමි.

    මීට සාක්‍ෂි -

    දැනට ඉහත කී නගරයෙහි සාන්ත අන්තෝනි පූජා කාලයේ කන්‍යාරාමයෙහි භාරකාර තැනවූ ප්‍රේසෙ බැස්‌ටියන් ඩිවාව්ස්‌ පියතුමා,

    එහිම විකාර්තැන වූ මැනුවෙල් ලුයිස්‌ පියතුමා,

    මේ දිවයිනේ මහෙස්‌ත්‍රාත්තැන වූ ඇස්‌ටෝමි පිගේරා විඩොවර්,

    පේරෝ ජෝර්ඡ් ප්රෑන්කෝ විනිශ්චයකාරතුමා,

    කොළඹ පදිංචි අන්තෝනියෝ ලොරැන්සෝ,

    ඉහත කී මහරජතුමන්ගේ මහ ගබඩා නිලමේ සහ දිසාපති තැන්පත් දොම් ස්‌ටීවන් මුදලි,

    රජ වාසල නිලමක්‌කාර දොම් ඇන්ටම් මුදලි,

    ඇන්ඩ්‍රැ බේජම් මුදලි,

    දොම් ප්‍රන්සිස්‌කෝ ඇන්රීකස්‌ මුදලි

    මෙකී සාක්‍ෂිකාරයන් ඉදිරියේ සහ ඉහත කී මහ රජතුමාණන් වහන්සේ ඉදිරියේද මේ ඔප්පුව කියවා තෝරාදුන් රජතුමාණන් වහන්සේගේ භාෂා පරිවර්තක මුදලි තැන්පත් දොම් ප්‍රනාන්දු මුදලි

    රජතුමාගේ ලේකම් තැන සහ විනිශ්චයකාර තැනවූ ලොරැන්සෝ ප්‍රනාන්දස්‌,

    අපේ මහ රාජෝත්තමයාණන් වහන්සේගේ නාමයෙන් එකී පරිත්‍යාගය පිළිගෙන වදාළ අප රජතුමාණන්ගේ වාසල නිලකාර තැන වූ කපිතන් මැනුවෙල් ද සෝසා

    මේ තැන ඔප්පුව අත් අකුරෙන්ම පිටපත් පොතේ ලියා ඉහත කී මහරජාණන් වහන්සේ සහ සාක්‍ෂිකාරයන් ලවා අත්සන් කරවාගත් නොතාරිස්‌ තැනවන මම එයින් මෙය පිටපත් කොට විශ්වාස ආකාරයෙන් මනා ලෙස පිළිවෙල කොට අපගේ ස්‌වාමි වූ මහ රජාණන් වහන්සේගේ සහ එතුමාගෙන් පසු රාජ පදවියට පත්වන රජදරුවන්ගේද නාමයෙන් එය වැඩිදුරටත් පිළිගෙන මගේ ප්‍රසිද්ධ මුද්‍රdව තබා අත්සන් කළෙමි.

    (ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත වූ 1930 මාර්තු 30 ඉරිදා පළවූ සිළුමිණෙහි 1 වන ඛාණ්‌ඩය 01 වන පත්‍රයෙන් උපුටා ගන්නා ලදී.)

    ඇස්‌. බී. කරල්ලියද්ද

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture