lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Monday, May 1, 2017

    මොහිදින් රවටාගෙන බාබු ප්‍රේමදාස මැරුවේ මෙහෙමයි........ රටේ නායකයා මරන්න කොටි නායකයා සැලසුම් කළහැටි

    ප්‍රේමදාස ජනපතිවරයා බාරගත්තේ රටක්‌ ලෙස නම් කළ, ප්‍රශ්න අභියෝග සහ අභියෝග ප්‍රශ්න පමණක්‌ තිබූ දූපතකි.

    මෙම ප්‍රශ්න අභියෝග ගැටලු කෙසේ හෝ විසඳීම සඳහා ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ට පමණක්‌ ආවේණික විවිධ වූ ක්‍රමවේදයන් පාවිච්චි කළ බව කටකතා සාහිත්‍යයේ අදටත් රැඳී පවතී.

    ආණ්‌ඩුවටත් රටටත් මහා ප්‍රශ්නයක්‌ මහා අභියෝගයක්‌ මහා ගැටලුවක්‌ වූ එල්ටීටීඊ සංවිධානය කෙසේ හෝ විනාශ කර දැමීම සඳහා තමන්ටම අදාළ වූ යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රේමදාස මහතා පසුබට නොවූ බව එවකට සිටි තතුදත් දේශපාලන විචාරකයන් පවසා තිබිණි.

    එහෙත් එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සිටින්නේ ප්‍රේමදාස ජනපතිවරයා තමන්ගේ සංවිධානයට ආධාර උපකාර කරමින් තමන්ගේ සිහින ලෝකය ගොඩනැඟීමට සහයෝගය දක්‌වනු ඇතැයි යන සිතිවිල්ලෙනි.

    එහෙත් තමන්ගේ බුද්ධි අංශ ගෝලයන්ගෙන් ලැබෙන තොරතුරු අනුව ප්‍රේමදාස ජනපතිවරයා කරන්නේ ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබාගෙනම කැපීමක්‌ බව වේලුපිල්ලේ ප්‍රභාකරන්ට වැටහෙන්නේ ප්‍රේමදාස ජනපතිවරයා ගැන තිබූ ළෙන්ගතුකම බද්ධ වෛරයකට පෙරළෙමිනි.

    දැඩි ලෙස කෝපයට පත් කොටි නායකයා තම අපරාධ සංවිධානයේ ප්‍රධාන පෙළේ සහචරයන් කැඳවා සාකච්ඡාවක්‌ පමුණුවන්නේ තමන් විසින් ගන්නා ලද අසීමාන්තික වැරැදි තීරණ අතරට තවත් බරපතළ වැරදි නියෝගයක්‌ ලබාදීම පිණිසය.

    කිසිදු විරුද්ධ අදහසක්‌ මතයක්‌ නැති මෙම සාකච්ඡාව අවසානයේදී එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් තම සහචරයන්ට මෙසේ නියෝගයක්‌ පනවන ලදී.

    "අප සංවිධානය නොමග යවමින් අපට හිතවත් බව අඟවමින් ඉතා කපටි ලෙස අප සංවිධානය විනාශ කරලීමේ උත්සාහයක සිංහල රටේ ජනපති රණසිංහ ප්‍රේමදාස යෙදී සිටින බව අපට දැනගන්නට ලැබී ඇත."

    "එනිසා මා නියෝග කළ අවස්‌ථාවක ඔහු මරා දැමීම පිණිස සුදුසු ක්‍රියාමාර්ග ගෙන සූදානම්ව සිටින ලෙස පොට්‌ටු අම්මාන් ප්‍රමුඛ සන්නද්ධ බළඇණියට මම නියෝග කරමි."

    මේ බරපතළ නියෝගය කෙසේ හෝ ඉටුකිරීමට පොට්‌ටු අම්මාන් ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ ප්‍රේමදාස මහතා ඝාතනය කිරීම සඳහා පිඹුරුපත් සැකසීය.

    මෙම වැරදි සංවිධානයේ බුද්ධි අංශ කණ්‌ඩායම් රටේ සියලු තන්හි විවිධ වෘත්තීන්වල නියෑළෙමින් තම සංවිධානයට තොරතුරු සපයමින් සිටියහ. විශේෂයෙන් බස්‌නාහිර පළාත පුරා සිටින එල්ටීටීඊ බුද්ධි අංශ බහුතරයකට පොට්‌ටු අම්මාන් නියෝග කරන්නේ ප්‍රේමදාස මහතාගේ සියලු තොරතුරු සහිත වාර්තාවක්‌ හැකි ඉක්‌මනින් තමන් වෙතට ඉදිරිපත් කරන ලෙසයි.

    ප්‍රභාකරන්ගේ නියෝගයෙන් දින 100 කට මඳක්‌ අඩු කාලයකදී පොට්‌ටු අම්මාන් වෙත ලැබෙන ප්‍රේමදාස මහතා පිළිබඳ සියලු තොරතුරු අඩංගු දීර්ග වාර්තාව ඉතා සියුම් ලෙස පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව අදාළ වාර්තාවේ "ප්‍රේමදාස මහතා සතු දුර්වලකම්" යන මාතෘකාව පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් වන්නට ඝාතන සැලසුම්කරුවෝ උනන්දු විය.

    එහි සඳහන් වූයේ ප්‍රධාන වශයෙන් ප්‍රේමදාස මහතා සතු දුර්වලකම් දෙකක්‌ පිළිබඳවය. එකක්‌ නම් ඔහු හදිසි තීරණ ගන්නකු බවය.. දෙවැන්න සුවච කීකරු ගෝලයකු වඩාත්ම ළඟින් තබාගෙන සිටින්නකු බවය.. මේ කාරණා පුද්ගලයකු සතු දුර්වලකම් ලෙස එල්ටීටී සංවිධානය සැළකූහ..

    එල්ටීටීඊ කාඩරයෝ මෙම දුර්වලකම පාවිච්චි කිරීමට තීරණය කළේය. ඹවුන් දින තිහකට නොවැඩි කාලයකදී ප්‍රේමදාස ජනපතිවරයාගේ හිතවත් සේවකයා ගැන සොයාගත් තොරතුරු මෙසේ විය.

    "ප්‍රේමදාස මහතාගේ අතවැසියා වන මොහු ඊ.එම්.පී. මොහිදීන් නමැති මුස්‌ලිම් ජාතිකයෙකි. වැඩිදුර අධ්‍යාපනය ලබා නැත. කුඩා කල සිට ප්‍රේමදාස ජනපතිවරයාගේ ළඟම ඉතාම සුවච කීකරු ගෝලයකු ලෙසින් රැඳී සිටියි.

    ඔහුගේ දුර්වලකම් රාශියක්‌ ඇත. ඉන් ප්‍රධාන කොට සැලකිය හැකි වන්නේ මොහු ඉහළ පෙළේ මත්පැන්වලටත් රූමත් කාන්තාවන්ටත් දැඩි ලෙස ලොල්ව සිටීමයි. කිසිම ප්‍රධානියෙක්‌ ගනන් නොගනී. සිංහල රටේ සමහර මැති ඇමතිවරුන් සමහර ඉහළ පෙලේ පොලිස්‌ නිළධාරීන් මොහුට කිසිදු වැදගත් කමක්‌ නැත. එසේම ප්‍රේමදාස ජනපතිවරයාට දැනෙන්නට කිසිදු වරදක්‌ නොකරන්නෙකි.

    මෙම තොරතුරුත් සමග ජනාධිපති ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමේ පස්‌ වැදැරුම් සැළැස්‌ම පොට්‌ටු අම්මාන් ප්‍රමුඛ එල්ටීටී කාඩරයින් සදා නිම කළේය.

    ඩයස්‌ පෙදෙසේ සිල්ලර කඩයක්‌ පවත්වාගෙන යන රාජු නමැත්තෙකු සමග මොහිදීන් වැඩි ඇයි හොඳයියක්‌ පවත්වා ගන්නේ ඔහු "එළකිරි පොරක්‌" ලෙස මෙහිදීන්ට හිතෙන සහ දැනෙන නිසාය. රාජුට මෙම සිල්ලර කඩේ තම පිය උරුමයෙන් ලැබී තිබුණු අතර එය එතරම් විශාල ආදායමක්‌ නැති කඩයකි.

    අවස්‌ථාවක්‌ ලද වහාම සරත් සොයායන මොහිදීන්ට ඉතාම සතුටින් තමන්ට හැකි උපරිමයෙන් සැළකීම සරත් කරන්නේ මොහිදීන්ගෙන් තමන්ට ඕනෑම උදව්වක්‌ ලබා ගැනීමට හැකියාව පවතින බව දන්නා නිසාවෙනි..

    සරත් ගේ කඩේ නිතරම සේවක පුරප්පාඩුවක්‌ ඇත. පැමිණෙන සේවකයන් මෙම කඩේ වැඩිකළක්‌ රැඳෙන්නේ නැත.

    මෙය ප්‍රේමදාස මහතා ඝාතන සැළැස්‌මේ පළමු පියවර තැබීමේ 'හිඩස' විය.

    රටේ ගෙවෙමින් පැවතියේ අවිනිශ්චිත කාලපරිච්ඡේදයකි. භීෂණය උත්සන්නව පැවති යුගයකි. මරණය ඉතාම ලාබ අවධියකි. බාගෙට පිළිස්‌සුණු තරුණ මළමිණී පාර තොටේ බල්ලන් සහ කබරගොයික්‌ කාදමමින් තිබූ කාලයකි...

    ඒ ආසන්න දිනක උදේ දහය පමණ වනවිට වයස 22, 23 පමණ යයි සිතිය හැකි ප්‍රියමනාප මෙන්ම අහින්සක පෙනුමකින් යුතු තරුණයෙක්‌ වටපිට බලමින් සාමාන්‍ය ගමනකින් පැමිණ ඩයස්‌ පෙදෙසේ රාජුගේ කඩේ ඉදිරිපිට හිට ගත්තේය. ඔහු දිගු කලු කලිසමකින් සහ නවන ලද අත් සහිත ලා නිල් පැහැති කමීසයකින් සැරසී සිටියේය. හම් පටි සහිත මදක්‌ පරණ සෙරෙප්පු දෙකක්‌ද ඉස්‌තරම් වර්ගයේ නොවන පරණ බෑගයක්‌ද ඔහු සන්තකයේ පෙනෙන්නට තිබිණි..

    ඔහු තම සාක්‌කුවට අත දමා සිල්ලර කාසි කීපයක්‌ ගෙන කඩේට ගොඩවී "මහත්තයා මට පාන් කාලක්‌ දෙන්න" යයි කැඩුණු සිංහල භාෂාවෙන් ඉල්ලීමක්‌ කලේය.. කාසි කිSපය ගණන්කර ලාච්චුවට දැමූ රාජු ඔහුගේ ඉල්ලීම ඉටු කළේය..

    ඉන් අනතුරුව රාජුට පෙණුනේ කඩේ දොරටුව අසළ පසෙකටවී ඉතා ගිජුලෙස අමුවෙන්ම පාන් කාල කාදමන අර අහින්සක පෙනුමැති තරුණයාගේ දර්ශණයයි... එය කොළඹට ඉතා සාමාන්‍ය දර්ශණයකි.

    පාන් කෑමෙන් අනතුරුව පිටකොටුව පැත්තට පිටව ගිය තරුණයා නැවතත් සවස 2 පමණ වන විට රාජුගේ කඩේට පැමිණ පාන් තිෙබිදැයි විමසීය..

    "පාන් ඉවරයි.." තමුසෙ උදෙත් ආවනේද..!

    "ඔව් මහත්තයා.. මම මේ රස්‌සාවක්‌ හොයනවා.. පුලුවන්නම් මට මේ කඩේ රස්‌සාවක්‌ දෙන්නකෝ.. මම කියන ඕන වැඩක්‌ කරලා දෙන්නම්..."

    හදිසියේම තමන්ගෙන් මේ තරුණ හාදයා කළ ඉල්ලීමට කුමක්‌ කියනවාදැයි රාජුට සිතා ගැනීමට නොහැකිවිය..

    "කොහේ තියෙන රස්‌සාවල්ද ඕයි.. තමුසෙට රස්‌සාවක්‌ දෙන්න තියා මටත් මේකෙන් හරි ආදායමක්‌ නැතිවයි ඉන්නේ...

    "කොහේද තමුසෙගෙ ගම... මොකක්‌ද තමුසෙගෙ නම..."

    "මගේ ගම යාපනේ ගුරුනගර්වල.. මගේ නම කුමාර් කුලසිංහම් වීරකුමාර්.. මට බාබු කියලත් කියනවා...

    මෙළෙස රාජු ගේ කඩේට පැමිණ විවිධ උපක්‍රම භාවිතා කරමින් රාජුගේ හිත දිනා ගැනීමට සමත්වූ 'කුමාර් කුලසිංහම් වීරකුමාර් නොහොත් බාබු' තම සංවිධානය තමන්ට බාරදුන් පළමු නියෝගය ජයග්‍රාහී ළෙස නිම කළේය.

    බාබු රාජුගේ සිල්ලර කඩේ අලුත්ම ගෝලයා ළෙස සේවය කරන්නේ වැටුප් රහිතවය.

    කාලය ගෙවෙමින් පැවතියදී බාබු විසින් අපූරු දින චරියාවක්‌ නිර්මාණය කර ගනිමින් සිටියේය.. උදැසනින්ම බාල්දි ළිඳෙන් නාගැනීමෙන් අනතුරුව කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි කෝවිලකට ගොස්‌ පැයකට ආසන්න කාලයක්‌ දෙවියන් අදහන බාබු සරත් ඒමට පෙර කඩේට පැමිනෙන්නේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි පත්තර තට්‌ටුවකින් එක්‌තරා ද්‍රවිඩ පුවත්පතක්‌ද මිලදී ගැනීමෙන් අණතුරුවය..

    පිරිසිදුවට සිටීමටත් පිරිසිදුවට ඇඳුම් ඇඳීමටත් බාබු නිතර උත්සාහ කළ අතර කඩේ පිළිවෙලටත් පිරිසිදුවටත් තබා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළේය..

    ජනපති ප්‍රේමදාස ඝාතන සැළැස්‌මේ දෙවන පියවර ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින බාබුට මේ අවස්‌ථාව උදා වන්නේ ප්‍රේමදාස මහතාගේ අතවැසියා වන මොහිදීන්ගේ එක්‌ දුර්වලකමක්‌ වූ සැර බීම ගිල දැමීමට ඇති කෑදර කම නිසාය.

    ඒ සඳහා සුදුසු අවස්‌ථාවක්‌ ලද විගස රාජුගේ කඩේට රාත්‍රියේ පැමිණ විස්‌කි බී, බාබු විසින් සදා දෙන කට ගැස්‌ම කා බීමට සහ කෑමට ඇති කෑදරකම සපුරා ගන්නා මොහිදීන්ව, තමන්ගේ හොඳම මිත්‍රයකු කර ගැනීමට බාබු සමත් විය.

    මේ මිත්‍රත්වය කෙතරම් බලවත්වීද යත්, මොහිදීන් විසින් බාබුව සුචරිතයට කැඳවා ගෙන සියලු තැන් පෙන්වා දෙන්නේ ප්‍රේමදාස ජනපතිවරයා පරිහරණය කරන පෞද්ගලික දේවල්ද හඳුන්වා දෙමිණි. එය ප්‍රේමදාස ඝාතන සැළැස්‌මේ තුන්වන පියවර ළෙස සටහන්වී තිබිණි.

    එල්ටීටීඊ සංවිධානය විසින් බාබුට විශාල මුදලක්‌ ලබාදෙන්නේ සැළසුමේ ඉදිරි පියවර සඳහා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු බාගැනීමේ ක්‍රම වේදය ක්‍රියාත්මක කිරීමටය.. නොහොත් නිවැරදිව හතරවෙනි අදියරත් නිම කිරීමටය..

    බාබු රාජුට සහ මොහිදීන්ට පවසන්නේ, තමන්ගේ අම්මා ඉඩමක්‌ විකුණා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරයක්‌ කරගෙන හොඳින් ජීවත්වීමට තමන්ට මේ මුදල් ලබාදෙන බවය. මේ මුදල්වලින් රාජුගේ පැණි බීම ඒජන්සියට ලොරියක්‌ ගත යුතුයයි බාබු යෝජනා කරන්නේ මුදල්වලට ගිජු රාජු අනිවාර්යයෙන් මේ යෝජනාවට කැමතිවන බව දන්නා නිසාය.

    උපාය සාර්ථකවිය. රාජුගේ නමට ගත් බාබුගේ ලොරිය මොහිදීන්ගේ අනුහසින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැණිබීම බෙදාහරින්නේ ආරක්‌ෂක අංශවල වැඩි පර§ක්‌ෂා කිරීම්වලින් තොරවය.

    මොහිදීන් ගේ නම පැවසූ වහාම වැඩිපුර පරීක්‌ෂා කිරීමට එකල ආරක්‌ෂක අංශ එතරම් කැමති වූයේ නැත.

    මෙම ලොරිය භාවිතා කරමින් කොළඹ ප්‍රදේශයට කෙතරම් භයානක අවි අවුද සහ බෝම්බ ගෙනාවාදැයි දන්නේ එල්ටීටීඊයම පමණි.

    අවසාන ඉලක්‌කය වන ජනපති ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමේ නියෝගය දීමට පෙර එල්ටීටීඊ සංවිධානය වෙනත් ඉලක්‌කයන් ගණනාවක්‌ සපුරා ගන්නේ මෙවැනි ක්‍රමවේද මගිනි.

    පොට්‌ටු අම්මාන් ප්‍රමුඛ එල්ටීටීඊ අපරාද කල්ලිය මේවන විට ජනපති ඝාතන උගුල අටවා බොහෝ කල්ය.. නමුත් තම නායකයාගේ නියෝගය ලැබෙනතුරු බලා සිටින්නට ඔවුන්ට සිදුවී තිබිණි..

    භීෂණය සහ ජන පීඩනය සමග 1993 අප්‍රේල් මස විසි තුන්වනදාට හිරු පායා ආවේ ජනාධිපති ප්‍රේමදාස මහතාට අවාසනාවන්ත ප්‍රශ්නයකට මුහුන දීමට සූදානම් කරමිනි.

    ඒ තමන්ගේ ප්‍රධානතම දේශපාලන විරුද්ධවාදියා වූ ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණේ නායක ලලිත් ඇතුලත්මුදලි මහතා 23දා රාත්‍රී 8.50ට පමණ කිරුළපන දේශපාලන රැස්‌වීමකදී ත්‍රස්‌තවාදියකුගේ වෙඩි පහරට ලක්‌ව මියගිය හෙයිණි.

    මේ සියලු කළබැගෑනි අතරේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදී සංවිධානයේ ලොක්‌කා නොහොත් වේලුපිල්ලේ ප්‍රභාකරන්, අධියර 05 කින් යුතුවූ ජනාධිපති ප්‍රේමදාස ඝාතන සැළැස්‌මේ පස්‌වන නොහොත් අවසාන පියවර සක්‍රිය කිරීමට අණ දුන්නේය.

    දුන් අණ ක්‍රියාත්මක කිරීමට ඝාතකයෝ පියවර ගත්තේය. 1993 මැයි 01දා දහවල් දොළහට ආසන්නව තිබිණි.. ආරක්‌ෂක අංශ මගින් මොනම හේතුවක්‌ නිසාවත් ජනාධිපති ප්‍රේමදාස මහතාට වාහනයෙන් බිමට බැසීම නොකළ යුතු බවට විවිධ ආකාරයෙන් පවසා තිබුණත්, විධායක ජනාධිපති බලය ආරක්‌ෂක නියෝගයට වඩා බොහෝ බලවත් හෙයින්, ආමර්වීදියේ පොලීසිය අසළ මාර්ගයේ මැයි දින පෙළපාළිය සෘජුවම මෙහෙයවමින් මහා ජනගඟ අතර ජනාධිපති ප්‍රේමදාස මහතා කඩිසරව ඔබ මොබ යමින් සිටියේය..

    මේ අවස්‌ථාවේදී මැසෙන්ජර්ස්‌ වීදිය ඔස්‌සේ පෙළපාලියට ගැළපෙන ලෙස සරසන ලද පාපැදියක්‌ පැදගෙන කිසිවකු ආමර්වීදියට පැමිණෙමින් සිටියේය..

    ඔහූ, උඩින් ඇඳ සිටි කමීසයට යටින් අධිබල සීෆෝ වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ හතරත් පහත් අතර ප්‍රමාණයක්‌ සහිත බොම්බ ජැකට්‌ටුවක්‌ ඇඳ ඉන්නා බව දන්නේ ඔහු, එල්ටීටීඊ කාඩරයනුත් පමණි.. හෙතෙම, "කුමාර් කුලසිංහම් වීරකුමාර්" නොහොත් "බාබු" නම් විය.. එල්ටීටීඊ සංවිධානයේ වැරදි ගමනට, වැරදි චිත්‍රයට රැවටුණු බාබු නමැති, උම්බලකඩ කැබැල්ලක්‌වත් නොකන මිනිස්‌ බෝම්බය, තව සුලු මොහොතකින් මියයාමට සූදානම්ය.. ඉදිරියෙන් ආමර්වීදිය පොලීසියත්, ඊට ඔබ්බෙන් මහා මාර්ගයේ ප්‍රේමදාස මහතාත්, තමන්ගේ මිත්‍රයා මොහිදීනුත්, ආරක්‌ෂක අංශ නිලධාරීනුත්, මහජනතාවත් දුටු බාබු, ඒ අතර සිටින තමාගේ ඉලක්‌කය වන ප්‍රේමදාස මහතා වෙතට පාපැදිය පදවන ලදී.. ඊට මීටර් තිහකට අඩු වැඩි පරතරයකදී විශේෂ කාර්ය බලකා පොලිස්‌ නිලධාරියකු විසින් බාබු වහාම නවත්වන ලදී...

    ප්‍රේමදාස මහතා අසළම සිටින මොහිදීන්, අවාසනාවට මේ සිද්ධිය දුටුවේය.. තමන්ගේ යාලුවා පෙළපාලියට සහභාගිවීමට, සරසන ලද පාපැදියක නැගී පැමිණෙන හෙයින්, පොලිස්‌ නිලධාරියාට ඔහුට දිගටම පැමිණීමට ඉඩදෙන ලෙස අතින් සන් කොට හැඟෙව්වේය..

    පොලිස්‌ නිලධාරියාගෙන් මිදුණු බාබු, ඉතිරි මීටර් කිහිපය වේගවත් කළේය.. බාබු එන වේගය දුටු මොහිදීන් ජනාධිපතිවරයාගේ ඇගේ හැප්පෙයි යනුවෙන් සිතා වහාම ජනාධිපතිවරයා ඉදිරියට පැන "පැත්තකට වෙයන්.." යණුවෙන් බාබුට කෑ ගැසීය.. එහෙත්, බයිසිකළය ප්‍රේමදාස මහතා අසළම සිටි මොහිදීන්ගේ ඇඟේ හැපුණේය..

    සියල්ලටම ගෙවුනේ තප්පර කිහිපයකි. ආමර්වීදියේ පොලීසිය ඉදිරිපිට බිම වැටීසිටි සිහිය නැති, සිහිය ඇති, තුවාලවූ සහ මියගිය පිරිස විශාලය..

    මොහිදීන්ගේ සිරුර බරපතල ලෙස විනාශවී තිබිණි.. ඒ අසලම ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර බිම වැටී තිබිණි.. ඒ බිමේම, වැඩි හානියක්‌ නොවුණු දනහිසෙන් පහළ කොටස්‌ දෙකක්‌ද, බෙල්ලේන් ඉහළ හිස කොටසද තිබිණි.. ඒ බාබු නමැති මිනිස්‌ බෝම්බයේ ඉතිරි කොටස්‌ය.. කැඩී ඇඹර§ ගිය පාපැදි කොටසක්‌ද අනෙක්‌ සුන්බුන් අතර තිබුණේය..

    මේ පිපිරීමෙන් මියගිය පිරිස දාහත් දෙනෙක්‌ වූහ.. ඒ අතර ඡේෂ්ඨ පොලිස්‌ අධිකාරී ඌරුලියනගේ දොන් රොනල්ඩ් ක්‌ලෝඩ් නිශ්ශංක ගුණසිංහ නොහොත් රොනී ගුණසිංහ, සහකාර පොලිස්‌ අධිකාරීන් වන සරත් මහින්ද, සිරිමල් පෙරේරා යන මහත්වරුන්ගේ මළ සිරුරුද වූහ..

    සිද්ධියෙන් සුළු මොහොතකට පසු, සියලු ජනතාව ඉවත්කර පාර වසා දැමිණි.. රටේ ජනතාවට ශබ්දයක්‌ සමග බෝම්බයක්‌ පිපිරුණු බවට ආරන්චියක්‌ පමණක්‌ ලැබුණු අතර මියගියේ කවුරුන්දැයි හරියටම ප්‍රකාශ නොවීය.. ප්‍රේමදාස මහතාගේ මළ සිරුර ඇතුලු අනෙකුත් මළ සිරුරු වහ වහා ඉවත්කර, එවකට සිටි බළවත් ඇමති තණතුරක්‌ දරූ අයෙක්‌, තමන්ගේ දුර නොදකින අඥණ බව ලෝකයටම ප්‍රදර්ශණය කරමින්, සිද්ධිය සිදුවූ ස්‌ථානය සෝදා හැරීමට උපදෙස්‌ ලබා දුණි..

    හෙතෙම එය කළේ, මැයි පෙළපාලියට කොළඹට පැමිණ තිබෙන රටේ විවිධ ප්‍රදේශවල ජනතාව, ප්‍රේමදාස මහතා මියගිය බව අසා කළබලවී, කුමකින් කුමක්‌ කරාවිද යන සැකය මතය.. එහෙත්, අදාළ ස්‌ථානය සෝදා හැරීමෙන්, ඝාතනය පිළිබඳ තොරතුරු සොයාගැනීමට තිබූ සියලු සාක්‌ෂි සේදී ගොස්‌ තිබිණි..

    අමරසිංහ මාලගේ

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture